මවුබිමේ ඒකීයභාවය කින ඕනෑම පුද්ගලයකු සමග &#3473

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මවුබිමේ ඒකීයභාවය කින ඕනෑම පුද්ගලයකු සමග &#3473

    තමාට අවශ්‍ය වන්නේ පළමුවැනියා හෝ දෙවැනියා වීමට නොව තමා ගරුකරන මවු බිමේ ඒකීය භාවයත්, ස්‌වෛරී භාවයත්, රට බේරාගත් රණවිරුවනුත් ආරක්‍ෂාකර ගැනීම බවත් ඒ සඳහා ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයකු සමග එක්‌වන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

    කොළඹ, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පෙරේදා (6 දා) පස්‌වරුවේ පැවැති "විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්" යන මැයෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කර තිබූ උත්සවයට එක්‌වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

    ආරක්‍ෂක ලේකම් ලෙස වැඩභාර ගන්නටත් පෙර ඉඳලා හමුදාවේ සේවය කරපූ කාලයේ සිටම මා විශ්වාස කළ දෙයක්‌ තමයි වැදගත් වන්නේ. ආයුධය නොව ආයුධය පිටුපස සිටින මිනිසාය කියන කාරණය. මෙය පෙරදැරි කරගෙන තමයි යුද හමුදාවේ සේවය කරන විටත් ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදීත් මා ක්‍රියා කළේ. මා මිනිසා කෙරෙහි තබා තිබූ විශ්වාසයයි මගේ සෑම ජයග්‍රහණයකටම හේතු වුණේ.

    2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා රට භාරගන්න අවස්‌ථාවේදී තමුන්නාන්සේලා ඉතිහාසයට ගිහින් බැලුවොත් මේ වගේම ෙ€දනීය අවස්‌ථාවකයි රට තිබුණේ. එදා රණවිරුවා දැඩි ලෙස මානසික වැටුණු තත්ත්වයට පත්ව තිබුණා.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා- පැවැති සාම ගිවිසුම යටතේ සෑම මාසයකම අපේ හමුදා නායකයන් ගිහින් එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් සමග සාකච්ඡා කරන්න ඕන කියල තිබුණා.

    එතනදී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස දුන් පළමු නියෝගය වුණේ සාකච්ඡා කිරීම දේශපාලනඥයින් වන අපට ඉඩදෙන්න. හමුදා නිලධාරීන්ට තියෙන්නේ යුද්ධයක්‌ වන අවස්‌ථාවේදී ඒ යුද්ධයට සූදානම් වීමයි කියලා. ඒ නිසා හමුදා නිලධාරීන් වන ඔබතුමාල හමුදාව සූදානම් කරගන්න. පුහුණුවීම් කරන්න ආරක්‍ෂාව තර කරගන්න කියලයි.

    එතුමා මේ ලෙස උපදෙස්‌ දුන්නේ හමුදා නිලධාරීන් තුළ තිබුණ මානසිකත්වය මුල ඉඳලම ගොඩනැඟීමටයි. අපි එදා සිට යුද ජයග්‍රහණය කරන තෙක්‌ම රණවිරුවන්ගේ මානසිකත්වය ගොඩනැඟීමට විශාල වැඩ ප්‍රමාණයක්‌ ක්‍රියාවට නැංවූවා.

    එදා මට මතකයි වර්ෂාව පැවැති දිනයක රණවිරුවන්ට තෙමුණු නිල ඇඳුමින්ම සටනේ ඉදිරියට යන්න සිදුවුණා. මෙය දැනගත් ජනාධිපතිතුමා උපදෙස්‌ දුන්නා රණවිරුවන්ට උණුසුම් ඇඳුමින් සටන් බිමට යාමට අවස්‌ථාව සලසාදිය යුතුයි කියලා. කන්ටේනර් වල විශාල µEන් සවිකර ඒ අවස්‌ථාවේදීම නිල ඇඳුම් වේලාගන්න සලසා දුන්නා. එවැනි සුළු දෙයකට පවා අපි සිත යොමු කරමින් රණවිරුවන් ගැන සොයා බලමින් කටයුතු කරමින් යුද්ධය කරගෙන ගියා. ඒ නිසයි යුද්ධය ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණේ.

    හමුදාවට තරුණයන් බඳවා ගැනීමට අපහසු කාලයක්‌ තිබුණා. නමුත් ජනතාවට විශ්වාසය ලබාදුන්නට පසු අපිට හැකිවුණා අවුරුදු දෙකක්‌ නොකඩවා අටදාහකට වැඩි පිරිසක්‌ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට බඳවා ගැනීමට. අපි මේ වගේ රණවිරුවා ගැන ඔහුගේ මානසිකත්වය ගැන සිතට ගෙන මේ යුද්ධය කළා වගේම යුද්ධය අවසානයේදීත් අපි රණවිරුවා අමතක කළේ නැහැ.

    ඉතිහාසයේ කිසිම රටක නොතිබූ ආකාරයට අපි ඒ රණවිරුවා බලා ගත්තා. හේතුව මේ රටේ අවුරුදු ගණනාවක්‌ තිබූ කුරිරු ත්‍රස්‌තවාදය නිසා ජනතාවට අහිමිවී තිබූ නිදහස නැවත ලබාදීපූ ජාතියක්‌ වශයෙන් රටට අභිමානය නැවත ලබාදී මේ රටේ පුරවැසියන්ට බියකින් සැකයෙන් තොරව ඕනෑම තැනකට නිදහසේ යන්න අවස්‌ථාව සලසාදුන් තමන්ගේ දැස්‌ නැති කරගෙන අපි සැමටම දැස්‌ ලබාදුන් තමන්ගේ අත්පා අහිමි කරගෙන අපි සැමටම අත්පා අහිමි නොවී රට තුළ ජීවත් වීමට අවස්‌ථාව සලසාදුන් රණවිරුවා වෙනුවෙන් රජයක්‌ ලෙස අපේ කෘතඥතාවය පෙන්වීමටයි මේ වැඩසටහන් දියත් කළේ.

    යුද්ධය පැවතුනේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයගේ කාලයේ විතරක්‌ නොවෙයි. ඡේ. ආර්. ජයවර්ධන, ඩී. බී. විඡේතුංග, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුන් යටතේත්, හමුදාව ත්‍රස්‌තවාදය නැති කිරීමට යුද්ධ කළා. මියගිය රණවිරුවන් සංඛ්‍යාව බැලුවොත් අවසාන අවුරුදු පහ තුළ රට වෙනුවෙන් ජීවිත පූජා කළේ 5000 කට ආසන්න රණවිරුවන් පිරිසක්‌ 25000 කට ආසන්න රණවිරුවන් ප්‍රමාණයක්‌ ඊට ප්‍රථම ජීවිත පූජා කළා. ඒ වගේම ආබාධිත රණවිරුවන් 25000 ක්‌ පමණ ඉන්නවා. ඒ අයගෙන් වැඩි ප්‍රමාණයක්‌ ආබාධිත තත්ත්වයට පත්වුණේ 2005 ට පෙර. අපි මේ රණවිරුවන් හැම කෙනෙක්‌ම වෙනුවෙන් මිහිඳු පොත් මැදුර, අබිමන්සල වැනි ස්‌ථාන ඇති කළා. මේ ස්‌ථානවලට එන විටත් පිටව යන විටත් ඒ රණවිරුවන් තුළ කොපමණ වෙනසක්‌ ඇති වුණාද කියල මම දැක්‌කා.

    සමහරු අපිට දොaෂාරෝපණය කළා හමුදා නිලධාරීන් විවිධ රටවල තානාපති සේවයට යෑව්වා කියලා. නමුත් අපි ඒ කාර්ය කළේ රණබිමේ ඉදිරියෙන්ම සේනාංක මෙහෙයවමින් කටයුතු කළ රණවිරුවන් ඇගයීමටයි. ඒ අය ඒ රටවලට ගොස්‌ කළ රාජකාරි අපේ ජාත්‍යන්තරයේ සේවයේ සිටි ඇතැම් නිලධාරීන්ට වඩා හොඳින් ඉටු කළා. අපි සෑම අංශයකින්ම ඔවුන්ට නිවාස ඔවුන්ගේ දුවා දරුවන් වෙනුවෙන් ආරක්‍ෂක සේවා විද්‍යාලයක්‌ ඇති කළා. එම විදුහල මේ රටේ තිබෙන පහසුකම්වලින් ඉහළම විදුහලක්‌ බවට පත් කළා.

    ත්‍රිවිධ හමුදාවට බැඳෙන අය වෙනුවෙන් කොතලාවල විශ්වවිද්‍යාලයක්‌. වෛද්‍ය පීඨ, නිවාස, හමුදා සේවයේ විශ්‍රාම යන අයට රැකියා ලබාදීමට රක්‌නාලංකා ආරක්‍ෂක සේවාව වැනි විශාල වැඩකොටසක්‌ රණවිරුවන් වෙනුවෙන් අපි ඇති කළේ ඔවුන් මේ රට වෙනුවෙන් කරපු සේවය ඇගයීමටයි.

    අවාසනාවකට වගේ වත්මන් රජය විශ්වාස කළේ රණවිරුවන් ඇගයීම, අවුරුදු 30 ක්‌ මේ රට වෙලාගෙන තිබූ කුරිරු ත්‍රස්‌තවාදය අවසන් කිරීමේ අභිමානය සැමරීම මේ රටේ ජීවත්වන ජන කොටස්‌වල සංහිඳියාව ඉදිරියට ගෙන යාමට බාධාවක්‌ කියලයි. නමුත් පශ්චාත් යුද සමයේ 2009 සිට 2014 අවසානය දක්‌වා මහින්ද රාජපක්‍ෂ රජය සංහිඳියාව වෙනුවෙන් කළ වැඩ කොටස දෙස බැලුවම මේ රජය ඉන් සියයට දශමයක්‌වත් වැඩ කොටසක්‌ සංහිඳියාව වෙනුවෙන් කර නැහැ.

    යුද්ධය අවසන් වූ පසු තුන් ලක්‍ෂයක්‌ පමණ වූ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරන තුරු අපි හොඳින් බලාගත්තා. අවුරුදු 2 1/2 වැනි කෙටි කාලයක්‌ තුළදී එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් වළලපු බිම් බෝම්බ සියල්ලක්‌ම ඉවත් කරලා නැවත පදිංචි කිරීමට සුදුසු ස්‌ථාන බවට පත් කළා. අවුරුදු 2 1/2 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ තුළ ලෝකයේ කොහේවත් කර නැති ආකාරයට අවතැන්වූ සියලු දෙනා නැවත පදිංචි කළා.

    යාපනය අර්ධද්වීපය 2009 වන තෙක්‌ තිබුණේ. හමුදා කඳවුරක්‌ වගේ. අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ මෙය පාලනය කිරීම සඳහා සෑම ඉඩමක්‌ම නිවසක්‌ම හමුදාවට අරගෙන තිබුණේ. යාපනය අර්ධද්වීපය වටා බංකර් පේළියක්‌ දාලයි අපි එය ආරක්‍ෂා කළේ. නමුත් 2014 වන විට අපි සියයට 90 ක්‌ අපට අනවශ්‍ය ඉඩම් නැවතත් ජනතාවට ලබාදී තිබෙනවා. අවුරුදු 30 ක්‌ තිස්‌සේ විවිධ රජයන් යටතේ හමුදාවට අරන් තිබූ සියයට 90 ක්‌ ඉඩම් නැවත ඒ ඒ ජනතාවට ලබාදුන්නේ අපේ රජයෙන්.

    අපි උපක්‍රමශීලීව වැදගත්වන ස්‌ථාන හඳුනාගෙන ඒ ස්‌ථානවල පමණක්‌ කඳවුරු ස්‌ථාපනය කර ඉතිරි හමුදා කඳවුරු ඉවත්කර ඒ භූමිය නැවත ඔවුන්ට ලබා දුන්නා. පලාලි කඳවුර අවට අධි ආරක්‍ෂක කලාපය පමණයි අපි ලොකු හමුදා කඳවුරක්‌ ලෙස තියා ගත්තේ. මොකද එය ඉතා වැදගත් නිසා. අවශ්‍යම ඉඩම් ප්‍රමාණය තියාගෙන තව කොපමණ ප්‍රමාණයක්‌ ඒ ජනතාවට ලබාදිය හැකිද සොයා බලන්න හමුදා නිලධාරි කණ්‌ඩායමක්‌ යොදවා තිබුණා. 2014 අවසානය වන විට එකම මාර්ග බාධකයක්‌වත් රට තුළ තිබුණේ නැහැ.

    ඒ වගේ අවුරුදු ගණනාවක්‌ සංවර්ධනය නොවූ උතුරු හා නැගෙනහිර පළාත්වල මහා මාර්ග වාරිමාර්ග, දුම්රිය මාර්ග, විදුලිය, ජලය, මේ ආදී සෑම දෙයක්‌ම මේ කාලය තුළ අප රජය විසින් ඒ ජනතාවට ලබා දුන්නා. මේ සියල්ලටම වඩා අපි ඉතා බැරෑරුම් තීරණයක්‌ ගත්තා. අවුරුදු ගණනාවක්‌ ත්‍රිවිධ හමුදාව සමග විවිධ රජයන් යටතේ ඊපීඩීපී, ප්ලොට්‌ වැනි වෙනත් කණ්‌ඩායම් වැඩ කළා. මේ අයටත් ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආයුධ ලබාදී තිබුණා. නමුත් යුද ජයග්‍රහණයෙන් පසු අකමැත්තෙන් වුවත් මේ අයට ලබාදී තිබූ සියලුම ආයුධ නැවත ලබා ගත්තා. මේ සියල්ලක්‌ම අපි කළේ උතුරු නැගෙනහිර පළාත්වලට අනෙක්‌ ප්‍රදේශවල වගේ සාමාන්‍ය ජන ජීවිතයක්‌ ඇති වීමට උපකාරී වීමටයි.

    කවදාවකවත් නොතිබුණු සියලු පහසුකම් ඇති කරලා ප්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව දක්‌වා මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළා. 13,000 ක්‌ පමණ ත්‍රිවිධ හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කර සමාජ ගත කළා. මේ සියලු දෙයක්‌ම 2014 අවසාන වන විට අපි කරලා තිබුණේ.

    මේ රජය සංහිඳියාව වෙනුවෙන් මොනවද කළේ. ඒ අය සංහිඳියාව කියලා කරන්නේ රණවිරුවන් පහත් තත්ත්වයට ඇද දැමීමත්, මේ රටේ බහුතරයක්‌ වූ සියයට 79 ක්‌ වන සිංහල ජනතාවගේ මානසිකත්වයට බාධාවක්‌ වන එසේ නැතිනම් මේ අයගේ සිතුවිලිවලට විරුද්ධ ක්‍රියාදාමයකට අද පත්වෙලා. බහුතරයක්‌ මේ ගෙනයන ක්‍රියාදාමයට අකමැති බව අපි දන්නවා. එවැනි තත්ත්වයක්‌ යටතේ සංහිඳියාවක්‌ ඇති කළ හැකිද?

    එය සංහිඳියාව ඇති කරනවාට වඩා ජාතීන් අතර ක්‍රෝධය ඇති කිරීමට හේතු වනවා. එහෙම කරන්නේ ඒ අයට වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමටයි. අද විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීමට ජනතාව එක්‌රැස්‌ කිරීමට මෙවැනි සංවිධාන ඉදිරිපත්වීම ඉතා වැදගත්. ජනතාව අද දේශපාලන නායකයන්ටත් වඩා ඉදිරියෙන් ඉන්නේ. ඒ අය ඉල්ලා සිටින්නේ මේවාට නායකත්වය දෙන්න කියලයි.

    මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාද කතා කළේය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන්ද කතා කළ අතර මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීන් වන ඩලස්‌ අලහප්පෙරුම, විමල් වීරවංශ, විමලවීර දිසානායක යන මහත්වරු ඇතුළු කලාකරුවන් පිරිසක්‌ එක්‌වූහ.


    http://www.divaina.com/2016/06/08/news34.html