මහින්දගේ ඇත්දළ ජයන්තගේ යාඩ් එකෙන් මතුවේ!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් ඇත්දළ ඇතුළු පෞරාණික කෞතුක භාණ්ඩ රැසකින් යුතු කන්ටේනර් 2 ක් මේ වන විට පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරගෙන යන බව පෑලියගොඩ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කන්ටේනර් 2 ක මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ කන්ටේනර් අංගනයේදීය.
මෙම කන්ටේනර් අංගනයේ සේවකයන් පොලීසියට පවසා ඇත්තේ මෙම කන්ටේනර් 2 ක එම භූමිභාගයට රැගෙන එන ලද්දේ ජනවාරි 09 වෙනිදා මධ්‍යම රාත්‍රියේ බවයි. පෑලියගොඩ පොලීසියට ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. කන්ටේනර් අංගනයේ භාරකරුවන් පවසා ඇත්තේ මෙම කන්ටේනර් 2 හිටපු ජනාධිපතිවරයාට අයිති ඒවා බවයි.
- http://sinhala.lankanewsweb.net/news/15381-2015-01-18-16-19-26