මහජන ආයතනවල තොරතුරු

sankicool

Member
Jul 11, 2018
115
31
0
මහජන ආයතනවල තොරතුරු

මහජන ආයතනවල ඇති තොරතුරු දැන ගැනීමට මහ ජනතාවට ඇති අයිතිය

තොරතුරු අයිතිය කියන්නේ මහජන ආයතනවල ඇති තොරතුරු දැන ගැනීමට පොදු මහ ජනතාවට ඇති අයිතියයි. රටේ සංවර්ධනය, සහ පොදු සේවාවලට අදාළ මේ තොරතුරු ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය දැනට රටවල් සියයකට වඩා ගණනක පිළි ගෙන තිබෙනවා.

තොරතුරු අයිතියේ දී ඉදිරියෙන්ම සිටින රටවල් වන්නේ ලෝකයේ දියුණු වෙමින් තියෙන රටවලුයි. 2016 වසරේ දී තොරතුරු අයිතිය පිළි ගත්තත්, ලංකාව තොරතුරු අයිතිය සම්බන්ධයෙන්ම ශ්‍රේණිගත කිරීම්වලදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක්. තොරතුරු අයිතිය ගැන ශ්‍රෙණිගත කිරීම්වල ඉහළින් සිටින අනෙකුත් රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මෙක්සිකෝව, සර්බියාව, ස්ලෝවෙනියාව, ඉන්දියාව, ඇල්බේනියාව, සහ ක්‍රොඒෂියාවයි. සාමාන්‍යයෙන් මානව හිමිකම් ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළින් සිටිනවා යැයි කියන සාම්ප්‍රදායික බටහිර බලකඳවුරු වන රටවල් තොරතුරු අයිතියේ දී සිටින්නේ පිටිපසිනුයි.

ලෝකයේ තොරතුරු අයිතිය මුලින්ම පිළිගන්නේ 1766 දී ස්වීඩනයේ දී යි. ඉන් අනතුරුව 1789 දී ප්‍රංශයේ මානව සහ පුරවැසි අයිතිවාසිකම් අයිතිය පිළි ගන්නවා. 1945 දී පිහිටුවන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවීමෙන් වසරකට පසුව 1946 දී තොරතුරු අයිතිය මූලික මිනිස් අයිතියක් ලෙස පිළිගනු ලබනවා. අනෙකුත් අයිතිවාසිකම් ගැන කතා කෙරෙන විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය පවා එළි දැක්වෙන්නේ එයින් අවුරුදු දෙකකට පසුවයි. ඒ අනුව තොරතුරු අයිතිය ලෝකයට කොයිතරම් වැදගත් අයිතියක් ද යන්න හෙළි වෙනවා. කෙසේ වුවත් 2016 වසර වෙන තුරු ලංකාවේ තොරතුරු අයිතිය පිළි ගැනුනේ නැහැ.

ගමේ පාර සෑදීමට වියදම් කළ මුදල කුමක්ද? ඒවා වියදම් වූයේ කෙසේද? වැනි තොරතුරක සිට, කිසියම් නීතියක් යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගේ තොරතුරු මොනවාද?, රාජ්‍ය ආයතනයක් විසින් නිකුත් කරන වාර්තාවක පිටපතක් ලබා ගැනීම, පොදු ඉඩමක ඔප්පුවක පිටපත ලබා ගැනීම සිට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද වැනි කාරණයක් දක්වා තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගත හැකියි. මෙසේ මහජන තොරතුරු ලබාදීම සහ ලබා ගැනීම නූතන ලෝකයේ අයිතියක් ලෙස සැලකෙන්නේ ඇයි? මේ පිටුපස පිහිටන මූලධර්ම කිහිපයක් තිබෙනවා.

පොදු සේවා සහ සංවර්ධන කටයුතු කරන පොදු අධිකාරීන් සතු තොරතුරු උත්පාදනය වෙන්නේ ජනතාව තුළින්ම වෙන නිසා, එම තොරතුරුවල සැබෑ හිමිකරුවන් වන්නේ ජනතාවමයි. ඒ නිසා එම තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතිවාසිකමක් ඇතැයි විශ්වාස කෙරෙනවා.

තොරතුරු හිමිකම කියන්නේ අසීමිත අයිතියක් නොවේ. එහෙත් කිසියම් සීමාවන්ට යටත්ව ලැබිය හැකි උපරිම තොරතුරු ප්‍රමාණය ජනතාවට ලැබිය යුතුයි. උදාහරණ ලෙස කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු, වෛද්‍ය වාර්තා, රටක ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු, විභාග රහස් තොරතුරු, වාණිජ්‍යය හා බුද්ධිමය දේපල තොරතුරු ආදිය වෙත ප්‍රවේශ වීමේදී විවිධ සීමාවන් පැනවෙනවා.

එසේම තොරතුරු අයිතිය ක්‍රියාත්මක කිරීමේ දී, පොදු ආයතනවලට තොරතුරු නිලධාරීන් පත් කිරීමත්, තොරතුරු අයිතිය සම්බන්ධ අයදුම්පත්‍ර සහ ලියකියැවිලි ආදිය තේරුම් ගැනීමට පහසු ලෙසින්, සරල භාෂාවෙන් තිබීමත්, තොරතුරු ලබා දීම සඳහා නීතියෙන් නිශ්චිත කාලරාමුවක් නියම කර තිබීමත් තොරතුරු අයිතිය පිළිගත් රටක සිදු වෙනවා.
තොරතුරු අයිතිය පිළිගත් රටක, ජනතාවට වැඩි බලයක් ලැබෙනවා. මහජන නිලධාරීන් ජනතාවට වග කියන ලෙස හැසිරෙන්නේ නැත්නම්, ඒ අයව ප්‍රශ්න කිරීමට, ක්‍රියාමාර්ග ගැනීමට තොරතුරු අයිතිය භාවිතා කළ හැකියි.

තොරතුරු අයිතිය කියන්නේ රජයක් විසින් හඳුන්වා දෙන නීතියක් නොව රටක සෑම පුරවැසියෙකුටම හිමි දෙයක්. මහජන නිලධාරීන්, පොදු සේවා, සංවර්ධන කටයුතු, නීතිය, අධිකරණ ආදියට අදාළ රජයේ ඇති ඕනෑම තොරතුරක් යම් යම් සීමාවන්ට යටත්ව ලබා ගැනීමට ජනතාවට අයිතියක් ඒ හරහා ලැබෙනවා. ගමේ පාර හදද්දී, දේශපාලනඥයන් හොරා කෑවා කියනවා වෙනුවට, දැන් අදාළ ව්‍යාපෘතියේ දත්ත සහ තොරතුරු සමගම කතා කිරීමට පුරවැසියාට අවස්ථාව මේ හරහා ලැබෙනවා. රෝහලක අතවශ්‍ය බෙහෙතක් නොමැති වීම, වැනි ජීවිතයට බලපාන කාරණයක දී ඒ ගැන තොරතුරු පැය 48ක් ඇතුළත ලබා ගැනීමේ හැකියාව තොරතුරු පනත හරහා ලැබී තිබෙනවා. මේ හරහා පුරවැසියන්ට අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අවස්ථාව කිසියම් මට්ටමකින් වැඩි වී තිබෙනවා.

හැබැයි අයිතියක් සම්පූර්ණ වන්නේ එම අයිතිය භුක්ති විඳින, එය පාවිච්චි කරන පුරවැසියන් පිරිසක් සිටින විටයි. ලංකාවේ බොහෝ දෙනෙකුට තොරතුරු අයිතිය ගැන නිසි දැනුමක් නැහැ. මහජන නිලධාරීන්ව ප්‍රශ්න කිරීමට, අපිට ඇති අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අපි බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. තොරතුරු අයිතිය ගැන දැනුවත් කිරීම් වැඩි විය යුතු සේම, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා ජනතාව වශයෙන් ශක්තිමත් වීමත්, සෑම විටම ජනතාවට තොරතුරු ලබා දිය නොයුතු යැයි සිතන නිලධාරීන්ගේ මානසිකත්වය වෙනස් වීමත් තොරතුරු අයිතිය නිසි ලෙස භාවිතා කිරීමට වැදගත් වෙනවා.

තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගන්නා ක්‍රමවේදය කුමක්ද? ඊළග පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්න.

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය : https://sinhala.rti.gov.lk/


source http://thewoman.lk/archives/6028
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    Owa okkoma namata witharai. Okkoma hangala gahanne. Kalakanni ratak wela meka.