මහමෙව්නාවෙන්_ඇදහැලෙන_අමා_වැස්ස
ආමිසගරු සූත්‍රය-
1. “මහණෙනි, මේ පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.
2. “මහණෙනි, සිවුපසය ගරුකොට සලකන්නාවූ සදහම් ගරුකොට නොසලකන්නාවූ පිරිස කවරීද? මහණෙනි මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන් ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ දොස් කියමින් ‘අසවල් මහණතෙම (විස්කම්භන සමුච්ඡෙද යන) දෙකොටසින් මිදුණේය, අසවල් මහණතෙම ප්‍රඥාවෙන් විමුක්තය, අසුවලා කයින් ධ්‍යාන ස්පර්ශකොට පසුව නිවන් ප්‍රත්‍යක්ෂ කෙළේය. අසුවලා මාර්ග දෘෂ්ටියට පැමිණියේය. අසුවලා ශ්‍රද්ධාව නිසා මිදුනේය, අසුවලා ධර්මය අනුව සිහිකරන ස්වභාවය, අසුවලා ශ්‍රද්ධානුසාරීය, අසුවලා සිල්වත්ය, අසුවලා කල්‍යාණ ස්වභාව ඇත්තේය, අසුවල් මහණතෙම ලාමකවූ ස්වභාව ඇත්තේය. දුශ්ශීලයයි කියත්. ඔව්හු තුමූ ඒ ගුණාගුණ කීමෙන් සිවුපසය ලබත්. ඔව්හු ඒ ලාභයෙහි (තෘෂ්ණාවෙන්) ගැටගැසුනාහු මූර්ඡා වූවාහු ගැලී සිටියාහු ආදීනව (වරද) නොදක්නා ස්වභාව වූවාහු ඡන්දරාගය දුරුකරණ ප්‍රඥාවෙන් තොර වූවාහු (සිවුපසය) පරිභොග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කොට ඇත්තාවූ සදහම් ගරුකොට නැත්තාවූ පිරිස යයි කියනු ලැබේ
3. මහණෙනි, දහම ගරුකොට ඇත්තාවූ සිවුපසය ගරුකොට නැත්තාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන්ගේ ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ නොකියන්නේ අසවල් මහණ තෙම (විස්කම්භන සමුච්ඡෙද යන) දෙකොටසින් විමුක්තය, අසවල් භික්ෂුතෙම ප්‍රඥාවෙන් විමුක්තය, අසවල් මහණතෙම කයින් ධ්‍යාන ස්පර්ශකොට පසුව නිවන් පසක් කෙළේය. අසවල් මහණතෙම මාර්ගදෘෂ්ටියට පැමිණීයේය, අසවල් මහණ තෙම ශ්‍රද්ධාවිමුක්තිය, අසවල් මහණතෙම ධර්මානුසාරීය, අසවල් මහණතෙම ශ්‍රද්ධානුසාරීය, අසවල් මහණතෙම සිල්වත්ය, යහපත් ස්වභාව ඇත්තේය. අසවල් මහණතෙම දුශ්ශීලය පාප ස්වභාව ඇත්තේයයි නොකියත්ද, ඔව්හු තුමූ සිවුපසය ලැබීමෙහි (තෘෂ්ණාවෙහි) ගැට නොගැසුනාහු මුසපත් නොවූවාහු ගැලී නොසිටියාහු ආදීනව දක්නාසුලු වූවාහු නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තවූවාහු (සිවුපසය) පරිභොග කරත්. මහණෙනි, මේ සද්ධර්මය ගරුකරන්නාවූ ආමිෂය ගරුනොකරන්නාවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි.
4. “මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සද්ධර්මය ගරුකරන්නාවූ ආමිෂය ගරුනොකරන්නාවූ පිරිසක් වේද, මේ පිරිස අග්‍රවේ.”