මහරජුගේ-දන්සැල තැපැල් ඡන්ද දිනයේත් විවෘත

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහරජුගේ-දන්සැල තැපැල් ඡන්ද දිනයේත් විවෘත

    රජයේ සේවකයින් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනය වන ජනවාරි 13 බදාදා සහ 14 බ්‍රහස්පතින්දා යන දින දෙකේම අරලියගහ මන්දිරයේ දන්සැල් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇත. මෙහි මෙහෙයවීම් කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කෙරෙන අතර, මේ අනුව 13 වැනි බදාදා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සහන සොහොයුරියන්ගේ සංගමයේ නිලධාරීන්ටත්, ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරීන්ගේ සංගමයටත් අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස දන්වා ඇත.
    පෞද්ගලික නිවාඩු සටහන් කොට මෙම අවස්ථාව වෙනුවෙන් පැමිණෙන ලෙස දන්වා ඇති අතර, කිසිදු ලිඛිත ලියවිල්ලක් මේ වෙනුවෙන් නිකුත් නොකරන බවද එම නිලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇත. එමෙන්ම මෙම පනිවිඩ සියල්ලම ලබා දී ඇත්තේ දුරකතන මගින් වන අතර, මෙසේ ආරාධනා කරන ලද සියලුම නිලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇත්තේ 13 වන දින මෙම උත්සවය සඳහා පැමිණෙන ලෙසත්, 14 වන දින සිය ඡන්දය පාවිච්චි කිරීමට යන ලෙසත්ය. මේ වෙනුවෙන් ආරාධනා ලැබූ නිලධාරීන් පිරිස දැනට දහස ඉක්මවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    22437_102504463110619_100000531974806_64257_668947_n.jpg