මහත් වෙන්න ඕනද

  • Jul 12, 2012
    447
    74
    28
    internet එකේ 95%ක්ම තියෙන්නෙ කෙට්ටු වෙන හැටි. අවුරුදු 27ක්ම 45-47kg තිබුන කෙනෙක් හැටියට මම දන්නව කොච්චර අමාරුද කියල මහත් වෙන්න හරි විදියක් හොයාගන්න. ගොඩක් තියෙන්නෙ මහත කට්ටිය මේව කරන්න අරව කරන්න කියල උපදෙස් දෙන හැටි. මම ටිකක් මහත් වෙච්ච හැටි ගැන දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කරල බලන්න.
    මුලින් පටන් ගත්තෙ කොරෝන කාලෙ ගෙදර ඉන්නකොට. මුලින්ම වතුර තමා බොන්න පටන් ගත්තේ නිකන් ඉන්න ගමන් කරන්න දෙයක් නැති නිසා. හැබැයි මහත් වෙන්න හිතාගෙන නෙමේ.මම කැමති උනේ නෑ පිටි බීල මහත් වෙන්නවත් අර බඩගිනි වෙනන බෙහෙත් දෙන දොස්ටරගෙන් බෙහෙත් අරන් මහත් වෙන්නවත්.මම කැමති උනේ නෑ මුල ඉදන්ම. දවසට වතුර 3-4 L වගේ බිව්ව. ඔහොම බොනකොට හිතුන කෑමත් කෑව නම් හොදයි කියල. කන්න පටන් ගත්ත ඕන කමින්ම. මන් ඕන කමින් කියල කිව්වෙ කලින් කෑවේ ඕනවට එපාවට. විස්වාස කරන්න පැය 1-1.30 පවා මම කෑම කාල තියනව. පිගානට බත් ටික ඇලිල ඉවර වෙනකොට. ඔන්න ඉතින් කන්න පටන් ගත්ත. කිව්වට විස්වාස කරන්න මම කටවල් දෙකක් කනකොට බඩට යන බත් ටික ආයිත් වමනෙ යන්න එනව. හරියට මම ජිවිතේ මුල්ම වතාවට කෑම කනව වගේ.මම හිතන්නෙ බඩට හුරු නැහැ ඉක්මනට කෑම කාල. හැබැයි මම නැවැත්තුවෙ නැහැ. වමනෙට එන්න එන්න දිගටම කෑව. හැබැයි තනියම පැත්තකට ගිහින් කැවේ. මොකද මම කන ගමන් වමනෙ දාන්න එනකොට අනිත් කට්ටියට අප්පිරිය නිසා. දවස් 4-5ක් එක දිගට ඕක කරනකොට අර වමනෙට එන ගතිය අඩු උනා. මම දවසට 5 පාරක් කෑව. සුදු බත් 300g වගේ එක වේලකට.(ඉව්වට පස්සෙ) දිගටම කනකොට මට තේරුණා බඩගිනි වැඩි වෙනවා කියල වෙනදට වැඩිය. ඔහොම දිගටම කෑව. හැබැයි මම බොන වතුර ප්‍රමාණය අඩු කලේ නෑ. කොහොම හරි ඇදිරි නිතිය අයින් උනාට පස්සේ මම අමතර දේවල් වගයක් කෑව.
    1) රට ඉදි එක්ක එලගි තෙල් (4-5ක් වගේ) (රට ඉදි හොද එක ගන්න අර loose තියන එක හරි නෑ) පැකට් කරල එනව හොද එකක්.
    2) අලි ගැට පේර ගෙඩියක් / කෝලිකුට්ටු ගෙඩියක්
    3) සමපෝෂ 100g ක් (සමපෝෂ එකට පොල් දැම්මේ නැහැ.හැමදාම පොල් ගාන්න ගියොත් ඕන කරන්න වෙන්නේ නැහැ.සීනි ටිකකුයි සමපෝෂයි විතරයි) ලොකු වියදමක් නෑ. 500g එක 170ද කොහෙද.
    4) ක්‍රීම් ක්‍රැකර් 3ක්
    5) චොකලට් ෆ්‍රෙෂ් මිලක් එක්ක ඕට්ස. 50gක් (ඕට්ස් එක ගත්තෙ blender කරල 50g ගානෙ ෆ්‍රෙෂ් මිල්ක් එක්ක දිය කරල. මේක ගත්තෙ රෑට. උදේට ගන්නවට වැඩිය රෑට බොනකොට ප්‍රතිපල ලැබුන.)
    6) බනිස් ගෙඩියක්
    7) පැස්ට
    8) පිනට් බටර්
    මම කෑවේ මෙහෙමයි.
    උදේට මම සමපෝෂ 100g කනව. ඊළගට බත් 350-400g කනව. ඒක කාල අතුරුපසට අලිපේර හරි කෙසෙල් හරි කනවා.(කෝලිකුට්ටු හරි ආනමාලු හරි වෙන්න ඕන) ආයිත් පැය 2.30 කින් විතර අයිත් බත් කනව. අතුරැ පසට බනිස් ගෙඩිය කනව. ක්‍රීම් බනිස් ගෙඩියක් කන්නෙ.ඔය බනිස් ගෙඩිය කන එකයි අර කෙසෙල් ගෙඩිය කන එකයි වැදගත්. ආයිත් පැය කිපයකින් බත් කනව. හැබැයි ඒ පාරට නම් 400g වගේ කන්න අමාරුයි. 200g වගේ තමා.
    රෑට පැස්ට 125g කනව. ඒක කාල ෆ්‍රෙෂ් මිලක් එකයි ඕට්ස් එකයි ගන්නව. ඕට්ස් මික්ස් කරල ගන්නේ මිල්ක් එකට. පිනට් බටර් හැඳි එකයි. (තව හවසට milo එකක් හරි newdail එකක් හරි බිව්ව සමහර දවස් වලට) යෝගට් වගේ ඒවත් අමතර ගන්න පුලුවන්නම් හොදයි. මම මාස 2ක් විතර ඔය ටික හැමදාම කෑව. මාස දෙකකදී පිනට් බටර් එකයි එලගි තෙල් එකයි නැවැත්තුව.1L චොකලට් ice cream එකක තියෙන්නෙත් පිනට් බටර් 500g එකේ තියන කැලරි ගානමයි. පිනට් එක 500-600 වගේ වෙනව cream එක 300යි. හැබැයි ඉතින් සීනි තියන නිසා අරක තරම්ම ඇගට හොද නෑ .කැමැත්තක් කරන්න. පිනට් එකේ ගානටත් වැඩිය බලපෑවේ මට ඇති කියල හිතුන නිසා. මම කන්න පටන් ගත්තේ april වගේ මතක හැටියට. 9 වෙනි මාසෙ මුල මම මෙඩිකල් එකක් ගන්න ගියාම 63kg තිබුන.මාස තුන හමාරකට කිලෝ 14ක් වගේ වැඩි වෙලා.මට sure නැති නිසා මම තව තැනකින් ආයිත් පාරක් බර කිරල බැලුව.එච්චරට හිතාගන්න බැරි උන. හැබැයි මේ මම පිනට් බටර් එලගි තෙල් නවත්තල මස එක හමාරකට විතර පස්සේ.ඒවත් කෑව නම් තව ගොඩක් වැඩි වෙනව. මට තිබුන ඇදුම් එහෙම අදින්න බෑ ගොඩක්.ඉන 28 තිබුණෙ. දැන් 32-33 අදින්නෙ. මස 3-4කින් මෙච්චර වෙනස් වෙයි කියල මම හිතුවෙ නැහැ.මම දැන් දැන් කන එක ටිකක් අඩු කළා.ගොඩක් මහත් උනාමත් ප්‍රශ්න. කෙට්ටු කට්ටිය මහත් උනා වගේ නෙමේ මහත කට්ටියට කෙට්ටු වෙන්න අමාරුයි. ඉතින් මේ ඉන්න ගානට වැඩිය තව පොඩ්ඩක් මහත් උනාම ඇති මට. ඒක නිසා දැන් සාමාන්‍ය විදියට කනව. කලින් වගේ උඩ තියන ඔක්කොම කන්නෙ නෑ. දවස් ගානක් හිතල හිතල දැම්මෙ මේකෙ. වැඩක් වෙයිද නැති වෙයිද කියල දන්නෙ නැති නිසා. ඕන දෙයක් වෙන්න කියල දැම්ම.කැමති කෙනෙක් ඉන්නවනම් වැඩක් ගන්න. ලොකු වියදමක් යන්නෙ නැහැ. වියදම් උනත් මාස 3ක් වගේනෙ. මහත් උනා ඇති කියල හිතෙනකොට නවත්තල සාමාන්‍ය ගානට කන්න. පිටි බෙහෙත් අරගෙන මහත් උනේ නැති නිසා ඇග බහින්නෙ නැහැ නැවැත්තුව කියල.:love::love::love:
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    කොච්චර විතර වියදම් උනාද බං ඔය මාස 3ට. අපිට නම් හීන තමයි. 😊
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචං මමත් සෑහෙන්ඩ කෙට්ටුවට හිටියේ මමත් ගෙදර ඉද්දි යෝගට් එකයි චීස් කෑල්ලයි දවසට කෑවා සති දෙකක් විතර.පස්සේ ඉතින් දිගටම චීස් කන්ඩ සල්ලි නැති නිසා යෝගට් කේස් එකක් හයිලන්ඩ් එකේ ලොරියෙන් ම අරගෙන දවසට දෙක ගානේ කෑවා මාසයක් විතර.දැන්නම් හිටියට වැඩිය ගොඩක් මහත් වෙලා බරත් වැඩි වෙලා වෙන විශේෂ මුකුත් කෑවෙ නෑ .
     
  • Jul 12, 2012
    447
    74
    28


    මචං මමත් සෑහෙන්ඩ කෙට්ටුවට හිටියේ මමත් ගෙදර ඉද්දි යෝගට් එකයි චීස් කෑල්ලයි දවසට කෑවා සති දෙකක් විතර.පස්සේ ඉතින් දිගටම චීස් කන්ඩ සල්ලි නැති නිසා යෝගට් කේස් එකක් හයිලන්ඩ් එකේ ලොරියෙන් ම අරගෙන දවසට දෙක ගානේ කෑවා මාසයක් විතර.දැන්නම් හිටියට වැඩිය ගොඩක් මහත් වෙලා බරත් වැඩි වෙලා වෙන විශේෂ මුකුත් කෑවෙ නෑ .
    mama dala thiyana eva kavoth thava mahath vei. eka digatama kannath epa ban eka eka. maru kara kara kava nam hari. cheese nam ganan vadi kohomath
    ඔව් ඕන
    read above machan.
    Badath awada?
    e gana danna amathaka una. bada gana nam katha karala vadak na. bada ava sahenna. eth ithin gym ekakata gihin bada adu kara ganna puluvanne. thama giye nam na. bada gana hithuvoth kama kana eka nathara venava. ekai digatama kava bada amathaka karala