මහපොළ ශිෂ්‍යත්ව 30%කින් ඉහළට
මහපොළ ශිෂ්‍යත්ව 30%කින් ඉහළට
Saturday, ජනවාරි 5, 2019 - 01:00
සමන්මලී ප්‍රියශාන්ති
ආදායම් සීමාව ලක්ෂ10කින් වැඩි කරයි
විශ්වවිද්‍යාලවල මහපොළ හා ශිෂ්‍යාධාරලාභීන්ගේ සංඛ්‍යාව මේ වසරේ දී සියයට 30 කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව නව වසරේ දී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට තේරී පත් වන සිසු සිසුවියන් 4000කට පමණ මහපොළ හිමිකම් ලබා දීමට නියමිතව ඇතැයි මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5ට අඩු පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම මෙතෙක් සිදු කළ අතර, මෙවර එම සීමාව ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.
මේ අනුව සිසු සිසුවියන්ට මහපොළ හිමිකම් ලබා ගැනීමට ඇති හැකියාව පුළුල් කර ඇති අතර, මේ වසරේ දී නව ක්‍රමවේදයක් අනුව සිසුන්ට මහපොළ ලබා දීමට ද සැලසුම් කර තිබේ.
දැනට විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරණ මේ සිසු සිසුවියන් වෙනුවෙන් මසකට රුපියල් 5000ක මුදලක් මහපොළ ශිෂ්‍යාධාර ලෙස ලබා දෙන අතර, නව ක්‍රමවේදය අනුව එම මුදල අදාළ සිසු සිසුවියන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ ශිෂ්‍යාධාර මුදල් හිමි විය යුතු සිසුන් පිළිබඳ මාසිකව විශ්වවිද්‍යාල මගින් තොරතුරු රැස් කෙරෙන අතර, මහපොළ ලබා දීමේදී එම වාර්තා සැලකිල්ලට ගනු ලබයි.
යම් සිසුවකු නවක වධ සිදුවීම් වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ නම් ඔවුන්ගේ මහපොළ අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ක්‍රියා කර ඇත්නම් නැවත දැනුම් දෙන තුරු එම සිසුවාට මහපොළ ගෙවීම මහපොළ අරමුදල මඟින් අත්හිටුවනු ලැබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් ඉදිරියේ දී නව චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එම චක්‍රලේඛ නිකුත් වීමෙන් පසු ගෙවීම් කටයුතු ආරම්භ කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවැසීය.
- http://www.dinamina.lk/2019/01/05/පුවත්/66515/මහපොළ-ශිෂ්‍යත්ව-30කින්-ඉහළට