මහරජ ගැමුණු 2015 (Maharaja Gemunu (2015) Theatrical Trailer - Official )

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජයන්ත චන්ද්‍රසිරිගේ නම් ඉතින් අහන්න දෙයක් නැහැ..සුපිරියටම ඇති...මතකනේ මේවා?





     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    me wwage films hadenawanam lankawe films lokema famous karanna puluwan..ara kiwwa wage jayantha chandrasiri nam patta wadakaru.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නියම film එකක් වගේ,සුපිරියට හදලා තියෙනවා..
     

    Prem d Man

    Member
    Jan 27, 2015
    7
    0
    0
    ෆිල්ම් එක නම් සුපිරි.... සිංහල සිනමාවෙ මම දැකල තියෙන විශිෂ්ටතම සිනමා කෘතිය කිව්වොත් නිවැරදියි. ඉතිහාස කථා ගොඩක් බැලුව පහුගිය කාලෙ. ඒත් ඒව මේ ෆිල්ම් එකේ අහලකවත් නෑ. පොතත් කියෙව්ව බලන්න කලින්.
    පොතේ හිටිය ගැමුණු ෆිල්ම් එකේ නැති වෙයිද කියලත් පොඩි බයක් දැනුන බලන්න කලින්. ඒත් එහෙම වුනේ නෑ.
    සෑම ලාංකිකයෙකුම මේක බලන්න ඕනි. රජ වැඩක්..!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහරජ ගැමුණු ඇරඹූයේ මීට වසර 6-7කට පෙරය. නමුත් එය ලත්තැන ලොප් වූයේ තිරපිටපතේ පැවැති ආන්දෝලනාත්මක ස්වභාවය නිසාවෙනි. පසුව මාධ්‍යෙව්දී ජයන්ත චන්ද්‍රසිරි එය කෘතියක් ලෙස වෙනස් කොට ඉදිරිපත් කරන ලදී. එය උණු කැවුම් මෙන් අලෙවි වූ ඉතාම ඉහළ නවකථාවකි. දැන් ඒ අනුසාරයෙන් ඉදිරිපත් වන චිත්‍රපටය කරළියට විත් ඇත..
    චිත්‍රපටය සමස්තයක් ලෙස නැරඹීට උචිත කතාන්දරයකි.. නමුත් එහි සියල්ල ඇති අතර ජයන්ත චන්ද්‍රසිරි නැත.. ඔහුගේ විශේෂඥතාව තිබුණේ ඓතිහාසික කතා නිර්මාණයට මිස සාමාන්‍ය තේමා සම්බන්ධයෙන් නොවේ.. සමනළ සංධ්වනියේදී වෙනස් හා ඉතා ඉහළ තේමාවක් යොදාගන්නා ඔහු (කොපියක් වුණත් ඉතා හොදට තිබුණා) මෙවර සනත් අබේසේකර ගේ මට්ටමට ආසන්න වීම අදහාගත නොහැකිය..
    චරිත නිරූපණයේදි ජැක්සන්, ශ්‍රියන්ත ගැන කතා කිරීම වැඩක් නැත. ඔවුන් තිරපිටපත තුළ කළ හැකි සියල්ල හුදෙකලාවම සිදුකරයි.. උද්දික ප්‍රේමරත්න තුළ තබා තිබූ අධිවිශ්වාසයට ඔහු සාධාරණයක් ඉටුකර නොමැත.. ඔහු පැණි නලුවෙකි. මෙවැනි චරිතයකට පෙර පරිදිම තුමිදු දොඩම්තැන්න, බිමල් ජයකොඩි හෝ නවක නළු හේමාල් මෙන්ඩිස් වැන්නෙකු යොදාගත්තා නම් එහි ජවය රැදෙන්නට තිබුණි.. සේනාධිපති නන්දිමිත්‍ර ලෙස රගපෑ නලුවාගේ රගපෑම් නොවන්නට කතාව ෆ්ලැට් වන්නට ඉඩතිබුණි.. ප්‍රවීණයන් පවා විපිළිසර වන රගපෑම් තිබීම පුදුමාකාරය..
    ඉතිහාසයේ වැඩිම වියදම දරා තැනූ මෙය පාසල් දරුවන්ට සුදුසු චිත්‍රපටයකි.. හැමෝම නැරඹිය යුතුය. නමුත් චිත්‍රපටයක් බලනවා යන අදහසින් බලද්දි අඩුපාඩු සිය ගණනක් පෙනෙයි.. ඒවා කතාකිරීම අවශ්‍ය නැත එය මේ ව්‍යායාමය ලඝූ කිරීමක් සේ සිතෙයි..
    නදීක ගුරුගේ කේමදාසයන්ගේ අඩුව ඉහළින්ම පුරවා ඇත. කතාවේ ‘කරෙක්ෂන්ස්‘ හදන්නට යාම නිසා චමත් පරණවිදානගේ විශිෂ්ට ‘කම්පියුටර් ග්‍රැෆික්ස් හා දෘෂ්‍ය ප්‍රෙයා්ග‘ වලට දක්වූ සැලකිල්ල අඩුවී ඇතැයි සිතේ.. කෙසේ නමුදු ඔවුන් දෙදෙනා නොවන්නට මෙය චිත්‍රපටයක් නොව තවත් ටීටර් එකක් වනු නිසැකය.. ප්‍රවීන සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේ ප්‍රථම වතාවට අසාර්ථකය. මෙවැනි දැවැන්ත නිර්මාණයක තිබිය යුතු වේගවත් බව අත්හැර එය ඈනුම් යන අන්දමට සිදුකිරීම හෙළා දකිමි.. වෙනදාට පෙළහර පානා රුවන් කොස්තාගේ කැමරාව මෙවර මොනවා වෙලාදැයි හිතාගන්නට බැරිය...
    කොහොම වුණත් 50%-60%ක සාර්ථකත්වයක් සහිත සිනමාකෘතියක් බව කියන්නට ඕනෑ නැත. අසාර්ථකත්වය තිබෙන්නෙ කථාවේ අඛණ්ඩතාවය හා ගලායාමෛ් අඩුපාඩුවයි.. ‘සිරි පැරකුම්‘ හි සෝමරත්න දිසානායක අති විශිෂ්ට හා නාට්‍යමය වගේම ෆැන්ටසිමය පැත්තෙනුත් ඉහළ අන්දමින් නිරූපණය කළ මගුල් ඇතාගේ සිදුවීම මෙහි මහා කම්මැලි විදියට පෙන්නීම අවුල් සහගතය.. අරුණි හැර අනෙක් පොෂ් කෙල්ලට වඩා චාන්දනී සෙනෙවිරත්නට ඊට වඩා ඒ චරිතය කළ හැකි බව සිතුණි.!
    චිත්‍රපටයේ දාර්ශනික තේමාව හා කූඨප්‍රාප්තිය ඇරඹෙන්නේ විවේකයෙනුත් පැය භාගයකට පසුය..නමුත් කූඨප්‍රාප්තියෙන් පසුව චිත්‍රපටය නැවත කඩා වැටි එය හින්දි චිත්‍රපටයක මෙන් අවසානයක් කරන්නේ ඇයි දැයි නොතේරේ....
    කෙසේ නමුතු බලාපොරොත්තු කඩවීම ගැනත්...මෙවැන්නක් මෙලෙසින් නිර්මාණය කිරීම ගැනත් ජයන්ත චන්ද්‍රසිරී මහතාට ආදර ගෞරවය හිමිවෙයි....
     
    Last edited: