මස් පිඬු පෙරලීම

Aug 4, 2009
3,094
582
0
Colombo
මස් පිඬු පෙරලීම

මස් පිඬු පෙරලීම-1

මස් පිඬු පෙරලීම යනුවෙන් හැඳින්වෙන්නේ මාංශ පේශී තුලින් ඇතිවන වේදනාවකි. මෙයට හේතුව වන්නේ මාංශ පේශී තදින් සංකෝචනය වන විට එයින් ඇතිවන ක්ෂණික හා අක්‍රමවත් සංකෝචනයි.මෙම තත්වය වඩා බලපාන්නේ කෙණ්ඩා ප්‍රදේශයේ ඇති මාංශ පේශි වලට නමුත් වෙනත් ඔනෑම පේශියක් මෙම තත්වයට ගොදුරු විය හැක.
සාමාන්‍යයෙන් කෙණ්ඩා පෙරලීම නිත්තු ගණනකින් සුව අතට හැරේ. සමහර පුද්ගලයන්ගේ එම තත්වය තත්පර ගණනකට සීමා වේ. කලාතුරකින් කෙනෙකුට විනාඩි 10-20 ක් පමණ පැවතිය හැක.මෙහිදී ඇතිවන වේදනාවේ උග්‍ර බව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මස්පිඬු වල වේදනාව පැය 24ක් පමණ පැවතිය හැක. මෙම තත්වය බොහෝ විට ඇති වන්නේ විවේකී අවස්ථා වලය. [විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී] දිගින් දිගටම රාත්‍රීයට මෙම තත්වය ඇති වීම නිසා ඔබේ නින්දටද බාධා විය හැක.


මස්පිඬු පෙරලීම ඇතිවන්නේ කාටද?
බොහෝ දෙනාට මෙය කලාතුරකින් ඇතිවන තත්වයකි. වයස් ගත් පුද්ගලයන් අතර මස් පිඬු පෙරලීම බහුලව දැකිය හැක. මෙම තත්වය නිතර නිතර ඇති වේ නම් ඊට පාදක වන ද්විතියික හේතුවක් තිබිය හැක. එය හඳුනා ගැනීම ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් වේ.
මෙම තත්වයට හේතු:
- ඔෂධ - තයසයිඩ්,නිෆඩිපීන්, සැල්බියුටමෝල්, ස්ටැටීන් වර්ග ආදියය
- මාංපේශී අධික ලෙස වෙහෙසට පත් කිරීම
- විජලනය
- රුධිරයේ සෝඩියම්, පොටෑසියම් සාන්ද්‍රණ වල ඇති වන වෙනස්කම්
- ගර්භනී සමය
- රුධිරය පිරිසිදු කරන ඩයලයිසිස් ප්‍රතිකාර වලට යොමු වන රෝගීන්
- පර්යන්ත රුධිර වාහිනී වල දුබලතා
- අධික මත්පැන් භාවිතය
- ප්‍රතිකාර නොකල මන්දතයිරොයිඩතාව
- ඇතැම් විට මෙම තත්වයට හේතුවක් හඳුනා ගත නොහැක.


මස් පිඬු පෙරලීම-2
ප්‍රතිකාර ක්‍රම
මස්පිඬු පෙරලීමකදී, එම ස්ථානය හොඳින් ඇදීමට හා සම්බාහනයට ලක් කිරීමත් මඟින් බොහෝ විට එම තත්වය මග හැරී යයි.
මෙම තත්වය ඉක්මනින්ම සමනය වේ. වේදනා නාශක ඔෂධ මෙම තත්වයට උදවු වන්නේ නැත එයට හේතුව එම ඔෂධ එතරම් ඉක්මනින් ක්‍රියාත්මක නොවීමයි. නමුත් පැරසිටමෝල් වැනි සරල වේදනා නාශක ඔෂධයක් මඟින් දිගු වේලාවක් පවතින වේදනාව හා අපහසුතාව මග හැරී යයි.


මස් පිඬු පෙරලීම වලක්වා ගන්නේ කෙසේද?
නිතර නිතර මෙම තත්වය ඇතිවී ඔබට බාධාවක් නොවන්නේ නම් විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය නොවේ.නමුත් නිතරම මස් පිඬු පෙරලේ නම් එය වලක්වා ගැනීමට ඔබ මහන්සි විය යුතුය.
1. වෙද්‍යවරයා හමුවී ඔබ භාවිත කරන ඔෂධ වල අතුරුඵලයක් ලෙස මස් පිඬු වේදනාව ඇති වේ දැයි විමසන්න. එසේ නම් ඔහු ඔෂධය වෙනස් කිරීමට හෝ ද්විතියික සාධක ඇත්දැයි සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ කරනු ඇත.
2. ඇදීමේ ව්‍යායාම - පාද සහ කෙණ්ඩා ප්‍රදේශයේ මස්පිඬු ඇදෙන ආකාරයට ව්‍යායාම කල යුතුය. එහි සාර්ථකත්වය පර්යේෂණ මඟින් තහවුරු කර නොමැති වුවද ඇතැම් අයට එම ප්‍රතිකාර උදවු වන අතර ඔෂධ ගැනීමට ඇති අවශ්‍යතාව පවා නැති කරයි.
මෙම ව්‍යායාම දිනකට විනාඩි 5 බැගින් තුන් වතාවක් කල යුතුය. තුන් වන වතාව නිදා ගැනීමට පෙර කිරීම වැදගත් වේ. තත්වය සුව අතට හැරේ නම් ක්‍රම ක්‍රමයෙන් වාර ගණන අඩු කරන්න.
3. ඇඳේ හානිසි වී සිට්න විට පාද තබා ගත යුතු ඉරියවුව - නිදා ගන්නා විට හෝ හාන්සි වී සි�න විට ඔබේ ඔබේ මස් පිඬු සංකෝච්ත ඉරියවුවේ පිහිටන පරිදි සිටීම වැදගත්ය. [ඇදීමට විරුද්ධ ක්‍රියාව ]
4. ඔෂධ - මෙය ලබා දෙන්නේ අනෙක් සියලු ප්‍රතිකාර අසාර්ථක වී ඔබේ එදිනදා ජීවිතයට බාධාවක් වන්නේ නම් පමණි. ඔශධ අනිවාර්යයෙන්ම වෙද්‍ය උපදෙස් මත ලබා ගත යුතුය.


මස් පිඬු පෙරලීම-3
ඇදීමේ ව්‍යායාම කරන අයුරු
කෙණ්ඩා මස්පිඬු ඇදීමට බිත්තියකට සෙ. මී. 60-90 දුරින් සිට ගන්න. ඉන්පසු යට පතුල පොලවේ සමතලව සිට්න සේ තබාගෙන ඉදිරියට නැමී බිත්තියට හේත්තු වන්න .එවිට කෙණ්ඩා ප්‍රදේශයේ මාංශ පේශි ඇදෙනු බව ඔබට දැනෙනු ඇත. හැකි තරම් වේලා මෙම ඉරියවුවේ සිට්න්න. යහපත් ප්‍රතඵල ලැබීමට සතියක් දෙකක් පමණ ගත වේ. එබැවින් සති 2-4 ක කාලයක් අත්හදා බැලිය හැක. මස් පිඬු පෙරලීම සම්පූර්ණයෙන් සුව නොවුණද, සති කිහිපයක් මෙසේ කරන විට තත්වය ක්‍රමයෙන් අඩු වනු ඇත.





60-90 cm

ඇඳේ හානිසි වී සිට්න විට පාද තබා ගත යුතු ඉරියවුව
නිදා ගන්නා විට හෝ හාන්සි වී සි�න විට ඔබේ ඔබේ මස් පිඬු සංකෝච්ත ඉරියවුවේ පිහිටන පරිදි සිටීම වැදගත්ය. පාද වලට කොට්ටයක් තබා ගැනීම සුදුසුය. එමඟින් ඔබට රාත්‍රී කාලයේදී ඇතිවන උත්සන්න වීම් අඩු කර ගත හැක. එමඟින් නින්දට බාධා වීම මග හරවා ගත හැක.

:):):)
 
Last edited:

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට රූප සටහන් පේන්නෙ නෑනෙ :(

    මම නම් ඔහොම උනාම කරන්නෙ ලුණු ටිකක් කන එක... අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි!
    :yes:
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    ♥-Aurora-♥;8349616 said:
    මට රූප සටහන් පේන්නෙ නෑනෙ :(

    මම නම් ඔහොම උනාම කරන්නෙ ලුණු ටිකක් කන එක... අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි!
    :yes:

    :yes::yes::yes: