මහින්දගෙ කාඩ් සෙල්ලම
-ජපාන අගමැති ෂින්සෝ අබේ ණය මල්ලක් අරගෙන ලංකාවට ඇවිත් යයි, පුවතක්-
-චීන ජනාධිපති නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගෙන ලංකාවට එයි, පුවතක්-
-ලංකාවේ වැඩි ධනය සහ බලය තිබෙන්නේ 0.1% ක ජනගහනයට පමණයි, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්-
-මේ ආණ්ඩුව වැඩකට නැති ව්‍යාපාරවල් වලට මුදල් නාස්ති කරනවා, හර්ෂ ද සිල්වා-
මෑතකදී බොහොම ලස්සන කාටූන් එකක් ඉංග්‍රීසි පුවත්පතක තිබුණා. එනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එක් සතියක ජපානයේ සුදු කොඩියේ මැද රතු රවුම අලවනවා. ඊළඟ සතියේ ඔහු අර ජපන් කොඩිය ගලවනවා. නමුත් යට තිබෙන්නේ චීනයේ රතු කොඩියයි. අර සුදු රෙද්දේ මැද කපා තිබුණ රවුම තුළින් දුටු චීන කොඩියේ රතු තමයි ජපාන කොඩියක් වගේ දැක්කෙ!!! බොහොම නිර්මාණාත්මක කාටූන් එකක්. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේවත් අපි දැක නැගි අගනා වැඩක්.
මහින්ද චින්තනයේ විදේශ ප්‍රතිපත්තියත් මේකම ත මයි. එනම් ප්‍රතිපත්තියක් නැතිකම. මේ සතියේ වන දේවල් වලට එක ප්‍රතිපත්තියක්. එන සතියේ වන දේවල් වලට තව ප්‍රතිචාරයක්. විදේශ ප්‍රතිපත්තියක් නැති තැන එය කිරීම පහසුයි. එපමණක් නොව දැන් මහින්ද චින්තනය විදේශ ප්‍රතිපත්තියේ කාඩ් පහක් තිබෙනවා. එක තමයි චීන කාඩ් එක. දෙක ඉන්දියන් කාඩ් එක. තුන්වැන්න ජපාන කාඩ් එක. සිව් වැනි කාඩ් එක වන්නේ බටහිර කාඩ් එකයි. පස් වැනි කාඩ් එක ශ්‍රී ලංකාවේ යථාර්ථය කියන එක. ඔය කාඩ් එක කපා සතියෙන් සතියට ගහන එක තමයි විදේශ ප්‍රතිපත්තිය. මේ කාඩ් සෙල්ලම බොහොම සාර්ථකව සෙල්ලම් කරන බව නම් පේනවා. මේ සෙල්ලමට එන කාඩ් ක්‍රීඩකයන්ට තමන්ගේ කාඩ් එක දුන්නාම ඔවුන් හිතන්නේ තමා දිනුම් කියලයි. එයද අර කැසිනෝ ක්‍රීඩාවේ කාඩ් සෙල්ලම් කරන අය තමන් කෙතරම් මුදල් දිනුවන් අන්තිමට දිනන්නේ තමන් නොව කැසිනෝ එක බව දන්නෙ නැහැ වගේ!! මේ කාඩ් සෙල්ලමත් අන්තිමට දිනන්නේ මහින්ද රාජපක්ෂයි.
චීන කාඩ් එක තිබෙන්නේ ලංකාව, චීනයට භාර දෙන ව්‍යාපාර වලට හොඳ තැනක්, ලංකාව ජාත්‍යන්තර නැව් මාර්ගයේ තිබෙන වැදගත් රටක් කියලා.
ඉන්දියානු කාඩ් එකේ තිබෙන්නේ, ඉන්දියාව ලංකාව සමඟ විරසක වුණහොත් අපිට චීනය ඉන්නව කියලා.
ජපාන කාඩ් එකේ තිබෙන්නේ ඔන්න අපේ රට තුළින් ඔයගොල්ලන්ට ඉන්දියාවට, අප්‍රිකාවට නිෂ්පාදන විකුණන්න පුළුවන් කියලා. ඒ සමඟම චීනය අපිත් සමඟ හරි හිතවත් කියාද එම කාඩ්පතෙහි තිබෙනවා.
බටහිර කාඩ්පතෙහි තිබෙන්නේ ඔයගොල්ලෝ අපිත් එක්ක තරහ වුණාට අපි ආණ්ඩුව පරදවන්න පමණක් හිතන්නවත් එපා. ඕන තරම් ඔයගොල්ලෝ රනිල්ව ජොලි කරවන්න කියලයි. ඉතින් මේ කාඩ් දෙස බලාගෙන තමයි මේ බලවත් රටවල් කාඩ් ගහන්නේ එසේ නැතිව යථාර්ථය දෙස බලා නෙවෙයි. යථාර්තය වන්නේ ශ්‍රී ලංකාව කියන්නෙ යටිතල පහසුකම් තවම දියුණු නැති දුප්පත් රටක්. කෙතරම් කයිවාරු ගැසුවත් රටේ ප්‍රධාන නගර දෙක අතර ඇති කිලෝ මීටර් 115ක දුර යන්න පැය 5ක් ගතවෙනවා. රටේ ගුවන් තොටුපොලේ ලොකුම වැසිකිලිය දුඟදින් පිරිලා. ප්‍රධාන ආධායම් මාර්ගය පිටරට වැඩකරලා එවන සල්ලි. මෙහෙව් කුඩා රටක ආයෝජන කරන්න බලවත් රටවල තරඟ කරන්න එන තැනට මඟ පාදන්න මේ කාඩ් සෙල්ලමට හැකිවී තිබෙනවා. එසේ කළේ අර යථාර්තය කියන කොළේ වහලා සෙල්ලම් කරන නිසා.
මේ විදියට හරි ප්‍රතිඵලයක් නැතිව යථාර්ථ කොලේ වහලා සෙල්ලම් කිරීම නිසා දැන් රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. නමුත් එම වර්ධනයේ තව පැත්තක් තිබෙනවා. එනම් ආර්ථික වර්ධනයේ අසම්මිතිය. (Asymmetry) මා මෙයින් අදහස් කළේ මෙයයි. එනම් අත මිට සරු අය ඉතා ස්වල්ප ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය තමයි අර විපක්ෂ මන්ත්‍රී කී 0.1%ක ප්‍රමාණය. මේ 0.1%ක ප්‍රමාණය තමයි ඔය කියන ආර්ථික වර්ධනයේ පල නෙළා ගන්නේ. එම ආර්ථික වර්ධනසොක්කුවට දාගෙන ගෙදර යනවා. ඒ අයගේ පවුල් අර අලුතින් හදන සාප්පු සංකීර්ණ වලින් බඩු ගන්නවා.
නමුත් අනෙක් 99.9% බස් එකේ ගිහින් හිස් අතින් ගෙදර යනවා. නිකම් හිතලා බලන්න අද රජයේ හෝ පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කොට පවුලක් ජීවත් කරන්න පුළුවන්ද? රටක සාරවත් බව මනින්නේ අර කී 0.1% දෙස බලා නෙවෙයි. අනෙක් 99.9% දෙස බලායි. හේතුව ඔවුන්ට පළමුව සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න ආර්ථික ශක්තියක් තිබෙනවා. ඒ වගේම ආයෝජන ඇවිත් නිෂ්පාදනය කරන භාණ්ඩ ගැන අතිරික්ත මුදලක් අතේ තිබෙනවාද කියන එක. රටක හරි ආයෝජනය එන්නේ එසේ තිබෙනවා නම් පමණයි. එසේම රටේ ස්ථාවර ආර්ථික වර්ධනයක් ඇති වන්නේද එවිටයි. ඒ බවක් නම් අපේ රටේ පෙනෙන්නේ නැහැ. එක් පැත්තක ගුවන් යානා බස්සවන්නේ නැති ගුවන් තොටුපොළක් හදනවා. මිනිස්සු යන්නේ නැති පාඩු පිට පාඩු ලබන ගුවන් සේවා ඇති කරනවා. තව පැත්තක මිනිස්සු ලස්සන බලන්න පමණක් යන සාප්පු සංකීර්ණ හදනවා. අනෙක් පැත්තෙන් කාර් රේස් දුවන්න මුහුදේ දිවයින් හදනවා. ඕවා කරලා සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම නංවන්නේ කොහොමද?
මේ විදියට සැලැස්මක් පදනමක් නැතිව කරන සල්ලි නාස්තිය ගැන තමයි හර්ෂ කියන්නේ. මේවයේ ප්‍රතිඵල දකින්නේ කල් ගිහිල්ලයි. ඔය දැන් තිබෙන ආර්ථික වර්ධනය මන්දගාමී වුවහොත්, ඔය වැඩකට නැති දේවල් වලට ණය දුන් ආයතන, ආපහු සල්ලි ඉල්ලනවා. එසේ නැතිනම් පොලීය වැඩි කරනවා. අද 6%කට ගන්න ණය වලට රටේ ආර්ථික අස්ථාවරයක් ඇති බව පෙන්නුවහොත් ණයකරුවෝ 12%ක් ඉල්ලයි. රටේ ආර්ථිකය මහ අගාධයකට වැටෙන්නේ එදාටයි. ඒ නිසා ඔය රටවල් රවටා කාඩ් සෙල්ලම් කරන ගමන්ම මේ ටිකත් හිතලා හිටියොත් හොඳයි. එසේ නැතිනම් ලෝවැඩ සඟරාවේ තිබෙනවා වගේ ලංකාවේ ජනතාව වතුර ටික උතුරන තෙක් සතුටෙන් නටන කකුළුවෝ වගේ වෙයි කියා තමයි කියන්න වෙන්නේ. දැන්වත් ජනතාව රටේ දූෂනය සහ නාස්තිය ගැන කතා කිරීමට පටන් ගන්න ඕනෑ ඒ නිසයි.

- මහින්ද චින්තනයේ විදේශ ප්‍රතිපත්තිය කාඩ් සෙල්ලමක්.

- මේ කාඩ්වල තිබෙන්නේ මොනවද?

- ආර්ථික ප්‍රතිඵල

- සල්ලි නාස්තිය.