මසුරන් වටින ඇත්ත කතාව...
අපේ මිනිස්සුන්ට -
01. හැම කැකිරි ගෙඩියම පූජනීයයි.... ( අර ගහ, මේ බිල්ඩිම, අර චාරිත්‍රය, අර නැටුම, අර විදියට ඉන්න එක, මේ විදියට ඉන්න එක, අර ගඟ, මේ පීල්ල, අර වංගුව, මේ බෝක්කුව, අරක, මේක, අරූ, මූ, සේරම සමග ගෙදර ඉන්න උදවියත් ) - ඒ හැම දේකම මොකක් හරි "උතුං, උත්තරීතර, ශ්‍රේෂ්ඨ" සීන් එකක් තියෙනවා..... එහෙම ඒවයෙ ඒ ශ්‍රේෂ්ඨ කං, උතුං කං තියෙන්නෙත් මේ දූපතේ විතරයි....
02. තමුන් පොඩි කාලේ කියපු, කරපු, දැකපු, අහපු දේවල් ඒ විදියටම නොවෙනස්ව තියෙන්න ඕන......එක අංශු මාත්‍රයකින්, එක දශමයකින් වෙනස් වෙන්න බෑ..... චාරිත්‍ර වාරිත්‍ර උනත් එහෙමයි.....
වෙනස් උනොත් ඒ ගැන ඇතිකරගන්න නොස්ටැල්ජියාවෙන් සදහටම අඬනවා මූසල කමට.... " මං පුංචි කාලෙ ඉස්කෝලෙ ගිහින් එනකොට, ඔය වංගුවෙ හරකෙක් ඉන්නවා, මම ඌට තණකොළ කවනවා, අනේ දැන් ඒ හරකා දකින්න නෑ....."..... " ඔය මම පුංචි කාලෙ පුක හෝදපු දොළ" ..... "මායි, කෙල්ලයි රිංගපු හබරල ගාල ඔය තියෙන්නෙ...."...." ඇතා පැඩ්ඩ කන්ද ඒ කාලෙ තිබ්බෙ මෙහෙමයි.....හ්ම්ම්ම්ම්" ..." අනේ ඒ කාලෙ අපිට ඔය වීදි ලාම්පු තිබ්බෙ නෑ...... ඒ උනාට හුළු අතු එළියෙන් යනකොට, හඳ පාන ගුරු පාරට වැටෙන්නෙ මේම මේම...... එතකොට කළාමැදිරි ඕම ඕම......දැන් ඒවා දකින්න නෑ......"
ලෝකයේ සියළු දේ තාවකාළිකයි, නැසෙන සුලුයි, වෙනස් වෙන සුළුයි කියන එක උගන්නන දර්ශණයක් ඇදහුවත්, මුන් තමයි වෙනස් කම් වලට වැඩිපුරම බය.....
03. යමක් බදාගත්තොත්, ආයෙ මළාට අතාරින්නෙ නෑ......අතෑරලා අලුත් දෙයක් අත්හදා බලන්න පට්ට බයයි.... මොකද ඒකට උවමනා කරන ආත්ම විශ්වාසය නෑ......වැඩක් වැරදුනොත් දරා ගන්නත් බෑ.......බදාගෙන ඉන්නෙ කොච්චර අසාර්ථක දෙයක් බව ඇස් පනාපිට ඔප්පු උනත්, ඒකෙම එල්ලිලා ඉන්නවා......
" මේ මම රෙන හබරල කොළේ.... මගේ තාත්තා රුන්නෙත් හබරළ කොළේට.... සීයා රුන්නෙත් හබරල කොළේට...... යං හෙයකින් මම හබරළ කොලේට රෙන එක නවත්තලා, හබරල ගාල තියෙන තැන කකුස්සියක් හදන්න ගියොත් අන්තිමට මට ඒකත් නැතුව, මේකත් නැති වෙනවා...... ඒ නිසා මම මේ හබරල කොළේ පණ මෙන් සුරකින්ඩෝන...."
04. කරන කිසිම දේක හොඳ ප්‍රතිඵලයක් එනකල් ඉවසීම නෑ..... එක රැයෙන් සියළු දේ පහළ වෙන්න ඕන.....එක පාරෙන් කරන දේවල් හරියන්නත් ඕන.....
05. " මුදල්" කියන්නෙ හරි පවුකාර, කැත දෙයක්..... වෙළඳාම කියන්නෙ පිළිකුල් සහගත දෙයක්..... " නිකං, නිකං, නොමිළේ, පිනට" කරල දෙන කෙනා හරි ශ්‍රේෂ්ඨ මිනිහෙක්......මුදල් පස්සෙ යනවා කියන එක පවක්.....ඒක කැතයි....දරුණුයි.....හිතක් පපුවක් නෑ.....මාකටිං කියන්නෙ හරිම නරක දෙයක්....චීයා.....හාපෝ එහෙම විකිණෙන්න පුලුවන්ද?..... විකිනෙන එක, විකුණන එක හරිම කැත දෙයක්......ඊයා.....පොහොසත් වෙන්න එපා මිනිසුනේ ! සල්ලි පස්සෙ යන්න එපා මිනිසුනේ!... ඕවා යන දාට ගෙනියන්න බෑ මිනිසුනේ !.... මිනිස් කමේ ගුණ සුවඳ තමයි හමන්නෙ.... ඒක හැමුවාම හරි ලොකුයි..... මේම මේම හමන්නේ......
06. තමන්ට මොන කෙහෙල්මල් ක්‍රමයකින් හෝ මේ ලැබිලා තියෙන ජීවිතය සතුටින්, සැපක් විඳලා ගෙවන්න අදහසක් නෑ.....මරණින් මතු තමයි සැප බලාපොරොත්තු වෙන්නෙ......එතනදි ඒ කොණෙන්ම අල්ලලා තමුන්ගෙ මොළේට තොණ්ඩුව දාන එවුන්ගේ ආගමික විකිණිල්ලට තමුන් අහුවෙලා ඉන්නෙ කියන එක තේරුම් ගන්නෙ නෑ.......
07. කිසි දේකට නම්‍යශීලී නෑ...... මොකක් හෝ දර්සනයක්, දෘෂ්ඨිවාදයක් දා ගත්තොත් මැරෙන කල්ම ඒකෙමයි......ඒකට හේතුව ඉගෙන ගන්නවය කියල කරන්නෙ, සියළු තියරි ගෙඩි පිටින් කටපාඩම් කරලා, මොළේට ඔබාගන්න එක..... ඒ නිසා ඒක ගැන අවබෝධයක් නෙමෙයි තියෙන්නෙ, කට පාඩමක්.......අවබෝධයක් නැතිකොට, කට පාඩමක් තියෙනකොට, ඒ ඉගෙන ගන්න දේවල් වල අඩුපාඩු තියෙන බව තේරුම් ගන්නෙ නෑ...... ඒ නිසා නම්‍යශීලී වෙන්න ඕන මොන වගේ වෙලාවටද කියන එක ගැන අවබෝධයක් නෑ..... " මේ මම පැටියා කාලේ, තරුණයා කාලෙ කවුරු හරි තෙල් පප්පෙක් ඔලුවට දාපු බක්ක !.... මම මැරෙන තුරුම ලෝකය දිහා බලන්නෙ මේ බක්කෙන්......!.......මේක තමයි හරි බක්ක ....!..... " ....... සමාජය වෙනස් වුනත්, තාම ඉන්නෙ අර බක්ක එක්ක නිසා ඉන්නෙ අසහනෙන්.....පේන්නෙම අලුත් දේවල් වල වැරදි විතරයි.....
Damith kethaka