මහනුවර ගැටඹේ බෝධිය - අතීත කථා..
ජීවිතයේ ආදරණීයම මතකයක් ඉතිරි කල ගැටඹේ බෝ සෙවන පිළිබඳ යමක් ලියන්නට සිතේ..

මහනුවර සිට කොළඹට විහිදෙන ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්‍රකට ගැටඹේ රාජෝපවනාරාමයේ (ගැටඹේ බෝධිය) පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත.
මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක් පමණ වෙයි. මේ බෝධිය මහනුවර නිර්මාණය වූ කරත්ත සීපදවල වර්ණනා වනුයේ එදා සිය ගණනක් වූ කෝපි කොළඹට රැගෙන ගිය ගැල් රෑට නවාතැන් ගත් තිප්පලක් වශයෙනි.
මේ බෝධිය සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පේරාදෙණිය පොලිසිය අසලින් ඇතුළට ගිය විට එදා තුන් සිංහලයේ ම පයින් ගමන් බිමන් ගිය අය නැවැතී විවේක ගෙන සීතල දිය නා ගිමන් හළ ප්‍රකට මධ්‍යස්ථානයක් වූ හාල් මැහි කඳුර නම් හන්තාන කන්දෙන් පොළව යටින් මතු වී බුබුළු දමමින් උඩට ආ සීතල ජල උල්පත විය.
පියා හා අමනාප ව කොත්මලේට පලාගිය ගැමුණු කුමරු දිවා ආහාරය ගෙන විවේක ගත්තේ ද හාල් මැහි කඳුරේදී ය. 1947 ගංවතුරෙන් මුළු ප්‍රදේශය ම වර්ෂා ජලයෙන් යට වෙද්දී ගැටඹේ බෝධිය අවට බිම ගංවතුරට යට නොවී ඉතිරි වීම සමඟ ගැටඹේ බෝධියේ හාස්කම් පැතිරී යාමට විය. වර්තමාන දියුණුවට අඩිතාලම වැටුණේ මේ හාස්කම සමඟ ය.
උඩරට දෙවන රාජසිංහ රජු (1636 / 1687) රජ කරන විට දිගූද මේලෝ කැස්ට්‍රෝ නමැති පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි වරු උඩරට විශාල යුද හමුදාවක් රැගෙන විත් වට කළහ.
පරංගි හමුදාව කඳවුරු බැඳගත්තේ මහවැලි ගඟ අද්දර ගැටඹේ තොට අසලයි. පෘතුගීසීන් උඩරටට ඇතුළුවන විට මහනුවර අත හැර කඳුකරයට පළා ගිය රජු ටිකෙන් ටික නගරයට ළංවෙමින් ගරිල්ලා ක්‍රමයට සතුරා වටලන්නට විය. දැඩි වර්ෂාව සමඟ මහවැලි ගඟ උතුරා යාමට විය. ගැටඹේ බෝධිය අසල මෑතක් වනතුරු ගඟ හරහට ස්වභාවික ගල් බැම්මක් සේ විහිදී ගිය හරස් ගල්තලාවක් විය. ඉන් ගඟේ ජලය ගලායාම සිදුවූයේ ඉතා සෙමිනි. එය ගඟේ ස්වාභාවික බාධකයක් විය.
වර්ෂාව සමඟ ම රෝගාබාධ මතු වන්නට විය. පෘතුගීසීන්ගේ යුද කඳවුරේ ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පසුදා උදෑසන හිරු රැස් වැටෙන විට තෙමුණු වෙඩි බෙහෙත් ගෝනි බිම එළා සුදු වැලි ඇති ගංඉවුරේ දමා වේලන්නට විය.
ගැටඹේ තොට යාව පිහිටි ගන්නෝරු කන්ද හෙවත් දිවි දොස් කන්ද එදා උඩවත්ත කැලේ - හන්තාන – බහිරව කන්ද සමඟ එක ම කැළෑ යායක් ලෙස පැතිර තිබූ දැවැන්ත කැළෑවක් විය.
දිවි දොස් කන්ද මුදුනට නැඟගත් සිංහල සෙනෙවියෝ ගැටඹේ ගංඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් ගෝනි මත එලා වේලනු දුටුවාහ. මේ බව ඊයක බැඳි රහස් තල්පතක් මඟින් රජු වෙත දැනුම් දී ඇත. රාජ නියෝගය වූයේ ඒ වෙඩි බෙහෙත් විනාශ කිරීමයි.
දිවි දොස් කන්ද මුදුනේ සිට ඊතලවල බැඳි ගිණි ඇවිල වූ කරුංකා ගෙඩි බැඳ වෙඩි බෙහෙත් වෙත දුනුවලින් ඊතල කීපයක් එක්වර ම පතිත විය. වේලමින් තිබූ වෙඩි බෙහෙත් මහ හඬ නඟා පුපුරා එක ම ගිණි ජාලාවක් බවට පත් විය. ඒ සමඟ ම සැඟවී සිටි සිංහලයෝ තුවක්කු හෙලි දුනු ඊ කඩු රැගෙන පරංගීන් වෙත කඩා පැන්නාහ. අඩ හෝරාවක් ම පැවැති ගන්නෝරු සටනින් පරංගි හමුදාව සමූල ඝාතනය වූ අතර පරංගි ලෙයින් ගැටඹේ තොටේ සුදු වැල්ල රතුපාට විය. මාරාන්තික කඩු පහර කෑ දිගූද මේලෝ කැස්ට්‍රෝ තම පුතා දෙවන රාජසිංහ රජුට බාර දී අවසන් හුස්ම හෙලුවේය.
ගන්නෝරු සටනේ එය සිහිවීමට දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර තුනක් සිටුවීය. ගැටඹේ රාජෝපවනාරාමයේ ඇති පඬුරු දමන බෝධිය එසේ රාජසිංහ රජුගේ නියමය පිට විජයපාල කුමරු 1638දී රෝපණය කරවූවකි. එය දැනට අවුරුදු 375කට වඩා පැරැණිය. අතු පතර විහිදී ගිය දැවැන්ත ශාඛා පහක් පමණ එහි ඇත.
දෙවන ජය සමරු බෝධිය මීට මඳක් නුදුරින් මහනුවර ඇසළ පෙරහර දියකපන තොටුපල අසල පිහිටා ඇත. එය ගඟ අද්දර ම සරු පසක පිහිටි බැවින් මුලවට අඩි හතළිහක් පමණ යුතු හොඳින් ශාඛා පත්‍ර විහිදී ගිය වෘක්ෂයකි. ඇසළ පෙරහරේ දිය කපන දා මේ දිය කැපුම් බෝධිය අසල දහස් ගණනක් බැතිමත්හු මහ රෑ ගඟට පැන දිය කැපූ පසු නාති. මේ දිය කැපුම් බෝධියේ අතු හා පත්‍ර හරස් අතට විහිදීම විශේෂයකි. මේ අසළ අලුතින් දිය කැපුම් තොට රක්වංග විහාරය ඇරැඹී ඇත. මේ බිම්කඩ මහනුවර විෂ්ණු දේවාලයට අයිතිය.
තුන්වන ජය සමරු බෝධි අංකුරය එදා පේරාදෙණිය මල්වත්තේ සිටුවා ඇත. සරුවට වැඩී තිබූ මේ බෝධිය 1820 ඉංග්‍රීසින් පේරාදෙණි මල්වත්ත නැවත සකස් කිරීමේදී කපා දමා ඇත. ගැටඹේ බෝධිය දකින විට 1638 ගන්නෝරු සටන හා සිංහලයන් එහිදී ලැබූ අතිවිශිෂ්ට ජය එක්වර සිහියට නැඟෙයි.
අනෙක් අයටත් බලන්නට බම්ප් කරනු මැනවි...!
:::::මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි...මා ඔබ වෙන් කෙරුණු නගරයයි:::::

ගැටඹේ 