මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මි

    මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් එලියට පනී

    පසුගිය වසරේ පමණක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව නයිජීරියාව බුරුමය ඇතුළු විදේශ රටවල් කිහිපයකට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කිරීමට යන මාතෘකාව යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 585ක් එනම් රුපියල් බිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්ෂික මුල්‍ය වාර්තාවේ සදහන් කොට ඇත.

    එහෙත් එම වාර්තාවේ මෙසා අති විශාල මුදලක් ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන ගැන කිසිම සඳහනක් කොට නොමැති බව එම වාර්තාවේ සඳහන් වන බව රුසියානු රූපවාහිනි සේවය වාර්තා කරයි. නමුත් සමස්ථයක් හැටියට එම මුදල් ලාබදුන් පාර්ශවය හැටියට සඳහන් කොට ඇත්තේ ඇමරිකාවට විශ්වාස හා සම්බන්ධතා ඇතික් එම රටවල නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෝ අලුත් වෙනස්කම් ඇතිකරන්නෝ සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන්නෝ ලෙසයි.

    එමෙන්ම මෙ මුදල් ලබාදීම හරහා එම රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් බිහිකිරීමන් ඇමරිකාවට මෙන්ම මිතුරු රටවලට ඇතිකරන තර්ජන අඩුකිරිමක් සඳහා මෙම මුදල් යොදවා ඇති බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එම වාර්තාව සඳහන් කොට ඇති බැව් රුසියානු රූපවාහිනි සේවය සඳහන් කරයි.

    වැඩිදුරටත් රාජ්‍ය ලේකම්ගේ මූල්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘මෙම මුදල් ලබාදීම හරහා එම රටවල ක්‍රියාකාරින් විසින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සෑම දෙනාගෙම අභිලාෂයන් ආරක්ෂිත කිරීම සඳහා මෙම මුදල් යොදවා ඇත’ යනුවෙනි.

    රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ආකාරයෙන්ම ඇමරිකාව රුසියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලබාදීමට කටයුතු කල අතර රුසියානු ආණ්ඩුව පසුගිය ජූනි මස සිට එසේ මුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රුසියාව තුල ක්‍රියාත්මක වීම වහාම තහනම් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.
     
    • Like
    Reactions: allrights
    Nov 18, 2016
    39
    3
    0

    මන් හොයලා බලන්නම් මෙ ගැන . :yes: :yes:
    වැරදි කරුවන්ට දඬුවම් ලැබෙවි. :growl: :growl: :angry: :angry:
    එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා? කවුද මහින්ද කියන්නෙ ?? :confused: :confused: