මහා අනෙකාගේ ආමණ්ත්‍රනය
මහා අනෙකාගේ ආමණ්ත්‍රනය
Posted on 17 September 2012.
Rating: 0.0/7 (0 votes cast)
දෙරණ රූපවාහිණී නාලිකාව සහ ලක්ස් සමාගම විසින් ප්‍රථම වතාවට සංවිධානය කරණු ලැබූ සිනමා සම්මාන උළෙලේ දී සිදු වූ තවත් අපූර්ව වූ සිදු වීමක් අපට වාර්ථා විය. මෙම සම්මාන උළෙලෙහිදී වැඩිම සම්මාන ගණනක් හිමිකර ගත්තේ හිටපු රියර් අද්මිරාල් වරයෙකු සහ නවක ච්ත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු වන සරත් වීරසේකර විසින් අධ්‍යක්ෂණය කරණු ලැබූ ගාමණි ච්ත්‍රපටියයි. මෙම සම්මාන උළෙල අවසානයේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගනු ලැබූ ගාමණී ච්ත්‍රපටිය සදහා දායකත්වය සැපයූ සැමට වේදිකාවට ගොඩ වන්න යැයි ආරාධනා කළ අවස්ථාවේ දී අපූර්ව වූ සිදු වීමක් සිදුව ඇත. ඒ සිදු වීම නිසා මට මා කියවූ විහිලු කතාවක් මතකයට නැගුණී.
වරක් එක්තරා පුද්ගලයෙකු නගරයේ නෘත්‍ය ශාලාවේ පවත්වන නාට්‍යයක් නරඹන්නට යන අවස්ථාවක දී ඔහු ගමන් කළ මාර්ගයේ ඇති වූ අධ්ක වාහන තදබදය නිසා නියමිත වෙිලාවට ඔහුට නෘත්‍ය ශාලාව වෙත යන්නට නොහැකි විය. මේ නිසා අධික වාහන තදබදය මැදින් ඔහු නාට්‍ය ශාලාවට ඇතුලු වන විටත් නාට්‍ය පටන් ගෙන යම් වේලාවක් ගතව තිබුනි. මෙහිදී එම නාට්‍ය දර්ශණයකට අනුව එහි රගපාන පුද්ගලයෙකු ඉදිරිපත් කරන දෙබස මෙපරිදිය.‛‛ ඇයි ඔබ මේ තරම් ප්‍රමාද වුනේ’’ මේ දෙබස කණ වැකීමත් සමගම මහත් සේ කළබලයට පත් පෙරකී තැනැත්තා වහා පිළිතුරු දෙමින් පවසනු ලබන්නේ තමන් එන්නට පරක්කු වුනේ අධික වාහන තදබදයකට මුහුණ දුන් නිසා බවයි. මේ කතාව කියනවාත් සමගම මුලු නාට්‍ය ශාලාවම මේ පුද්ගලයා දෙස බලමින් අවඥාවෙන් සිනහා වන්නට විය. ඔහු මෙහිදී දැඩි අපහසුතාවයකට මුහුණ පෑවේය.
මෙහිදී මෙකී පුද්ගලයාට සිදු වන්නේ මහා අනෙකාගේ ඇමතුම ඔහු නිරතුරු අපේක්ෂාවෙන් සිටින නිසා පෙරකී දෙබස කණ වැකීමත් සමගම මහා අනෙකාගේ ආමණ්ත්‍රණය එය යැයි සිතා පිළිතුරු දීමට ඉදිරිපත් වීමයි. මෙය ඔහු අතින් සවිඥාණිකව සිදුවන දෙයක් නොව අවිඥාණිකව ඔහු මහා අනෙකාගේ පාලනය නැතිනම් මැදිහත් වීම නිරතුරුව අපේක්ෂාවෙන් සිටින බැවින් සිදුවන්නකි.
සාමාන්‍යයෙන් බොහෝ පුද්ගලයන්ට සිය පැවැත්ම තහවුරු කර ගන්නට මහා අනෙකාගේ පාලනයට නතුවීම අවශ්‍යය සාමාන්‍යයෙන් මහා අනෙකාගේ පාලනය බිදවැටුන සමාජයක මිනිසුන් විවිධ ක්‍රියාකරකම් ඔස්සේ යළි ඉල්ලා සිටින්නේ මහා අනෙකාගේ පාලනයයි.
මාලක සිල්වා හමුදා බුද්ධි අංශ නිළධාරියෙකුට පහර දෙන්නේත්, ගම්වල තරුණයන් රූපවාහිණී නාලිකා වලට පැමිණ ගායකයන් වන්නට මරහඩ තලන්නේත්, අන්තර්ජාලයේ විවිධ පුද්ගලයන් විවිධ අනන්‍යතාවයන් තහවුරුකර ගන්නට වලි කන්නේත් ඇයි ද යන ගැටලුවට ඇති පිළිතුර අප ජීවත් වන සමාජයේ මහා අනෙකාගේ පාලනය බිදවැටී ඇති බව නොවෙිද? මේ දිනවල අන්තර් ජාලයේ කොලු කුරුට්ටන් විවිධ ඡායාරූප පලකරමින් තමන් මහා ච්ත්‍රපටි අධ්‍යක්ෂවරුන් යැයි පෙන්වන්නට උත්සහා කරන්නේ අන් යමක් නිසා නොව යළි මහා අනෙකාගේ පාලනය ඉල්ලා සිටීමටයි. ඔබ මදක් හොදින් කල්පනා කර බලන්න අතීතයේ මෙවැනි දෑ සිදු නොවූ බව ඔබට මතක ඇති. දැන් අප යළිත් අපි අපේ මුල් මාතෘකාවට පිවිසෙමු
.
ගාමණී ච්ත්‍රපටියට සම්මාන ලැබූ සියල්ලන්ම වෙිදීකාවට ගොඩවන්න යැයි කියන විට එම ච්ත්‍රපටියට සම්බන්ධ නැති ප්‍රසන්න ජයකොඩි නම් අධ්‍යක්ෂක වරයාත් වේදිකාවට ගොඩ වන්නේ අහම්බයකින් ද? අපට අනුව නම් එය අහම්බයක් වන්නට විදිහක් නැත. අවිඥාණිකව මහා අනෙකාගේ පාලනය ඉල්ලා සිටින මෙැවනි බොහෝ උදවිය තමන්ගේ අහිමි වූ අනන්‍යතාවය යළි ලබා ගැනීම උදෙසා කවුරුන් හෝ වන්නට උත්සහා කරයි. මීට ටික කළකට පමණ පෙර ප්‍රසන්නගේ මිත්‍රයෙකු ඔහුගේ සිනමා භාවිතාව ප්‍රවීණ ච්ත්‍රපටි අධ්‍යක්ෂක තාර්කොව්ස්කිගේ සිනමා භාවිතාවට සමාන බව පවසා ඇත. මේ නිසා ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‛කර්ම’ ච්ත්‍රපටියට මුලුමනින්ම තාර්කොවිස්කාගේ සිනමා ක්‍රමවේදයන් භාවිතා කරන්නට ප්‍රසන්න උත්සහා කරයි. මෙය ප්‍රසන්ගේ පොදු ගැටලුවක් නොව සමාජයේ මහ අනෙකාගේ පාලනය බිදවැටීමත් සමගම මිනිසුන් මුහුණ පා සිටින අනන්‍යතා අර්බුදයේ තවත් එක් ප්‍රකාශණයක් පමණි.
මේ නිසා මේ කාලයේ මිනිසුන් විවිධ දෑ කරමින් තමන්ට නැතිව ගිය මහා අනෙකාගේ පාලනය යළි ලබා දෙන්න යැයි කියමින් විවිධ ක්‍රීයා කරමින් සිටියි. මෙහි එක් ජවනිකාවක් පමණක් දෙරණ-ලක්ස් සම්මාන උළෙලහි වෙිදාකවට අහම්බයකින් අදාල නොව අවස්ථාවක ප්‍රසන්න පැමිණීමෙන් අපට වටහා ගන්නට පුලුවන. මේ මහා අනෙකාගේ පාලනය බදිවැටුන සමාජයක මිනිසුන් යළිත් මහා අනෙකාගේ පාලනය ඉල්ලා සිටිමින් කරණු ලබන විවිධ ක්‍රියා ඔබටත් අනන්තවත් දැක ගන්නට හැකිවනු ඇත. එවන් දෑ දුටු විට සවිඥාණිකව ඒ පිළිබදව ඇති දේශපාලන යථාර්ථය අවබෝධ කර ගන්නට මේ ඔස්සේ ඔබට නව දැනුමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,