මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ඇප

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ඇප

    මනෝප‍්‍රිය ගුණසේකර)

    හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික
    කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ්
    සිද්ධික් හෙවත් කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(28) ඇප නියම කළේය.

    රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර
    මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම්
    කරමින් කොන්දේසියක්ද පැනවීය.

    ඇපකරුවන්ගෙන් එක් අයෙකු ලඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට
    දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.

    මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන මෙම සිද්ධියට අදාළව වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන
    මොහොමඞ් මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති
    නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.

    2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන්
    නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත
    යටතේ වසර 3 ½ කට අධික කාලයක් මොහොමඞ් මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා රිමාන්ඞ් බාරයේ පසුවිය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා
    මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී
    සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන්
    වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.

    දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.

    සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ
    යුගආර්ග ද සිල්වා මහතා පෙනී සිටියේය.

    Lankadeepa.lk
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ‘මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණ දඬුවම’

    මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ‘ජනපති ප්‍රශංසා’ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ , කොළඹ අපරාධ
    කොට්ඨාසයේ නිලධාරීන්ට සහ රට පුරා පවතින පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක්
    අගයා මෙහිදී සම්මාන පිරිමිනැමිණි.

    මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034 කට ජනපති සම්මාන
    හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    Lankadeepa.lk
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    මනෝප‍්‍රිය ගුණසේකර)

    හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික
    කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ්
    සිද්ධික් හෙවත් කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(28) ඇප නියම කළේය.

    රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර
    මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම්
    කරමින් කොන්දේසියක්ද පැනවීය.

    ඇපකරුවන්ගෙන් එක් අයෙකු ලඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට
    දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.

    මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන මෙම සිද්ධියට අදාළව වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන
    මොහොමඞ් මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති
    නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.

    2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන්
    නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත
    යටතේ වසර 3 ½ කට අධික කාලයක් මොහොමඞ් මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා රිමාන්ඞ් බාරයේ පසුවිය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා
    මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී
    සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන්
    වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.

    දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.

    සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ
    යුගආර්ග ද සිල්වා මහතා පෙනී සිටියේය.

    Lankadeepa.lk

    50491122_2052435754872685_6382494596412211200_n.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

    වර්ෂ පහකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියැයි කියන
    සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට
    නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන්
    හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය වර්ෂ 5 කට අදාළ නඩු 05
    සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.

    2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වසර 5ක කාලයක් තුළ වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ
    හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින් ඉදිරිපත් නොකර සිටීම වරදක් ලෙස සඳහන් කරමින්
    අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.