මහාචාර්ය නලින් ද සිල්වා
මේ ගැන මොකෑ හිතෙන්නෙ? අපක්ෂපාතී සහ සාධාරණ පුවත් ප්‍රකාශකයින් වන වර්ගපූර්ණිකාවෙන්, මහාචාර්ය නලින් ද සිල්වා මහතාටත් සාධාරණයක් ඉටු කිරීම උදෙසා එතුමා දිවයින පුවත්පතට ලියූ ලිපියක තිබූ මේ ගැන පැහැදිළි කිරීමේ කොටස පහතින් උපුටා දැක්වේ.
"අයකු හෝ කිහිප දෙනකු හෝ එකතු වී මා එක්තරා ලාබාල දේශපාලනඥයකුට බුලත් දෙන ව්‍යාජ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. මට මෙකී දේශපාලනඥයා ජීවිතයට මුණ ගැසී නැත. මට ඔහුට නොව ඔහුගේ පියාටවත් බුලත් දීමේ අවශ්‍යතාවක් නැත. මගේ මව මිය යැමෙන් පසුව මා බුලත් දුන්නේ මගේ භාර්යාවගේ මවට පමණය. පසුගිය දිනයක ඇය ද මියගිය බැවින් මේ අවුරුද්දේ මම කිසිම ගිහියකුට බුලත් නුදුන්නෙමි. අවුරුද්දට හැර වෙනත් දිනයක මා ගිහියන්ට බුලත් දෙන්නේ ද නැත. මා කිසි දිනෙක දේශපාලනඥයකුට බුලත් දී ද නැත. මේ ව්‍යාජ ඡායාරූපය දැකීමෙන් අමන්දානන්දයට පත් වූ මගේ දේශපාලන විරුද්ධකාරයන් මෙන් ම කසිකබල් ශාස්ත්‍රඥයෝ ද මා වැටී ඇති පහත් තත්ත්වය, මගේ වැඩවසම් මානසිකත්වය ආදිය ගැන ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් හා වෙනත් ක්‍රම මගින් තම මිතුරන්ට හා වෙනත් අයට දැනුම් දුන්හ. එහෙත් මේ සියල්ලන්ගේ ම අවිචාරයක මහත කෙතෙක් ද කිවහොත් ඔවුහු මා අඳින ජාතික ඇඳුමේ අත් මැණීක් කටුව අසල මගේ පියා කළාක් මෙන් හුළං පොදක් වැදීමට ඉඩක් ඇතිව තබන බවත් ව්‍යාජ ඡායාරූපයේ ජාතික ඇඳුමේ අත් දේශපාලනඥයන්ගේ කපටිකිටේ මෙන් මැණික් කටුව අසල කිටි කිටියේ තදින් තබා ඇති බවත් නො දුටුවෝ ය` අඩුම තරමෙන් මීළඟ ව්‍යාජ ඡායාරූපය සකස් කරන විට මේ තක්කඩියන් මෙයට වඩා විචාරශීලී විය යුතු ය."