මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒ අවට වෙළෙඳසැල් ඊයේ (13) රාත්‍රියේ ඉවත් කිරීමට යාමේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
පොලීසියේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය වුවත් වෙළෙඳුන් පැවසුවේ හදිසියේ සිදුකළ ඉවත්කිරීමෙන් තමන්ට දැඩි පාඩු සිදුවූ බවය.
මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණි.
ඔහු පැවසුවේ, එම ස්ථානයේ සහ පමුණුව පාරේ ඇති වෙළෙඳසැල්ද ඉවත් කළයුතු බවය.
එහිදී ඇතිවූයේ උණුසුම් වචන හුවමාරුවකි.
අධිකරණයේදී ගැටලුවට විසඳුම් සෙවිය හැකි බවට පොලීසිය පැවසීමත් සමග වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
කෙසේ වෙතත් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි වෙළෙඳුන්ට සිය වෙළෙඳාම් කර ගැනීමට හැකිවූයේ නැත.
මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය සහ වත්මන් නාගරික මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ එම ස්ථානය නිරීක්ෂණය කළේය.
ඔවුන් පැවසුවේ, අලුතින් එම ස්ථානයට පැමිණි වෙළෙඳුන් හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වෙළෙඳාමේ නිරත පුද්ගලයින්ට අසාධාරණයක් සිදුවී ඇති බවය.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගෙන් අප විමසීමක් කළේය.
එහිදි ඔහු පැවසුවේ,"මේ ඉඩම, භූමිය අයිති නගරසභාවට නම් නගරාධිපති ඇතුලු නගරසභාව තමයි මේ ඉඩම කාටද දෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ. මම කළේ මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා ඒ නගරාධිපති සහ නගරසභාවෙන් අලුතින් ඇති වෙච්ච ස්ථානයේ වෙළෙඳ කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු පොලීසියට කිව්වා ඒ ස්ථානයට කාටවත් එන්න දෙන්න එපා කියලා. දේශපාලනඥයෝ එකතුවෙලා මේ දෙවල් කරලා මිනිසුන් උසිගන්වනකොට මිනිසුන්ගේ ජීවිතවලට හානියක් වුනොත් කවුද වග කියන්නේ. නගර සභාවෙන් තීරණයක් ගන්නා තුරු මෙතනට කාටවත් එන්න දෙන්නේ නෑ"
Last edited:
ගිණිතියාගෙන මැරෙන්න ගිය එකා බිමට බැහැල කියනවා "මට සීරීමක් හරි උනොත් " කියලා.