මහජන ආරක්ෂක ඇඳිරිනීතිය - ප්‍රචණ්ඩත්වය යන්න එපා

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Please Share

    මේ වෙලාවේ මුළු රටටම බලපාන පරිදි පනවලා තියෙන ඇඳිරි නිතීයෙ ලොකු විශේශත්වයක් තියෙනවා!
    මේ ඇඳිරි නීතියට කියන්නෙ " මහජන ආරක්ෂක ඇඳිරිනීතිය " කියලා.
    මේක පනවන්නෙ මහජන ආරක්ශක ආඥාපනතේ 16 වගන්තියෙ විධි විධාන වලට අනුව..
    89 භීශණ සමයේ පැනෙව්වාට පස්සෙ මෙවැනි ඇඳිරිනීතියක් ප්‍රකාශයට පත් කරන්නෙ වසර 32 ට පස්සෙ..
    මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීම සිදු කළ හැකි වන්නේ රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයකට පත් කර ඇති අවස්ථාවකදීය.
    මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්‍රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්‍රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ.
    මේ ඇඳිරිනීති ප්‍රභේදයට අනුව එලියේ ගැවසෙන ජනතාව අත් අඩංගුවට ගන්න පමණක් නෙමෙයි ඔවුන්ට වෙඩි තියන්න පවා නීතීමය බලයක් සහ ආවරණයක් පොලීසියට ලැබෙනවා! ( හමුදාවටත් වෙඩි තැබීමේ බලය මේ යටතේ ලැබෙනවා)
    පැහැදිලිද? මේක ලොකු කුමන්ත්‍රණයක් !
    මුලින්ම හදිසි නීතිය ගෙනවා.ඒ යටතේ දැන් මහජන ආරක්ශණ ඇඳිරිනීතිය ගෙනත් වසර 32 ට පස්සෙ..
    ඒ නිසා මෙවෙලේ එලියෙ ඉන්න ඔබ ඔබේ ජිවිතය ගැන ලොකු වගකීමක් ඇතිව වැඩ කරන්න. මුන් මේවා ඇත්තටම දාන්නෙ අපේ ආරක්ශාවට නෙමේ. තුප්පහි පාලකයින්ගෙ ආරක්ශාවට සහ ඒ විධි විධාන වලට අනුව මහ ජන සංහාරයකට නීතීමය ආවරණයක් ලබාගන්න!
    ඒ නිසා ඔය අරලියගහ මැදුර අවට එක් උන ජනතාව එතනින් ඉවතට යන්න. මොකද එතන ලොකු කුමන්ත්‍රණයක පිඹුරුපත් සැකසෙමින් තියෙන්නෙ.. අනිත් කාරණය අරලියගහ මැදුර කියන්නෙ ජනතාවගෙ පොදු දේපලක් මිස රාජපක්ෂ බූදලයක් නෙමෙ.
    අපි විසින්ම අපේ පොදු දේපල වලට හානි කලොත් රාජපක්ෂලාට පාඩුවක් නෑ මිත්‍රවරුනි! පාඩුව සහ අලාභය අපිටමයි!

    Credit - Chanya Herath
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    The Office Reaction GIF
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිනිස්සු මළත් කමක් නෑ කියල පාරට බැහැල ඉන්නේ..ඔය තුවක්කු තියන් යුනිෆෝම් ගහල හිටියට උනුත් සාමාන්‍ය මිනිස්සු පවුල් ගෙවල් දොරවල් තියෙන..ඒක මතක තියන් උනුත් වැඩ කරොත් හොඳයි..රාජපක්ෂල නිසා නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියල නිකන් ඉල්ලං කන්න තමා වෙන්නේ..