දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා... අම්මා... අම්මා...
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා... අම්මා... අම්මා...
දස මසක් මා කුස දරා හැදු මවුන්
දහ අට වසක් මා නුවනින් පිරවූ මවුන්
යුග දිවියට ආ.. පසු වුවත්
රැක බලා ගැන්ම අප කාගේත් මිනිසත් කමක්
අද සමාජයේ කාර්ය බහුලත්වය,මිනිසා මුදල් පසු පසම පමණක් හබා යෑම වැනි දේවල් නිසා උතුම් මිනිසත් කම තුට්ටු දෙකට වැටෙමින් පවතී.එවන් යුගයක සිටින මා ඔබගෙන් මවගේ උතුම් බව ගෙනහැර පෑමට සුළු වෙලාවක් කැපකර මෙය කියවන ලෙස ඉල්ලා සිටිමි.
ඔබ ඔබේ මවට පියාට වඩා වැඩි ලෙන්ගතු කමක් දක්වනවා නේද ?පිළිතුර ඔව් විය යුතුමය!ඇත්තෙන්ම එය නිරායාසයෙන්ම පිහිටන්නකි.ඇයි එහෙම වෙන්නේ.....යම්කිසි බලවේගයක් ද මව ගුරු කමකින් අපව අල්ලගෙනද ?නැහැ.දස මාසයක් ඔබ කුසේ දරා ගෙන ඔබ කුසේ ඉද්දිත් ඔබව පෝෂණය කිරීමට ඇය වෙහෙස වුණා....ඔබව පරිස්සමෙන් මෙලොවට එලිය දැකීමට ඇය ඔබව කුසේදීත් ආරක්ෂා කලා.ඔබව මෙලොවට දායාද කිරීමට ඇය දැඩි අමාරුවක් වෙහෙසක් සගවා ගත්තා.ඉතින් මේ ආකාරයට ඔබව මෙලොවට දායාද කල මව ගැන ඔබට ලෙන්ගතුකමක් ඇති නොවන්නේ කෙසේද
ඔබට අ යන්න ආ යන්න කියල දීපු මුල් ගුරුතුමී ඇයයි.ඔබට මතක නම් එ දවස ඇගේ මුවගින් ගිලිහුණු එ මුල් ස්වර දිහා අප නෙත් යොමා බලා සිට ඒව මුමුණන්නට අප දරු උත්සාහයන්...!ඇත්තටම එ අවදිය කෙතරම් අපුරුද?ඔබ පාසලට මුලුඉන්ම ඇතුලත් වෙන දවසේ ඇය ඔබව පාසලට බාරදී එහි වටිනාකම් මැනවින් පහදා දුන් අයුරු ඔබට මතකද ?ඔබේ දක්ෂතා මතු වූ සෑම අවස්ථාවකම ඇය ඔබව බදගෙන ඇයගේ සතුට ප්‍රකාශ කල.ඔබේ පරාජයන් හමුවේ ඔබව දිරි ගැන්වීමට ඇය නොගත් වෙහෙසක් නැතුව ඇති.
ඔබ ජීවිතේ පළමු වතාවට රැකියාවකට යන විට ඔබේ ඉදිරිය සරු වෙන්න ඇය ප්‍රර්ථනා කරන්න ඇති...ඔබ ඔබේ මව ඒ ඔබට ලැබෙන පඩියෙන් කොටසක් හෝ ලබා දී ඈ පෝෂණය කලාද ඇය සිතින් ඔබ ගැන ආඩම්බර වෙනවා අනුමානය..!මොකද යත් අද සමාජයේ බොහෝ දෙනා මුදලට ලොබ වූ විට තමා ඒ තත්වයට පත් කිරීමට දායක වූ අන් කිසිවෙකු ගැන නොතකයි.
බොහෝ දෙනා විවාහ ජීවිතයට එළබෙත්ම වෙනමම නිවාස සදා එහි පදිංචිය සදහා යයි.එවිට බිරිද,රැකියාව,දරුවන් ගැන සිතන විට ඇත්තෙන්ම දෙමාපියන් සිටියාද කියලවත් මතක නැති ගානට ඔබ පත් විය හැකිය.නමුත් ඔබේ මව ඔබව නිතකින්ම බලාපොරොත්තු වේ.ඔබේ මව වැහැරී ගිය විට,ලෙඩ වූ විට ඇය නඩත්තු කිරීම පවා ඔබ අතින් අත පසු විය හැක.එය වැරදියට තේරුම් ගන්න සම+හරක් මහලු මඩම් සදහා මව රැගෙන යාමට තීරණය කරයි.එහිදී සිතින් ලෙඩ වන මව ඔබට කිසිසේත් වැරැද්ද නොපටවමින් උපදින මතු බවයෙත් ඔබ පුතු ලෙස දැකීමට ප්‍රර්ථනා කරමින් මිය යයි....
මිය ගිය පසු පුතු වැරැද්ද තේරුම් ගත්තත් ඒ වනවිට පමා වී අහවරය.දාන මාන පින් දී මවුනට නිවන් දොර ලග කර දීමට පුතු සමත් වුවත් මවගේ සතුට ජීවත් ව සිටි කාලයේ ඇයගේ ඇසුරේ පුතු ගැවසෙනු දැකීමය.පුතුගේ සෙනෙහස අවශ්‍ය වූ විට ලැබීමය ඇය බලාපොරොත්තු වන්නේ......
මේ ලිපිය කියවන ඔබ සමහර විට මව සමග දබර කරගන්න අයෙකු විය හැකයි.මවට මෙතෙක් සැලකීමට අපොහොසත් වූ කෙනෙකු විය හැකියි.අදම මව සමග ලෙන්ගතුව කතා බහ කරන්න.ඇය වෙනුවෙන් ඔබට කල හැකි උපරිමය කරන්න.මරණය සැමටම පොදුයි.මරණයේදී ඇගේ සිතේ ඔබ ගැන මැවී ඇති චිත්ත රුපය අනුව ඔබට මතු මතුත් ඔබේ මව හා එක් විය හැකියි.