මහලු සිඟාලයාගේ ගත යුතු අංගයක්
මහලු සිඟාලයාගේ ගත යුතු එක් අංගයක්
එම කාරණය මහාකාශ්‍යප හිමිට අනුරූපව:
මිලින්ද ප්‍රශ්න: යොගිකථා ප්රශ්නය චතුර්ථ වර්ගය [ http://thripitaka.org/view/other/milinda1970/581 ]
In English: Rhys Davids, 1894; 36. THE OLD MALE JACKAL. [ http://thripitaka.org/view/sbe/vol36/358 ]
ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, ථෙරගාථා පාළි, 18. චත්තාලීස නිපාතය, 40.1.1. මහාකස්සප ස්ථවිරගාථා [ http://thripitaka.org/view/sp/sp22sp23/276 ]
Skylark
මහලු සිඟාලයාගේ ගත යුතු එක් අංගයක්
එම කාරණය මහාකාශ්‍යප හිමිට අනුරූපව:
ඇවැත්නි, මම අලුයම නැඟී සිට කළමනා වතාවත් කොට නිමවා පාසිවුරු ගෙණ සෙනාසනයෙන් බැස පිඬු පිණිස ගම්දොරට ගියෙමි. එකල ඒ ගම්හි සර්වජනප්‍රතිකූල්‍ය වූ ඉතා නපුරු වූ කුෂ්ටරොගය කින් පෙළිපෙළී දුක් විඳිමින් අනුභව කළ යුතු භොජනයක් ලදින් ඒ භොජනය අනුභව කෙරෙමින් හුන් කුෂ්ටරොගීපුරුෂයා දැක ඔහුට වැඩක් සාධනු පිණිස භික්ෂාචර්යාවතින් සකසා ඔහු කරා ගොස් පෙණෙන සේ ලඟ සිටියෙමි. ඒ කුෂ්ටරොගියා මා දැක ප්‍රසන්න ව අනික් පිදිය යුතු වූ දනක් නො ලදින් තමන් අනුභව කෙරෙමින් හුන් බතින් පිඩක් කුණු වූ අතින් ගෙණ මාගේ පාත්‍රයට පිරිනමා ලී ය. ඒ බත්පිඩ පාත්‍රයෙහි බහා ලන කල්හි ඔහුගේ කුණු වූ අත ඇඟිල්ලක් සිඳී පාත්‍රයෙහි වැටුනේ ය. මම ද ඔහුට අනුකම්පාවෙන් ඒ භොජනය ගෙණ ඊට නුදුරු ගෙබිත්තියක් නිසා පිහිටි සෙවණක හිඳ ඒ කුණු වූ ඇඟිලිකඩ ඉවත දමා ඒ බත්පිඩ පස්විකා වැළඳීමි. ඒ බත්ආලොපය වළඳන කල්හි ද, වැළදූ කල්හි ද ශරීරයාගේ ස්වභාව සිතන්නා වූ මට පිළිකුළෙක් නො වූයේ ය.