නීතිඥ සුපුන් ජයවීර මහතාගේ පරිනාමික දිනපොත නැමති එෆ්බී පිටුවෙන් මහා නශ්ඨ වීම් ගැන ලිපියක් තිබුනා. ඩයිනෝසරයන්ට ගේම දීපු ක්‍රිටැසියස් නශ්ඨ වීම පිලිබඳව මේකෙන් මේන්ලි ෆෝකස් කරන්නෙ.
මහා නශ්ඨවීම්, එහෙම නැත්තන් mass extinctions කියන්නෙ යම් කිසි සංසිද්ධියක් හේතුකොටගෙන පෘථෘවිය මත පවතින ජීවයේ වඳව යෑමයි.
විවිධ හේතුසාධක පදනම් කරගෙන යුග පහකදි සිදුවු මහා නශ්ඨවීම් සිද්ධිදාමයන් පහක් ප්‍රාග් යුගවලදි අපිට මුණගැසෙනවා. දේශගුණික විපර්යාස, උල්කා ගැටීම්, ගිණිකඳු විදාරණයන් ආදී හේතුන් වෙන් වෙන් වශයෙන් වගේම සාමුහික ක්‍රියාකාරිත්වය තුල මේ නශ්ඨවීම් සිද්ධි සඳහා විවිධ අයුරින් දායක වෙනවා. වසර බිලියන 4.6 පමණ පැරණි පෘථෘවි ඉතිහාසය තුල ජීවයේ පරිණාමික ගමන් මඟ විවිධ අයුරින් හැඩගැස්වීමට මේ නශ්ඨවීම් දායක වෙලා තිබෙනවා.
ප්‍රධාන භු යුග පහකදි සිදුවු නශ්ඨවීම් මෙලෙස පෙලගස්වන්න පුළුවන්
ප්‍රතිශත වශයෙන් ගත්තම (ආසන්න දත්තයන්)
උදාහරණයකට පර්මියානු නශ්ඨවීමෙන් පසුව පෘථිවිය තුල ඉතිරිවන්නෙ පර්මියානු අවධිය ආරම්භයේදි සිටි සත්ව විශේෂයන්ගෙන් 4% ක් පමණයි. කොතරම් විනාශකාරී ක්‍රියාවලියක් වන්නට ඇත්දැයි සිතා බැලීමට මේ දත්ත ප්‍රමාණවත්.
ක්‍රිටැසියස් මහා නශ්ඨ වීම(Cretaceous Mass Extinction)
පෘථිවිය මත ජීවය බිහිවු දා ඉඳන් මේ වෙනකන් මහා නශ්ඨවීම් සිදුවීම් පහක් සිදුවෙලා තියෙන. මේ නශ්ඨවීම් සිද්ධි අතරින් සෑහෙන ප්‍රසිද්ධම සිදුවීම තමයි ඩයිනෝසරයන් මිහිමතින් අතුගා දැමීමට හේතුපාදක වූ ක්‍රිටැසියස් නශ්ඨ වීම.
දැන් උල්කාපාත කතාව සෑහෙන ප්‍රසිද්ධ වුනාට මේ සිද්ධිය හරියටම මොකද්ද සහ වුනේ කොහොමද කියන එක ගැන ගැටලු තියෙන්න පුළුවන්. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමා එක් තැනකට ගැටෙන උල්කාවකින් කොහොමද සමස්ථ පෘථිවියේ ජීවයටම බලපෑම් කරන්නෙ කියන එක. මේ සටහන ඒක ටිකක් සරල කරලා පැහැදිලි කිරීමක්.
දැන් ඔය භූ විද්‍යාවෙදි පොලව කැණීම් කරද්දි පස්, මඩ, වැලි ආදිය අවසාධිත එහෙම නැත්තන් ලෙයර්ස් වලින් තමයි අපිට හම්බවෙන්නේ. කාලෙන් කාලෙට විවිධ පස් තට්ටු එක මත එක තැන්පත් වීම නිසා මේ ලෙයර්ස් හැදිලා තියෙනවා. මෙහෙම කැණීම් කරගෙන යද්දි මතුවෙන ලේයර් එකක මුණ ගැහෙනවා රේඛාමය සටහනක්. මේ රේඛාව ටිකක් විශේෂයි. හේතුව තමයි ප්‍රත්ශතයක් විදිහට ඉරිඩියම් කියන මූලද්‍රව්‍ය සංයුතිය මේ රේඛාවේ අධිකයි. මොකද්ද මේ හරුපේ ? ඉරිඩියම් කියන්නෙ පෘථිවි මතුපිට පෘෂ්ඨය තුල ඉතාමත් දුර්ලභ මූලද්‍රව්‍යක්. එතකොට ඉරිඩියම් කොහොමද මේ රේඛාවට ඇතුල් වුනේ?
නෙදර්ලන්තයේ K-pg රේඛාව
මේ ගැටලුව විසඳන්න තියරියක් ඉදිරිපත් කරනවා ලුවී අල්වාරේස් කියන භෞතික විද්‍යාඥයා සහ භූ විද්‍යාඥයෙක් වන ඔහුගෙ පුත්‍රයා වෝල්ටර් අල්වාරේස්. සාමාන්‍යයෙන් ඉරිඩියම් බහුලව තිබෙන මූලාශ්‍රයක් තමයි උල්කාවන්. අල්වාරේස්ලගෙ තියරියට අනුව මේ ඉරිඩියම් පෙරකී භූ ස්ථරයට ලැබෙන්නෙ පෘථිවිය සමඟ සිදුවන උල්කාශ්ම ඝට්ටණයක් හේතුවෙන්. දැන් මේ ඉරිඩියම් බහුල භූ ස්ථරය කාළ නීර්ණයකට ලක් කලාම ලැබෙන දින වකවානු වෙන්නෙ වසර මිලියන 66 පමණ ප්‍රථම ඇතිවු සිදුවීම්ක් ලෙසයි.
දැන් ඒ කතාව පැත්තකින් තියලා මෙක්සිකොවේ යුකටාන් අර්ධද්වීපය දිහාට ගියොත් මේ ප්‍රදේශයෙන් හොයාගන්නවා ඉතාමත් විශාල ආවාටයක් (impact crater). මේ ආවාටය ඇතිවෙලා තියෙන්නෙ ඉතාමත් විශාල උල්කාවක ඝට්ටණය නිසයි. දැන් මේකයි අර කලින් කිව්ව ඉරිඩියම් කතාවයි සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. ඉරිඩියම් අධික භූ ස්ථරයෙන් එන කාළ නීර්ණයට සර්ව සමපාත කාළ නීරණයක් ලැබෙනවා යුකටාන් අර්ධද්වීපයේ හමුවෙන ආවාටයත් සමඟ. එයත් වසර මිලියන 66 ක් පැරණියි. අහඹුවක්ද ?
දැන් මේ වසර මිලියන 66 කට පෙර වකවානුවෙ විශේෂත්වය මොකද්ද ? ඒ තමයි ක්‍රිටසියස් යුගයේ අවසානය සනිටුහන්වුන කාල සීමාව. ඒ කියන්නෙ මිහිමත වාසය කරපු දැවැන්තම සතුන්ගෙ අවසන් කාලය.
දැන් මේ හයිපෝතීසිස් එක ගැන කතා කරද්දි මූලීකම දේ තමයි සාධක අනුව දැනට තිබෙන ශක්තිමත්ම මතය උල්කාවක් ගැටීම නිසා ක්‍රිටැසියස් වඳවීම සිදුවුන බව. විකල්ප මත වලට යන්න කලින් මේකෙ සම්පූර්ණ මතය ගැන සරල පැහැදිලි කිරීම මෙහෙමයි.
ඇස්ටරොයිඩය කොහෙන් ආපු එකක්ද කියන මතය ගැන සංවාදයේදි එලියට එන කරුණු තමයි අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයන් අතර තියෙන උල්කා පටියෙන් ඉවතට විස්ථාපනය වන උල්කාවක් බව. සාමාන්‍යයෙන් මේකෙ විශ්කම්භය කිලෝමිටර් 10 පමණ විශාලත්වයක් ඇති උල්කාවක්.
දැන් මේ උල්කාව ගමන් අරඹනවා පෘථිවිය දිශාවට. ඒ වෙද්දි පෘථිවිය කියන්නෙ වර්තමාන දේශගුණයට වඩා අතිශයින්ම වෙනස් දේශගුණයකින් සමන්විත ලෝකයක්. දැනට වඩා උශ්ණත්වය සෑහෙන වැඩී. ජුරාසික් පරිණාමික උච්චස්ථානයකට පැමිණෙන ඩයිනොසෝරියාවන් මේ ක්‍රිටැසියස් යුගය වෙද්දි ලෝකය පුරාම පැතිරීම තහවුරු කරගෙන. උදාහරණයකට බොහොම ප්‍රසිද්ධ ඩයිනෝසරයන් ගත්තොත් ට්‍රයිසරැටොප්ස් ගනය මේ වෙද්දි උතුරු අර්ධගෝලයේ බහුලතම ශාඛභක්ෂකයා. ටිරොනොසෝරයන්, ඇන්කයිලෝසෝරයන් වගේම විශාලතම බල පියාසැරිය ලද ක්වෙට්සකෝට්ලස් වැනි සත්වයන් මේ අවධියේදි ඉතාමත් හොඳින් ව්‍යාප්තියක් දක්වනවා.
------ Post added on Jan 4, 2025 at 11:56 AM

- වසර මිලියන 443 කට පමණ පෙර සිදුවු ඔර්ඩෝවිසියානු පසු අවධියේ මහා නශ්ඨවීම.
- වසර මිලිය 375 කට පමණ පෙර සිදුවු පශ්චාත් ඩෙවෝනියානු අවධියේ නශ්ඨවීම.
- වසර මිලියන 251 කට පමණ පෙර සිදුවු පශ්චාත් පර්මියානු අවධියේ මහා නශ්ඨවීම.
- වසර මිලියන 200 කට පමණ පෙර සිදුවු ට්‍රියැසික් මහා නශ්ඨවීම.
- වසර මිලියන 66 කට පමණ පෙර සිදුවු ක්‍රිටැසියස් මහා නශ්ඨවීම.
ප්‍රතිශත වශයෙන් ගත්තම (ආසන්න දත්තයන්)
- ඕඩොවිසියානු නශ්ඨවීමෙදි 85%
- ඩෙවෝනියානු 82%
- පර්මියානු 96%
- ට්‍රියැසික් 76%
- ක්‍රිටැසියස් 60 -75% අතර
උදාහරණයකට පර්මියානු නශ්ඨවීමෙන් පසුව පෘථිවිය තුල ඉතිරිවන්නෙ පර්මියානු අවධිය ආරම්භයේදි සිටි සත්ව විශේෂයන්ගෙන් 4% ක් පමණයි. කොතරම් විනාශකාරී ක්‍රියාවලියක් වන්නට ඇත්දැයි සිතා බැලීමට මේ දත්ත ප්‍රමාණවත්.
ක්‍රිටැසියස් මහා නශ්ඨ වීම(Cretaceous Mass Extinction)
පෘථිවිය මත ජීවය බිහිවු දා ඉඳන් මේ වෙනකන් මහා නශ්ඨවීම් සිදුවීම් පහක් සිදුවෙලා තියෙන. මේ නශ්ඨවීම් සිද්ධි අතරින් සෑහෙන ප්‍රසිද්ධම සිදුවීම තමයි ඩයිනෝසරයන් මිහිමතින් අතුගා දැමීමට හේතුපාදක වූ ක්‍රිටැසියස් නශ්ඨ වීම.
දැන් උල්කාපාත කතාව සෑහෙන ප්‍රසිද්ධ වුනාට මේ සිද්ධිය හරියටම මොකද්ද සහ වුනේ කොහොමද කියන එක ගැන ගැටලු තියෙන්න පුළුවන්. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමා එක් තැනකට ගැටෙන උල්කාවකින් කොහොමද සමස්ථ පෘථිවියේ ජීවයටම බලපෑම් කරන්නෙ කියන එක. මේ සටහන ඒක ටිකක් සරල කරලා පැහැදිලි කිරීමක්.
දැන් ඔය භූ විද්‍යාවෙදි පොලව කැණීම් කරද්දි පස්, මඩ, වැලි ආදිය අවසාධිත එහෙම නැත්තන් ලෙයර්ස් වලින් තමයි අපිට හම්බවෙන්නේ. කාලෙන් කාලෙට විවිධ පස් තට්ටු එක මත එක තැන්පත් වීම නිසා මේ ලෙයර්ස් හැදිලා තියෙනවා. මෙහෙම කැණීම් කරගෙන යද්දි මතුවෙන ලේයර් එකක මුණ ගැහෙනවා රේඛාමය සටහනක්. මේ රේඛාව ටිකක් විශේෂයි. හේතුව තමයි ප්‍රත්ශතයක් විදිහට ඉරිඩියම් කියන මූලද්‍රව්‍ය සංයුතිය මේ රේඛාවේ අධිකයි. මොකද්ද මේ හරුපේ ? ඉරිඩියම් කියන්නෙ පෘථිවි මතුපිට පෘෂ්ඨය තුල ඉතාමත් දුර්ලභ මූලද්‍රව්‍යක්. එතකොට ඉරිඩියම් කොහොමද මේ රේඛාවට ඇතුල් වුනේ?
| කැනඩාවෙ ඇල්බර්ටාවල දකින්න පුළුවන් K-pg රේඛාව (ඉරිඩියම් වැඩි ස්ථරය) |

Last edited: