මව්සින්රාම් - ලොව වැඩිම වර්ෂාපතනය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    මව්සින්රාම් - ලොව වැඩිම වර්ෂාපතනය

    ජීවමාන පාලම් පිරි ලොව වැඩිම වර්ෂාපතනය ඉන්දියාවේ මව්සින්රාම්

    "මව්සින්රාම් ගම්මානයේ සරුසාර වගාබිම් හී වැඩ කරන කම්කරුවන් බොහෝ විට උණ බම්බු සහ කෙසෙල් කොළ වලින් සාදන ලද ජලයට ඔරොත්තු දෙන ඇඳුම් අඳිති. වඩාත්ම අසාමාන්ය හා අලංකාර දර්ශනය වන්නේ වැසි ජලයෙන් පෙඟී ඇති නිම්න පුරා විහිදෙන “ජීවමාන පාලම්” ය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගම් වැසියෝ විසින් රබර් අත්තික්කා ගස්වල මුල් ස්වාභාවික ආරුක්කු සේ නමා ඇති නිසා කාලයාගේ ඇවෑමෙන් පාලම් බවට පත්ව ඇත. මෙම පාලම්, කාලයත් සමඟ රබර් අත්තික්කා ගස් වල මූල පද්ධති වර්ධනය වන විට ඉතාමත් ශක්තිමත්ව නැගී සිටී."

    පෘථිවියේ වැඩිම වර්ෂාපතනයක් ඇදහැලෙන්නේ මව්සින්රාම් ගම්මානයටය. ඉන්දියාවේ ඊසානදිග කාසි කඳුකරයේ කඳු මුදුනක පිහිටා ඇති මෙම ගම්මානයට වසරකට අඟල් 467 ක වර්ෂාපතනයක් ලැබේ. මේ අධික වර්ෂාපතනයට හේතු වී ඇත්තේ ගිම්හාන වායු ධාරාවන් බංග්ලාදේශයේ පිටාරතැනි හරහා උතුරු දෙසට ගමන් කරන විට ඒවාට තෙතමනය එකතු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වලාකුළු කඳු බෑවුම්වල ඉහල රැඳෙන විට, නිරන්තර වර්ෂාපතනයක් ඇති වේ. ජුනි සහ ජූලි යන මෝසම් වැසි මාස දෙකේ දී සාමාන්‍යයෙන් අඟල් 275 ක වර්ෂාවකින් මව්සින්රාම් තෙත් කරයි - නිව්යෝර්ක් හට වසරකට අඟල් 60 ක වර්ෂාපතනයක් ලැබේ.

    මව්සින්රාම් නගරයට ආසන්නයෙන් කාලගුණ මධ්‍යස්ථානය පිහිටයි. ඒ මගින් මිනුම් මාසිකව ගනු ලැබේ. කෙසේවෙතත්, 2014 අවසන් වන විට ස්වයංක්‍රීය ඩිජිටල් මිනුම් පද්ධතියක් මෙම ස්ථානය වෙනුවට ආදේශ කර ඇත.
    උණ බම්බු සහ කෙසෙල් කොළ වලින් සාදන ලද සාම්ප්‍රදායික කාසි කුඩ මව්සින්රාම් ගම්මානයේ බොහෝ දෙනෙක් පලඳති. ඒවා හඳුන්වන්නෙ "Knups" යනුවෙනි. මේ කුඩ, අත් දෙකෙන් වැඩ කරන්නන් හට වර්ෂාව, හුලඟ ය⁣ටතේ තම කාර්යයේ නිතර වීම පහසු කරයි. මව්සින්රාම් හී බොහෝ කම්කරුවන්ගේ දෛනික වැටුප ඉන්දියානු රුපියල් 300 ක් තරම්ය. ඔවුන් බොහෝ විට සිදුකරන්නේ, මෝසම් සමයේ ඇදහැලෙන අධික වර්ෂාව නිසා ගල් පෙරලී ඇහිරී ඇති මාර්ග පිලිසකර කිරීමයි. වැසි සමය අවසන් වන තුරු සහ කොන්ත්‍රාත්කරුවන්ගේ බර යන්ත්‍රෝපකරණ ගෙන ඒමට හැකි වන තෙක් ඔක්තෝබර් මාසය දක්වා මාර්ග ගමන් කළ හැකි ලෙස තබා ගැනීම මෙම මිනිසුන්ට පැවරී ඇත.

    මව්සින්රාම් ජනගහනයෙන් 70% ක් පමණ කිතුනුවන් වන අතර, බොහෝ දුරට එසේ වීමට ඇත්තේ, 1841 දී බංග්ලාදේශ තැනිතලාවෙන් කඳුකරයට නැඟී පූජක තෝමස් ජෝන්ස් විසින් අසල්වැසි නගරයක් වන චෙරාපුන්ජි හි පිහිටුවන ලද ක්‍රිස්තියානි පල්ලිය නිසා යැයි විශ්වාස කෙරේ. මව්සින්රාම් වැසියන් කඳුකරයේ ඉහල සිට දඩයම් කරනා සතුන්ගේ නැවුම් මස්, විවිධ එලවලු වර්ග රැගෙන වෙළඳපොලවල් වෙත යති. ඒ එලවලු අතර අල, ඉඟුරු, ගම්මිරිස් සහ අඹ, දොඩම් වැනි පලතුරුද අන්තර්ගතයි. ඔවුන්ගෙන් මේ ජීවිතය දුෂ්කර දැයි ඇසූ විට " අපි ඒ ගැන වැඩිය හිතන් නෑ. මොකද මෙහෙට හැමවෙලේම වැස්ස, ඉතිං අපිට ජීවත් වෙන්න මොනාහරි කරන්නම වෙනව. අපිට නන් මේ ගැන මහලොකු පුදුම වෙන්න දෙයක් පේන්නෙ නෑ" යි කියා පිලිතුරු දෙයි. මව්සින්රාම් ගම්මානයට වැඩි වශයෙන් වැසි පැමිණෙන්නේ රාත්‍රී කාලයේදීය.

    -යාත්රිකයාගේ දිනපොතෙන් උපුටාගන්න ලදි-
     
    Attachments

    • 4_1466325148.jpg
      4_1466325148.jpg
      32.1 KB · Views: 186
    • placetosee_1510844669m1.jpg
      placetosee_1510844669m1.jpg
      68.3 KB · Views: 178
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල කිරි තෙඩ් එකක්.. වීඩියෝ එකකුත් add කරපන් youtube එකේ තියනව.
    නිතරම මේ වගේ නුල් දානවා නම් වටිනවා ඉතින් විස්වාසේ දෙන පිම්පියෝන්ගේ ත්‍රෙඩ් වලට වඩා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මව්සින්රාම් - ලොව වැඩිම වර්ෂාපතනය

    ජීවමාන පාලම් පිරි ලොව වැඩිම වර්ෂාපතනය ඉන්දියාවේ මව්සින්රාම්

    "මව්සින්රාම් ගම්මානයේ සරුසාර වගාබිම් හී වැඩ කරන කම්කරුවන් බොහෝ විට උණ බම්බු සහ කෙසෙල් කොළ වලින් සාදන ලද ජලයට ඔරොත්තු දෙන ඇඳුම් අඳිති. වඩාත්ම අසාමාන්ය හා අලංකාර දර්ශනය වන්නේ වැසි ජලයෙන් පෙඟී ඇති නිම්න පුරා විහිදෙන “ජීවමාන පාලම්” ය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගම් වැසියෝ විසින් රබර් අත්තික්කා ගස්වල මුල් ස්වාභාවික ආරුක්කු සේ නමා ඇති නිසා කාලයාගේ ඇවෑමෙන් පාලම් බවට පත්ව ඇත. මෙම පාලම්, කාලයත් සමඟ රබර් අත්තික්කා ගස් වල මූල පද්ධති වර්ධනය වන විට ඉතාමත් ශක්තිමත්ව නැගී සිටී."

    පෘථිවියේ වැඩිම වර්ෂාපතනයක් ඇදහැලෙන්නේ මව්සින්රාම් ගම්මානයටය. ඉන්දියාවේ ඊසානදිග කාසි කඳුකරයේ කඳු මුදුනක පිහිටා ඇති මෙම ගම්මානයට වසරකට අඟල් 467 ක වර්ෂාපතනයක් ලැබේ. මේ අධික වර්ෂාපතනයට හේතු වී ඇත්තේ ගිම්හාන වායු ධාරාවන් බංග්ලාදේශයේ පිටාරතැනි හරහා උතුරු දෙසට ගමන් කරන විට ඒවාට තෙතමනය එකතු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වලාකුළු කඳු බෑවුම්වල ඉහල රැඳෙන විට, නිරන්තර වර්ෂාපතනයක් ඇති වේ. ජුනි සහ ජූලි යන මෝසම් වැසි මාස දෙකේ දී සාමාන්‍යයෙන් අඟල් 275 ක වර්ෂාවකින් මව්සින්රාම් තෙත් කරයි - නිව්යෝර්ක් හට වසරකට අඟල් 60 ක වර්ෂාපතනයක් ලැබේ.

    මව්සින්රාම් නගරයට ආසන්නයෙන් කාලගුණ මධ්‍යස්ථානය පිහිටයි. ඒ මගින් මිනුම් මාසිකව ගනු ලැබේ. කෙසේවෙතත්, 2014 අවසන් වන විට ස්වයංක්‍රීය ඩිජිටල් මිනුම් පද්ධතියක් මෙම ස්ථානය වෙනුවට ආදේශ කර ඇත.
    උණ බම්බු සහ කෙසෙල් කොළ වලින් සාදන ලද සාම්ප්‍රදායික කාසි කුඩ මව්සින්රාම් ගම්මානයේ බොහෝ දෙනෙක් පලඳති. ඒවා හඳුන්වන්නෙ "Knups" යනුවෙනි. මේ කුඩ, අත් දෙකෙන් වැඩ කරන්නන් හට වර්ෂාව, හුලඟ ය⁣ටතේ තම කාර්යයේ නිතර වීම පහසු කරයි. මව්සින්රාම් හී බොහෝ කම්කරුවන්ගේ දෛනික වැටුප ඉන්දියානු රුපියල් 300 ක් තරම්ය. ඔවුන් බොහෝ විට සිදුකරන්නේ, මෝසම් සමයේ ඇදහැලෙන අධික වර්ෂාව නිසා ගල් පෙරලී ඇහිරී ඇති මාර්ග පිලිසකර කිරීමයි. වැසි සමය අවසන් වන තුරු සහ කොන්ත්‍රාත්කරුවන්ගේ බර යන්ත්‍රෝපකරණ ගෙන ඒමට හැකි වන තෙක් ඔක්තෝබර් මාසය දක්වා මාර්ග ගමන් කළ හැකි ලෙස තබා ගැනීම මෙම මිනිසුන්ට පැවරී ඇත.

    මව්සින්රාම් ජනගහනයෙන් 70% ක් පමණ කිතුනුවන් වන අතර, බොහෝ දුරට එසේ වීමට ඇත්තේ, 1841 දී බංග්ලාදේශ තැනිතලාවෙන් කඳුකරයට නැඟී පූජක තෝමස් ජෝන්ස් විසින් අසල්වැසි නගරයක් වන චෙරාපුන්ජි හි පිහිටුවන ලද ක්‍රිස්තියානි පල්ලිය නිසා යැයි විශ්වාස කෙරේ. මව්සින්රාම් වැසියන් කඳුකරයේ ඉහල සිට දඩයම් කරනා සතුන්ගේ නැවුම් මස්, විවිධ එලවලු වර්ග රැගෙන වෙළඳපොලවල් වෙත යති. ඒ එලවලු අතර අල, ඉඟුරු, ගම්මිරිස් සහ අඹ, දොඩම් වැනි පලතුරුද අන්තර්ගතයි. ඔවුන්ගෙන් මේ ජීවිතය දුෂ්කර දැයි ඇසූ විට " අපි ඒ ගැන වැඩිය හිතන් නෑ. මොකද මෙහෙට හැමවෙලේම වැස්ස, ඉතිං අපිට ජීවත් වෙන්න මොනාහරි කරන්නම වෙනව. අපිට නන් මේ ගැන මහලොකු පුදුම වෙන්න දෙයක් පේන්නෙ නෑ" යි කියා පිලිතුරු දෙයි. මව්සින්රාම් ගම්මානයට වැඩි වශයෙන් වැසි පැමිණෙන්නේ රාත්‍රී කාලයේදීය.

    -යාත්රිකයාගේ දිනපොතෙන් උපුටාගන්න ලදි-
    Joka ehema welaganna baruwa athi neda
    Lol