මහව නෙදර්ලන්ත තරුණියගේ සොරාගත් කැමරාව සොයාගැනේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වේයන්ගොඩ සිට අනුරාධපුරය බලා දුම්රියෙන් යන අතරතුරදී මහව දුම්රිය ස්ථානය පසු කරනවාත් සමඟම නෙදර්ලන්ත තරුණියකගේ කැමරා බෑගය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව, අටවරල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සහ මොරගොඩ, පොල්පිතිගම ලිපිනයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුය.

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතරතුර තමන්ගේ කැමරා බෑගය දුම්රියේදී සොරා ගැනීමක් සම්බන්ධයෙන් අනුරාධපුර සංචාරක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට මුහුණ පෑවේ නෙදර්ලන්ත ජාතික අයිරිස් ජොසෙට් ගොඉට් (IRIS JOSET GOET) නමැති තිස් හැවිරිදි (30) තරුණියකය.



    රජරට රැජින දුම්රියෙන් ඉකුත් දහ වෙනි දින තම පෙමිවතා සමඟ වේයන්ගොඩ සිට අනුරාධපුරය බලා යන අතරතුරදී මහව දුම්රිය ස්ථානය පසුවනවාත් සමඟම ඇගේ අතේ තිබුණු කැමරා බෑගය සොරාගෙන තරුණයකු දුම්රියෙන් පැන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    එම අවස්ථාවේදී දුම්රියේ දම්වැල ඇදීමට උත්සාහ කළ ද එය ද ව්‍යර්තව ඇති අතර, ඇය ස්ථානය හඳුනා ගැනීම සඳහා මාර්ගය දෙපස ජංගම දුරකතනයෙන් ඡායාරූප ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි. ඒ අනුව ස්ථානය හඳුනාගෙන අනුරාධපුර සංචාරක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මහව මූලස්ථාන පොලිසියට හා මහව දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ වෙත ඒ බව දන්වා තිබේ.

    පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව විමර්ශන සිදු කරන අතරතුර කැමරාවක් අලෙවි කිරීමට යන බවට ලැබුණු විශේෂ තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු දළදාගම මහව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී එය විදේශීය තරුණියගේ කැමරාව බවට පොලිසිය හඳුනාගෙන ඇත. තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.



    සැකකරු සතුව තිබූ කැමරාව විදේශීය තරුණියගේ බව හඳුනාගත් පොලිසිය ඒ බව අනුරාධපුර සංචාරක පොලිසිය හරහා නෙදර්ලන්ත තරුණයට දන්වා තිබේ. පෙරේදා (12) වැනි දින නෙදර්ලන්තය බලා යාමට සිටි එම තරුණිය ඊයේ (13) දින මහව මූලස්ථාන පොලිසියට කැඳවා කැමරා උපකරණ හඳුනා ගැනීමට සහය වූ බව පොලිසිය කියයි. ඒ අනුව එය ඇයගේ කැමරාව බවට හඳුනා ගත් බවත් ඇයට කැමරාව ආපසු භාර දීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.
    සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිළිණ, උප පොලිස් පරී- ක්ෂක සුසිල්, පොලිස් සැරයන් (23819) සඳුන්, පොලිස් සැරයන් (32254) අබේරත්න, (34462) ලංකාතිලක, (55164) පණ්ඩිතරත්න, (68831) නාලක, පොලිස් කොස්තාපල් (12334) සඳරුවන්, කාන්තා පොලිස් සැරයන් (2868) නිරෝෂණී, කාන්තා පොලිස් කොස්තාපල් (10445) අයේක්‍ෂා යන අය මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මහව - සංජීවනී ආරියරත්න
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    dan oka nadu bandayak neda?? :confused: ethkot nduwa iawara wenkm denna bha nd... kochchara kalayak yaid naduwa iwara wenna:baffled:
     
    • Like
    Reactions: Asmodeus

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,494
    3,538
    113
    කොලොම්පුරේ
    ප්‍රශ්නයක්.

    දැන් ඕක හොයාගත්තනේ. හොරත් ඇල්ලුවනේ. කැමරාව අයිතිකාරයට දෙනවද එයාගේ කියලා අදුරගත්තට පස්සේ. නැත්තන් නඩුද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ne
    Lankawe ekekge monahari nathi unanm hoyala deyida oya policiya
    Netherlands tharunayek unat oya tika tamai..

    Mother Of The Bride Prom GIF by GINO CERRUTI
     
    • Haha
    Reactions: ChamodhK

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    මෙච්චර විමර්ශන පොලිසියක් ඉන්න රටක එක තෝරෙක් අල්ලන් නෑනේ 😂
    බයි පුන්නක්කුවන්ගේ පිහිටෙන් හොරු පාර්ලිමේන්තුවේ ඉද්දී කොහොමැයි අල්ලන්නේ?
     
    • Like
    Reactions: Cypress

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    ප්‍රශ්නයක්.

    දැන් ඕක හොයාගත්තනේ. හොරත් ඇල්ලුවනේ. කැමරාව අයිතිකාරයට දෙනවද එයාගේ කියලා අදුරගත්තට පස්සේ. නැත්තන් නඩුද?
    ඕක උසාවියෙන් ගන්න පුළුවන් . සති ගණන් යන්නෙ නෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොන්සි කුඩ්ඩව මුලින්ම කප්පාදු කරලා යවන්න තිබුනේ. පොන්න පගයලාව දඩයක් ගහලා නිදහස් කරලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: rumesh.fbi