මෑත කාලයේදි රාම බුද්ධ කියලා චරිතයක් ගැන සමාජ මාධ්‍යයේ තොරතුරු හවමාරු වෙනවා දකින්න ලැබුනා. බහුතරයක් දෙනා මේ රාම බුද්ධ චරිතය සම්බන්ධ කරන්නෙ විෂ්ණු දෙවියන්ගෙ හත්වන අවතාරය වුන රාම රජ්ජුරුවන්ට. හතර හිනා කතා තමයි ඉතින්. විෂ්ණු දෙවියන්ගෙ එක් අවතාරයක් විදියට හින්දු සාහිත්‍යයෙදි බුදුරජාණන්වහන්සේව සලකනවා. හින්දු ආගමට බුද්ධ ධර්මය එක්ක ගැටෙන්න බැරි වුනාම ඒ වගේ සංකල්ප බිහි කරන්න යෙදුනා කියන එක ප්‍රසිද්ධ කතාවක්. අර කපන්න බැරි අත ඉඹිනවා වගේ. ඔය කතා ද්‍රවිඩ ආක්රමණත් එක්ක ලංකාවටත් ආවා. අද ඉතින් බුදු දහමට වඩා ඒවා ප්‍රසිද්ධයි. හැබැයි මේ වගේ පට්ට කෙබර සමාජගත කරන්න පුළුවන් වෙන්නෙ මේ සාහිත්‍යය ගැන අපේ රටේ මිනිස්සු හරි අවබෝධයක් නැති නිසා. කෙනෙක්ගෙන් ඇහුවොත් රාම ලංකාවට ආවේ ඇයි කියලා සුටුස් ගාලා කියයි සීතාව හොයාගෙන කියලා. ඕක තමයි අපි දන්නෙ. තව අපි දන්නවා රාම යද්දි විභීෂණ ලංකාවේ රජ වුනා කියන එක. කෙනෙක්ගෙන් අහන්න රාමට අන්තිමට මොකද වුනේ කියලා. ම්හු. දන්න අය අඩුයි. ඒ නිසා ඒ ගැන මෙතනදි කෙටියෙන් හෝ සඳහන් කරන්නම්.
රාම විදියට විෂ්ණු දෙවියො අයෝධ්‍යාවේ උපදින්නෙ එකම අරමුණකට. ඒ තමයි රාවණ විනාශ කිරීම. ඒ සඳහා තමයි සීතාව පැහැර ගෙන යාම තුළින් පාර කැපෙන්නෙ. රාම තමුන්ගෙ මල්ලි වුන ලක්ෂ්මන එක්ක ලංකාවට ඇවිල්ලා රාවණාව මරලා දාලා සීතාවත් අරන් ආපහු යනවා. අයෝධ්‍යාවට ගියාට පස්සෙ තමයි රාමට ප්රශ්නය එන්නෙ. ඒ රඝු වංශිකයන්ගෙන්මයි. ඒ අනුව තමයි සීතා ගිනිමැලයට පනින්නෙ නිර්දෝෂීභාවය පෙන්වන්න. හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ සීතා වනගත වෙනවා. පස්සෙ ඇයට රාමගෙන් උපදින ලව් සහ කුෂ් දරුවො දෙන්නා රාම ලඟට යනවා. රාම හොඳින් රාජ්‍ය පාලනය කරනවා. ඊට පස්සෙ සීතා ආපහු පොලොවටම එකතු වෙනවා ආපු විදියටම. එතනින් තමයි රාමගේ කාලය අවසන් වෙන්න පටනගන්නෙ.
මේ විදියට අවුරුදු ගාණක් යද්දි බ්රහ්මයට තේරෙනවා රාමට පොලොවෙ කරන්න තිබ්බ වැඩ අවසන් දැන් පොලොවෙන් ආපහු දිව්‍ය ලෝකයට එන්න කාලය ඇවිල්ලා කියලා. ඒ අනුව බ්‍රහ්ම යම දෙවියන්ව එවනවා ඒ පණිවිඩයත් එක්ක රාම ගාවට. යමට එන්න වෙන්නෙ නැහැ රාම ලඟට හනුමාන් නිසා. හනුමාන්ව රාම උපායකින් එතැනින් ඉවත් කරනවා. ඒ රාමගේ මුද්ද පොලොවෙ විවරයකින් හලලා. හනුමාන් යනවා ඒක හොයන්න. ඒ යන්නෙ නාග ලෝකයට. එතැන තියෙනවා එකම විදියෙ මුදු කන්දක්. වාසුකී නා රජු හනුමාන් ට තේරුම් කරලා දෙනවා මේ තියෙන්නෙ ඒ ඒ කල්පවල රාම ඉපැදුන වාර ගාණට සමාන මුදු කියලා. එතැනදි හනුමාන් දැන ගන්නවා දැන් රාමගේ කාලය අවසන් කියලා. හනුමාන් ඉවත් වුනාම යම එනවා රාම ලඟට.
හැබැයි යම කියනවා තමුන්ගෙ පණිවිඩය රාමත් එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනා, ඒ නිසා ඒකට අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියලා. ඒ වෙලාවේ රාම ලක්ෂ්මණට කියනවා යමත් එක්ක සංවාදයේ යෙදෙන වෙලාවෙදි කිසි කෙනෙක්ව එතැනට එවන්න එපා කියලා. එහෙම වුනොත් ඒ කෙනාට මැරෙන්න වෙනවා කියන පොරොන්දුවත් එක්ක. ඊට පස්සෙ ලක්ෂ්මණ යනවා දොර මුර කරන්න.
දැන් යම තමුන් ආපු කාර්යය රාමට කියනවා. මේ අතරේ දුර්වාස කියන සෘෂිවරයා එනවා රාමව හම්බවෙන්න. හැබැයි ලක්ෂ්මණ එයාට යන්න දෙන්නෙ නැහැ ඇතුළට. ඒ සැරේ දුර්වාස සෘෂි ශාපයක් කරන්න හදනවා. මේ ශාපය කරන්න කලින් ලක්ෂ්මන අයෝධ්‍යාවේ මිනිස්සු ගැන හිතලා රාම සහ යම ලඟට යනවා. පොරොන්දුව කඩපු එකට දඬුවම ලක්ෂ්මණට ලැබෙනවා. ලක්ෂ්මණව රාම අතාරිනවා. ඊට පස්සෙ ලක්ෂ්මණ සරයු ගඟට ගිහිල්ලා ජීවිතේ අතාරිනවා. ඊට පස්සෙ ලක්ෂ්මණ ශේෂනාග විදියට පරිවර්තනය වෙනවා. මේක අවශ්‍ය වෙන්නෙ විෂ්ණු ඉන්නෙ ශේෂ නාගගේ දරණය උඩ නිසා ඔහු විෂ්ණුට පෙර වෛකුන්ඨයට යා යුතු යි.
ඊට පස්සෙ රාම තමුන්ගේ දරුවො දෙන්න කැඳවලා රාජ්‍ය පාලනය ඔවුන්ට භාර දෙනවා. අපි දන්නවා කුසාවතියත් ශ්රාවස්තියත් ගැන. ලව් සහ කුෂ් රජ වෙන්නෙ මේ නගර දෙකේ. රාමත් තමුන්ගෙ ජීවිතය අතාරින්න තෝර ගන්නෙ සරයු නදියමයි. සරයු නදියෙ ගිලෙන රාම විෂ්ණු විදියට පරිවර්තනය වෙලා මිනිස්සුන්ට ආශිර්වාද කරලා වෛකුන්ඨයට යනවා. ඇත්තටම බැලුවම රාම මැරෙන්නෙ නැහැ. ඔහු තමුන්ගෙ අවතාරයෙන් මිදිලා සැබෑ ස්වරූපයට පත් වෙනවා.
ඕක තමයි රාමට අවසානයේ වෙන්නෙ. මේ ගැන රාමායනයේ අවසන් කොටස වෙන උත්තරකන්ධයෙ සඳහන් වෙනවා. කවුරු කොහොම කිව්වත් රාවණ ගැන කථා කරන්නත් රාම ගැන කථා කරන්නත් රාමායණය නැතුව බැහැ. ඒක ඇත්තද බොරුද කියන එක වෙනස් කතාවක්. රාම චරිතය කවදාවත් බුදු කෙනෙක් වෙන්නෙ නැහැ කියන එක අඩුම තරමෙ ප්‍රඥාවත් මිනිස්සුවත් තේරුම් ගන්නවනම් ඇති. රාම ඉගැන්නුවෙ ඉස්සර නිම්මාණවාදය. ගෞතම බුදුරජාණන්වහන්සේ කිව්වෙ ඉස්සර නිම්මාණවාදය බැහැර කරන්න කියන එක. බෝධිසත්වයොවත් ශාස්වත දෘෂ්ඨිය ගැනවත් උච්ඡේද දෘෂ්ඨිය ගැනවත් ඉස්සර නිම්මාණවාදය ගැනවත් උගන්වලා නැහැ. ඉතින් කොහොමද රාම බුද්ධ කියන්නෙ මේ කියන විෂ්ණු දෙවියන්ගෙ 7 වන අවතාරය වන රාම වෙන්නෙ. අනේ මන්දා අපේ රටෙත් වෙන දේවල්.