තවත් කෙටි කථාවක්.
වචන වලින් කරන යුද්ධ තමයි දැන් ජනප්‍රිය. ඉස්සරනෙ කඩු සටන්, තුවක්කු සටන් තිබුනේ. මොකක් හරි මාතෘකාවක් අල්ලන් දෙපිල බෙදිලා වාද කරනවා. අපහාස කරනවා. ඒ මාතෘකා අතරෙ තියෙන ජනප්‍රිය මාතෘකා දෙකක් තමයි ජම්බුදීපය ලංකාවයි කියන එකයි රාවණා රජ්ජුරුවෝ ගැන කථාවයි. මේ මාතෘකා වෙනුවෙන් කරන වාද ඕනා තරම්. ඒකටම තමා මේ ටිකත්.
ඔන්න දැන් එක පිරිසක් කියනවා ජම්බුදීපය කියන්නෙ
, බුදුරජාණන්වහන්සේ ඉපදුනේ
කියලා. තව පිරිසක් කියනවා ජම්බුදීපය කියන්නෙ ඉන්දියාවට ය, බුදුරජාණන්වහන්සේ ඉපදුනේ එහේ ය කියලා. එතකොට තව පිරිසක් රාවණා ගැන කියද්දි තව පිරිසක් කියනවා ඒක කල්පිතයක් කියලා. හැබැයි මේ කතා මොනවා වුනත් මන් කිව්වෙ ඇත්ත වුනත් බොරු වුනත් එකිනෙකට එකක් හරි ලස්සනට බැඳෙනවා.
දැන් බලන්න රාවණා ගැන කථා කරන කට්ටිය කියනවා රාම රාවණ යුද්ධයෙන් පස්සෙ රාවණා නින්දකට වැටිලා ඉන්නෙ දවසක නැගිටිනවා කියලා. සමහරු නම් කියනවා රාම රාවණ යුද්ධයෙන් රාවණා මැරුණා කියලත්. මේ මොකක් කිව්වත් මේ අය එකඟ වෙන කාරණාවක් තමයි රාම රාවණා යුද්ධය තිබ්බ බව සහ රාවණා සීතාව
අරන් ආවා කියන එක. සීතා ගෙනාපු විදිය ගැනත් විවිධ මත තියෙනවා. මොන විදියෙන් වුනත් රාවණා සීතාව
අරන් ආවා.
ඊලඟට රාවණා ගැන කථා කරන අය එකඟවෙන කරුණක් තමයි රාම යුද්ධයට ආවේ ඉන්දියාවේ ඉඳලා බව. සීතාත් ආවේ එහෙන්ම තමයි. ඔන්න ඔතනදි ජම්බුදීපය ලංකාවේ තියෙන්නෙ කියන අයයි රාවණා ඉන්නවා කියන අයයි කියන කතා අතරෙ අමුතු ගැලපීමක් එනවා. ඒ මෙහෙමයි.
රාවණා ඇත්තනම් රාම කියන්නෙත් ඇත්ත චරිතයක්නෙ. එහෙම නැත්නම් රාවණාගෙ කථාව එතැනින් ම අවසන්. රාම ඇත්තනම් ඔය කියන විදියට රාම ඉන්නෙ ඉන්දියාවේ. එතකොට රාම රජ කරන්නෙ කොහෙද? කොසොල් රටේ අයෝධ්‍යාවේ. ඔය කොසොල් රට එහෙනම් තියෙන්නෙ ඉන්දියාවේ. එයා එන්නෙ එහෙ ඉඳන්නෙ. ඒ කොසොල් රටේ බුද්ධ කාලීන රජු තමා පසේනදී කෝසල. ත්‍රිපිටකයෙ කෝසල සංයුක්තය කියලාම කොටසක් තියෙන බව අපි දන්නවනෙ. ඒ මේ රජු වෙනුවෙන් තමයි. පසේනදි කෝසලත් බුදුරජාණන්වහන්සේත් සමකාලීනයි. පසේවදී කොසොල් රජුගේ රටේ මුල් කාලීන විශිෂ්ට නැත්නම් ශ්‍රේෂ්ඨ රජෙක් තමයි රාම. රාමයි පසේනදි කොසොලුයි වගේම මන්ධාතු, මුචුකුන්ද, අම්බරිෂා, භාරත චක්‍රවර්තී, බාහුබලී, හරිශ්චන්ද්‍ර, දිලීප, රඝු කියන චරිත පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. බෞද්ධ සාහිත්‍යයෙ ශුද්ධෝදන, බුදුරජාණන්වහන්සේ සහ රාහුල යන අයත් කෝසලයට ඇතුළත් වෙනවා. කපිලවස්තුවත් කොසොල් රටට ම අයිතියි.
මේ රාමගෙ රජපෙළපත ඉෂ්ක්වාකු කියලා හැඳින්වෙනවා ඉන්දියාවෙදි. බෞද්ධ සාහිත්‍යයෙදි ඔක්කාක කියලා පෙළපතක් තියෙනවා. රාම සූර්ය වංශිකයෙක් ඉන්දියාවෙදි. බුදුරජාණන්වහන්සේත් එහෙමයි. හැබැයි පුරාණවලට වඩා වෙනස් ව බෞද්ධ සාහිත්‍යයෙදි මහාසම්මත තමයි ආරම්භකයා විදියට හඳුන්වන්නෙ.
දැන් රාම කොසොල් රටේ රජකල බවට පිළිගන්න වෙනවනේ රාවණාත් ඇත්ත කියලා පිළිගත්තොත්. එහෙම බැලුවම රාම ඉන්නෙ බුදුරජාණන්වහන්සේට කලින්. එහෙනම් රාවණා ඉන්නෙත් ඊට කලින්. වැඩේ කියන්නෙ එහෙම බැලුවම කොසොල් රට ඉන්දියාවේ කියලා පිළිගන්න වෙනවා. මේක බුද්ධිමත් ඔබලාට පැහැදිලි වෙනවා ඇති. ඒකයි මන් කිව්වේ මේ ජම්බුදීපය
කියන මතවාදයෙයි රාවණා මතයයි අතරෙ අමුතු ගැලපීමක් තියේ කියලා.
වැඩේ මෙතනින් ඉවර වෙන්නෙත් නෑ. කලින් කිව්වනෙ බුදුරජාණන්වහන්සේගේ කාලයේ කොසොල් රටේ පාලකයා පසේනදි කෝසල බව. මෙයාට පසේනජිත් කියලත් කියනවා. මෙයාට වඩා හුඟ කාලෙකට කලින් තමයි රාම ඉන්නෙ. රාමායණය ක්‍රි.පූ.7 ත් 4 සියවසත් අතරෙ ලියැවෙන්න ඇති කියලයි කියන්නෙ. ඒ කියන්නෙ අපි මේ ඉන්න බුද්ධ කාලයටත් කලින් තමයි රාමායණය ගොඩ නැගෙන්නෙ. ඉතින් බුද්ධ කාලෙ වෙද්දි රාවණා මියගිහිල්ලා වෙන්න එපැයි නැත්නම් නින්දකට පත්වෙලා වෙන්න එපැයි තාර්කිකව බැලුවොත්. හරිනෙ.
දැන් ලංකාවතර සූත්‍රයත් ඔය රාවණා කථාවෙදි ලංකාවේ භාවිතා කරනවා උපකාරක මූලාශ්‍රයක් විදියට. ඕන පොඩි ළමයෙක් දන්නවා මේ ලංකාවතර සූත්‍රය මහායාන දහමේ ප්‍රමුඛ සූත්‍රයක් බව. මහායාන දහම ථෙරවාදයට වඩා අලුත් බව මුළු ලෝකෙම පිළිගන්න දෙයක්. ලංකාවතර සූත්‍රයට අනුව රාවණා ඉන්නවානේ. එතකොට රාවණා බුද්ධකාලීනයි. සමහරු කියනවා මේ කියන බුදුරජාණන්වහන්සේ ගෞතම බුදුරජාණන්වහන්සේ නෙමෙයි කියලා. ඒක එහෙම නම් රාමට කලින් උන්න බුදුරජාණන්වහන්සේ කෙනෙක් වෙන්න එපැයි. මොකද රාම ඉපදෙද්දිත් රාවණා දිව්‍යලෝකෙටත් පහර දීලා අවසන්. අපි දන්න විදියට ගෞතම බුදුරජාණන්වහන්සේට කලින් උන්න බුදුරජාණන්වහන්සේ තමයි කාශ්‍යප බුදුරජාණන්වහන්සේ. මේ බුදුරජාණන්වහන්සේලා දෙන්න අතර කාලපරතරය කල්පයකට වැඩියි. කල්පය කියන්නෙ මොකක් ද කියලා ත්‍රිපිටකයෙ තියෙනවා. එතකොට එහෙම බැලුවම මේ ලංකාවතර සූත්‍රයෙ ඉන්න රාවණා ලංකාවේ කෙනා වෙන්න බැහැ. ථෙරවාදය තුළ එක කල්පයේ බුදුවරු දෙදෙනෙක් මේ ලොකේ නෑ නෙ. එතැනත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට පේනවා ඇති ලංකාවතර සූත්‍රයෙන්
රාවණාට සහයක් ගන්න බැරි බව.
ඒකත් කමක් නෑ කියමුකො. ථෙරවාදය තුළ ඉන්නවා වෛශ්‍රවණ කියලා දෙවියෙක්. මහායාන ධර්මයෙත් මෙයා ඉන්නවා. යක්කු සහ රාක්ෂයො බලා ගන්නෙ වෛශ්‍රවණ කියලා මහායානයේ කියනවා. ථෙරවාදයෙත් වෛශ්‍රවණ කියන්නෙ යක්ෂයින්ගෙ අධිපතියා. ආටානාටිය සූත්‍රය තුළ වෛශ්‍රවණගේ භූමිකාව අමුතුවෙන් කියන්න ඕනා නෑ. එතැන කුවේර නම තමයි පාවිච්චි කරන්නෙ. එතකොට කුවේර ඉන්නවා ථෙරවාදයේ. රාවණා ගැන කථා කරද්දි රාවණාට කලින් තමයි කුවේර ඉන්නෙ. කුවේරගෙ ආලකමන්දාවනෙ රාවණා අයිතිකරගන්නෙ පස්සෙ. ථෙරවාදයේ කොහේවත් රාවණ නෑ. හැබැයි කුවේර නැත්නම් වෛශ්‍රවණ ඉන්නවා. මේ කුවේරමයි රාවණා කථාවේ කියන්නෙ කියලා සනාථ වෙනවා ආලකමන්දාව ගැනත් කියන නිසා. එතකොට රාවණා ඉන්නෙ මෙයාට පස්සෙ. හැබැයි රාම ඉන්නෙ ඊට කලින්. මේක බුද්ධිමත් ඔබලාට තේරෙනවා ඇති. කොහොමද ගැලපීම.
මොකක් ද මේ වෙන්නෙ.. පැත්තක තියෙන කතාවකුත් මෙතැනට අදාළ වෙනවා. අපි දන්නවා මහායානය ථෙරවාදයට පසුව හට ගත්ත බව. මේ මහායානය චීනයේ සෑහෙන්න ජනප්‍රිය වෙනවා. ක්‍රි.ව. 3 - 6 අතර කාලයේ චීන ගවේෂකයො දකුණු ආසියාවට එනවා මහායාන ධර්ම ග්‍රන්ථ එකතු කරන්න. කණිෂ්ක ඉන්නෙ මේ කාලයේ. කණිෂ්ක මහායානය සෑහෙන ඉහලකට අරන් යනවා රාජානුග්‍රහයත් එක්ක. ෆා හියන් භික්ෂුව එන්නෙත් මේ පොත් එකතු කරගන්න. අපි දන්නවා ක්‍රි.ව. 4 -5 අතර කාලෙ ලංකාවෙ මහායානයත් ඉතා හොඳ මට්ටමක තිබ්බ බව. නැත්නම් ෆා හියන්ට මෙහෙ එන්න අවශ්‍යතාවක් නැහැනෙ. ක්‍රි.ව. 12 සියවස වගේ කාලෙදිත් මහායානය ලංකාවේ තිබ්බ බවට සාක්ෂි තියෙනවා. අදත් දැකතහැකිනෙ ඒ කාලෙ අවලෝකිතේශ්වර ප්‍රතිමා. ඒ කාලෙ රාවණා කථාවත් මෙහෙ තියෙන්න ඇති. මොකද ලංකාවතර සූත්‍රය නිසා. ලංකාවතර සූත්‍රයට රාවණ කථාව පස්සෙ එකතු වුන බව අද පිළිගන්නවා. ඒ කොහොමවුනත් ඒක තියෙනවා එතැන. හැබැයි 1900 වෙද්දි ලංකාවේ මහායානය ඒ තරම් පිළිගන්නෙ නෑ. ඒකට හේතු හුඟක් තියෙනවා. ඉංග්‍රීසින් මහායානයට වඩා සම්බන්ධ වෙන්නෙ ථෙරවාදයට. ඒ නිසා කොහොමත් ලංකාවෙවත් ඉන්දියාවෙවත් මහායානයට ඉංග්‍රීසින් සහයක් දෙන්නෙ නෑ. 1960 - 80 වගේ කාලය වෙනකොටත් රාවණා ගැන ලංකාවේ ලොකු කතාවක් නෑ. හැබැයි රාමායණය පෙන්නුවට පස්සෙ TNL එකේ රාවණා ජනප්‍රිය වෙනවා. මේ කාලෙදි ජම්බුදීපය ලංකාවේ කතාවත් නෑ. ඒවා කොහොමවුනත් ඔය කාලෙදි මහායාන බුදුදහම ලංකාවේ ආපහු ව්‍යාප්ත කරන උත්සාහය ඇරඹෙනවා. එදා එක්ක බැලුවම රාවණා සහ මහායාන බුදුදහම අද ලංකාවේ කොහේද තියෙන්නෙ? බුද්ධිමත් ඔබලාට මේක තේරෙනවා ඇති.
මහායාන බුදුදහම තුළින් සතුට ලබා ගත්ත අයත් ඉන්නවා. ථෙරවාද බුදුදහම තුළින් සතුට ලබා ගත්ත අයත් ඉන්නවා. තෝරාගැනීම බුද්ධිමත් ඔබලා අතේ.
කොහොමවුනත් කෝසලය ගැන අපි මීට වඩා වැඩි තොරතුරු මූලාශ්‍රත් එක්ක ඉස්සරදි කතා කරමු. එතකොට තව ටිකක් වැඩි විස්තර කථා කලෑකි. මේ ටිකට මන් උපකාර කර ගත්තේ ත්‍රිපිටකය, රාමායණය, ෆා හියන් භික්ෂුවගේ දේශාටන වාර්තා සහ පුරාණ ග්‍රන්ථ.