දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ උනපදුරුයාය කලුන්දාව ප්‍රදේශයේ කුඹුරක බැද සිටි කිරි දෙනුන් හතර දෙනක් හා මාස තුනක කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බවට කලුන්දාව ප්‍රදේශයේ ගොවියකු 25 දින උදේ දඹුල්ල පොලිසියට පැමිණිලි කරලා.
24 සවස සතුන්ට කන්න දී ගස් වල බැද තමන් 25 උදේ කිරි දෙවීම සදහා එද්දී ඇල මාර්ගය අසල තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවු බව කිරි ගොවියකු වූ කලුන්දාව පදිංචි කේ .ජි .කිරිබණ්ඩා මහතා පවසනවා.
මේ එක කිරි දෙනකු රුපියල් ලක්ෂයක් පමණ වටිනා කමක් තිබුණු බවත් දිනකට එක දෙනකු කිරි ලීටර් 12ක් 15ත අතර ප්‍රමාණයක් ලබාදෙන බවද ඔහු කියයි.තමන්ගේ පවුලේ ආර්ථිකය මේ කිරි අම්මාලා විසින් විසදු බව කියමින් ඔහු හඩා වැටෙයි.
දඹුල්ල පොලිසිය මේ අපරාධය ගැන පරීක්ෂණ සිදුකරන අතර කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. මේ ස්ථානයට මධ්‍යම පළාත් සබා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පැමිණ ගොවියාට කිවේ කෙසේ හෝ මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට තමන්ගේ සහයෝගය ලබාදෙන බවයි. මෙහි රැස්ව සිටින ජනතාව කියන්නේ මේ අපරාධ කරුවන්ට දඩුවම් දියයුතු බවයි. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.