මහින්දගෙ කාලෙ විග්නේශ්වරන් පූස් පැටියෙක&
මහින්දගෙ කාලෙ විග්නේශ්වරන් පූස් පැටියෙක්ද?
විමල් වීරවංශත් අපූරු කතා කියන හාදයෙකි. ඔහු පසුගිය සතියේ ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් පවසා ඇත්තේ මහින්දගේ කාලයේ විග්නේශ්වරන්ලා මෙහෙම දැඟලුවේ නැහැ කියාය. මහින්දගේ කාලයේ උතුරේ මෙහෙම වුණේ නැහැ කියාය.
2014 ජනවාරි 27 උතුරු පළාත් සභාවට විග්නේශ්වරන් යෝජනාවක් ගෙන ආවේය. එම යෝජනාව නම් යුද අපරාධ කළ හමුදාවට දඬුවම් කරන්න ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි කියාය. එම යෝජනාව ඉහළින්ම සම්මත විය. ඊළඟට එල්.ටී.ටී.ඊ. නායකයන් ඝාතනය වූ මුල්ලිවයික්කාල්වල එල්.ටී.ටී.ඊ. නායකයන් වෙනුවෙන් ස්මාරකයක් හදන්නත් යෝජනා විය. ඒ යෝජනාවද මහ ඉහළින් සම්මත විය.
විග්නේශ්වරන් මෙවැනි යෝජනා සම්මත කර ගනිද්දී විමල් වීරවංශ මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් විය. මහින්ද රටේ ජනාධිපතිය. ගෝඨාභය ආරක්‍ෂක ලේකම්ය. හැබැයි මේ කවුරුවත් උතුරු පළාත් සභාව රණවිරුවන්ට එරෙහිව සම්මත කළ යෝජනාව ගැන වචනයක්වත් කීවේ නැත. අද විග්නේශ්වරන් දමිළයනි නැඟිටිව් කියා පෙළපාළි යනවා විතරය. එදා හමුදාව යුද අපරාධ කළැයි යෝජනාවක් සම්මත වීම හමුදාවට ගහපු අතුල් පහරකි. අනෙක ඒ මාර්තුවේ ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යෝජනාවක් සම්මත කිරීමට නියමිතව තිබිණි. යෝජනාවේ සඳහන් වූයේ යුද අපරාධ කළ හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. යෝජනාව මාර්තු සැසියේදී ඉදිරිපත් වන බව මහින්දගේ ආණ්ඩුවත් දැන සිටියේය.
එසේ තිබියදී ලංකාවේ උතුරු පළාතේ හමුදාව යුද අපරාධ කළා කියා යෝජනාවක් සම්මත වීම ආණ්ඩුවේ අන්ත පරාජයකි. එයිටත් වඩා උතුර ලංකාවේ අනෙක් පළාත්වලින් වෙන් කිරීම පිළිබිඹු කරන ක්‍රියාවකි. මහජන වරමකින් පත්වූ උතුරු පළාත් සභාව හමුදාව යුද අපරාධ කර ඇති බවටත්, ඒ නිසා හමුදාවට දඬුවම් දිය යුතු බවටත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහි යුද අපරාධ යෝජනාව ගෙන එද්දී මූලික පදනම කර ගෙන තිබිණි. එම යෝජනාවත් එල්.ටී.ටී.ඊ. නායකයන් වෙනුවෙන් ස්මාරක හදන යෝජනාවත් ඉදිරියේ රාජපක්‍ෂ ආණ්ඩුව සහ විමල්ලා හැසිරුණේ නිවටයන් ලෙසය. අඩුම තරමේ උතුරු පළාත් සභාවේ යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන එය ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන වැඩපිළිවෙළක්වත් නොවීය. විග්නේශ්වරන් සම්මත කළ යෝජනාවට ලොව පුරා ප්‍රසිද්ධිය ලැබිණි. ලොව පුරා මාධ්‍ය එම යෝජනාව විග්‍රහ කළේ උතුරේ ජනතාව හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලනවා කියාය. කරුණානිධි උතුරට ජනමත විචාරණයක් ඉල්ලා සිටියේ උතුරු පළාත් සභාවේ යෝජනාව හරහා උතුරු පළාත දැන් වෙනම රාජ්‍යයක් බව කියමිනි. එකල දමිළ ජාතික සන්ධානයද උතුරු පළාත් සභා යෝජනාව අනුමත කළේය. විග්නේශ්වරන් එම යෝජනාව ඉදිරිපත් කළේ දමිළ ජාතික සන්ධානයේ නියෝජිතයා ලෙසය.
ඇත්තෙන්ම විග්නේශ්වරන්ව හැදුවේ වෙන කවුරුවත් නොවේ. විග්නේශ්වරන්ව හැදුවේ රාජපක්‍ෂලාය. විග්නේශ්වරන් උතුරු පළාත් සභාව දින්නේ තුනෙන් දෙකක බහුතරයකිනි. ඇත්තටම යුද්ධයට පසු දමිළයන් නැඟිට්ටේ එම උතුරු පළාත් සභා මැතිවරණයෙනි. ඒ රාජපක්‍ෂලාගේ මර්දනයට එරෙහිවය. එය ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවට අවාසිදායක ඡන්ද ප්‍රතිඵලයක් විය. විග්නේශ්වරන් ඡන්දයෙන් සිය බලය පෙන්වූ විට පළාත් සභාව විසුරුවන්න යැයි අද කෑගහන දේශප්‍රේමීන් එදා කෑ ගැහුවේ නැත. විග්නේශ්වරන්ව අත්අඩංගුවට ගන්න යැයි කීවේත් නැත. විග්නේශ්වරන් මහ ඇමැති ලෙස මහින්ද හමුවීමට එන විට මහින්ද වැඳලා විග්නේශ්වරන්ව පිළිගත්තේය. විග්නේශ්වරන් හමුව වර්ජනය කරන්න යැයි දේශප්‍රේමීන් එදා මහින්දට කීවේ නැත.
අද විග්නේශ්වරන් අත්අඩංගුවට ගත යුතු යැයි සිංහ පැටව් සේ කෑ ගහන්නේ එදා විග්නේශ්වරන් තුනෙන් දෙකක ජන වරමකින් මහ ඇමැති වී හමුදාවට දඬුවම් කළ යුතු යැයි යෝජනා සම්මත කරද්දී පූස් පැටව් වගේ සිටි දේශප්‍රේමීන්ය. ඇත්තටම අද විග්නේශ්වරන්ට එදා තිබුණු ජන බලය නැත. දමිළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් කියා ඇත්තේ විග්නේශ්වරන්ගේ උද්ඝෝෂණයට තම පක්‍ෂයේ සම්බන්ධයක් නැති බවය. එදා විග්නේශ්වරන් හමුදාවට එරෙහිව යෝජනා සම්මත කරද්දී සම්බන්දන් එසේ කීවේ නැත. ඒත් අද සම්බන්දන් කියන්නේ දමිළයිනි නැඟිටිව් ව්‍යාපාරයට තම පක්‍ෂයේ කිසිම සහායක් නැති බවය. මහින්දගේ කාලයේ විග්නේශ්වරන් උතුරේ නටපු කොටි නැටුම සහ අද නටන කොටි නැටුම අතර වෙනස ඒකය. තමන් විග්නේශ්වරන්ගේ ව්‍යාපාරයට සහාය දෙන්නේ නැතැයි සම්බන්දන්ලා, සුමන්තිරන්ලා කියද්දී හරිනම් අපේ දකුණේ දේශප්‍රේමීන් සම්බන්දන්ලා,
සුමන්තිරන්ලාට ස්තුති කළ යුතුය. හැබැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පුවත්පත් සාකච්ඡා පවත්වා විමල්ලා කියන්නේ විග්නේශ්වරන්ගේ ව්‍යාපාරයේ සම්බන්දන්ලා, සුමන්තිරන්ලාත් සිටින බවය. සම්බන්දන්ලා, සුමන්තිරන්ලා අපි නැහැ කියන විටත් විමල්ලා හදන්නේ ඔවුන්ව කොටියාගේ තුරුලට තල්ලු කරන්නටය. විග්නේශ්වරන් කියන්නේත් තමා සිංහල බෞද්ධයන්ට, ආණ්ඩුවට, රටට එරෙහිව මේ උද්ඝෝෂණය නොකළ බවය. තමාගේ දියණියන් විවාහ වී සිටින්නේත් සිංහලයන් සමඟ බවය. තමා කතා කරන්නේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බවය. විග්නේශ්වරන් එහෙම කියද්දීත් මහින්දවාදීන් විග්නේශ්වරන්ට එරෙහිව පාරට බසින්න යයි. ඔවුන්ට ඕනෑ මුළු උතුරේ හැම දේශපාලනඥයෙක්ම කොටි වගේ පෙනෙන්නටය. උතුරේ හැම මිනිහෙක්ම කොටි කරන්නටය. උතුරෙත් කොළඹත් බෝම්බ පිපිරිලා ඔන්න කොටි නැඟිට්ටා කියලා මහින්දව සිංහාසනාරූඪ කරන්නටය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Last edited: