මහලු සිඟාලයාගේ ගත යුතු අංගයක්

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මහලු සිඟාලයාගේ ගත යුතු අංගයක්

මහලු සිඟාලයාගේ ගත යුතු එක් අංගයක්

එම කාරණය මහාකාශ්‍යප හිමිට අනුරූපව:

ඇවැත්නි, මම අලුයම නැඟී සිට කළමනා වතාවත් කොට නිමවා පාසිවුරු ගෙණ සෙනාසනයෙන් බැස පිඬු පිණිස ගම්දොරට ගියෙමි. එකල ඒ ගම්හි සර්වජනප්‍රතිකූල්‍ය වූ ඉතා නපුරු වූ කුෂ්ටරොගය කින් පෙළිපෙළී දුක් විඳිමින් අනුභව කළ යුතු භොජනයක් ලදින් ඒ භොජනය අනුභව කෙරෙමින් හුන් කුෂ්ටරොගීපුරුෂයා දැක ඔහුට වැඩක් සාධනු පිණිස භික්ෂාචර්යාවතින් සකසා ඔහු කරා ගොස් පෙණෙන සේ ලඟ සිටියෙමි. ඒ කුෂ්ටරොගියා මා දැක ප්‍රසන්න ව අනික් පිදිය යුතු වූ දනක් නො ලදින් තමන් අනුභව කෙරෙමින් හුන් බතින් පිඩක් කුණු වූ අතින් ගෙණ මාගේ පාත්‍රයට පිරිනමා ලී ය. ඒ බත්පිඩ පාත්‍රයෙහි බහා ලන කල්හි ඔහුගේ කුණු වූ අත ඇඟිල්ලක් සිඳී පාත්‍රයෙහි වැටුනේ ය. මම ද ඔහුට අනුකම්පාවෙන් ඒ භොජනය ගෙණ ඊට නුදුරු ගෙබිත්තියක් නිසා පිහිටි සෙවණක හිඳ ඒ කුණු වූ ඇඟිලිකඩ ඉවත දමා ඒ බත්පිඩ පස්විකා වැළඳීමි. ඒ බත්ආලොපය වළඳන කල්හි ද, වැළදූ කල්හි ද ශරීරයාගේ ස්වභාව සිතන්නා වූ මට පිළිකුළෙක් නො වූයේ ය.

මිලින්ද ප්‍රශ්න: යොගිකථා ප්‍රශ්නය චතුර්ථ වර්ගය [ http://thripitaka.org/view/other/milinda1970/581 ]
In English: Rhys Davids, 1894; 36. THE OLD MALE JACKAL. [ http://thripitaka.org/view/sbe/vol36/358 ]

ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, ඛුද්‌දක නිකාය, ථෙරගාථා පාළි, 18. චත්තාලීස නිපාතය, 40.1.1. මහාකස්සප ස්ථවිරගාථා [ http://thripitaka.org/view/sp/sp22sp23/276 ]


Skylark
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ජිංතක ජිල්ලබකිට;21232580 said:
මේකෙන් කියවෙන්නේ කුමක්ද??

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මිලින්ද ප්‍රශ්න වල යොගි කථා ප්‍රශ්නය ආරම්භයේ පිටු තුනක් පමණ කියවා බලන්න. එවිට ඉහත දක්වන ලද්දේ කවරක් ගැන ද යන්න
ඔබට වැටහේවි යැයි හිතනවා. පැහැදිලි නොවුනොත් දන්වන්න. මේ තියෙන්නේ ආරම්භය: http://thripitaka.org/view/other/milinda1970/533

මිලින්ද ප්‍රශ්න පාලි සංස්කරණ වල ඇති කරුණු වලට අමතරව ඉහත දක්වන ලද සිංහල පරිවර්තන පොතේ සමහරක් තැන් වල අතිරේක විස්තර කිරීම් පවතිනවා. ඒ පාලි වචන වල අර්ථ සිංහලෙන් විස්තර කිරීමට ගත් උත්සාහය නිසා බවයි පෙනෙන්නේ. එම සමහරක් අතිරේක කරුණු වල මූලාශ්‍ර කවරේ දැයි මට පැහැදිලි නැහැ, නිවැරදි බව ගැනත් නිසැක නැහැ. සමහරක් තැන්වලදී පරිවර්ථන අඩුපාඩු නිසා මනා අර්ථයන් ඉස්මතු නොවන බවකුත් තිබෙනවා. එනමුත් බොහෝ කරුණු මනා සේ පරිවර්තනය කොට තිබෙනවා. ඒ නිසා සමහරක් තැන් වල ඇති කරුණු පැහැදිලි කර ගැනීමට ඉංග්‍රීසි සහ පාලි සංස්කරණයනුත් බැලීම සුදුසුයි.

යොගි කථා ප්‍රශ්නයේ ආරම්භය ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් පහත දැක්වෙන තැන්වල දැකිය හැකියී:

In English: Rhys Davids, 1894; Book VII. Similes of Arahatship. [ http://thripitaka.org/view/sbe/vol36/303 ]
In Pali: Vilhelm Trenckner, 1880; Opammakathāpañho, Mātikā [ http://thripitaka.org/view/trenckner/milinda1880/371 ]

Skylark
 
Last edited: