මහින්දගේ කැඳහැලිය

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මහින්දගේ කැඳහැලිය

පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූයේ ජනාධිපති අපේක්ෂකයින්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන් පිළිබඳවය. මෛත‍්‍රී පාලනයක්... ස්ථාවර රටක් මැයෙන් ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන තම දින සියයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීය. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ කොළඹ නගරසභාව ඉදිරිපිට විහාරමහදේවි උද්‍යානයේදීය. එම අවස්ථාවට විපක්ෂයේ පක්ෂ නායකයින් විශාල පිරිසක් සහභාගි විය. මෛත‍්‍රීපාල සිරිසේන තම ප‍්‍රතිපත්ති පිළිබඳව කතාව ආරම්භ කිරීමත් සමග විදුලිය විසන්ධි විය. ඒ ආණ්ඩුව විපක්ෂයේ අපේක්ෂකයාට මුහුණ දෙන එක් ආකාරයකි. ආරම්භයේදීම ආණ්ඩුව මෛත‍්‍රීපාල සිරිසේන සහභාගි වූ සිරස රූපවාහිනියේ සටන වැඩසටහන ඩයලොග් සහ පියෝ ටීවී ඔස්සේ විකාශය වීම නැවැත්වීය. ඉන්පසු නාමයෝජනා භාරදීම ජාතික රූපවාහානිය විසින් අනෙකුත් රූපවාහිනී ආයතන සමග සජීවි විකාශය කළ අතර මෛත‍්‍රීපාල සිරිසේන නාමයෝජනා භාරදෙන අවස්ථාව විකාශය කිරීමෙන් වැළකී සිටියේය. අනතුරුව විපක්ෂයට රැස්වීමක් පැවැත්වීමට කිසිදු ස්ථානයක් වෙන්කරගත නොහැකි වන ආකාරයට ආණ්ඩුව මැදිහත්වී සියලූ ස්ථාන වෙන්කර ගත්තේය. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයය.
[FONT=&quot]විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කරුණු එකොළහකින් සමන්විත වන අතර ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වැඩි ප‍්‍රමුඛත්වයක් ලබාදී තිබේ. ඊට අමතරව ආර්ථිකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සදාචාර සම්පන්න සමාජයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදහස් අධ්‍යාපනයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියුණු රාජ්‍ය අංශයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාධ්‍ය නිදහස පිළිබඳව අවධානය යොමු කර තිබේ. දින සියයක් ඇතුළත ගොඩනංවන තාවකාලික ආණ්ඩුවක් යටතේ සිදුකරන කඩිනම් ප‍්‍රතිසංස්කරණ කිහිපයක් පිළිබඳ සංක්‍ෂිප්තව එහි සඳහන් කිරීමට පොදු විපක්ෂය කටයුතු කළේය. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ පිළිබඳව සංවාදය ආරම්භ කළේ ඒ වනවිටත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වා නොතිබූ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂමය. රටේ ජනතාව බොහෝ දෙනෙක් මෛත‍්‍රීපාලගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු දැනගත්තේ ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගෙනි. ආණ්ඩුවේ සෑම මාධ්‍ය හමුවකට මෛත‍්‍රීපාලගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නැතිවම බැරි දෙයක් විය. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අහනකොට මට මගේ අයවැය මතක් වුණා. මගේ අයවැය යෝජනා කොපි කරන්න කාටවත් බැහැ. ඒකේ පේටන්ට් අයිතිය තියෙන්නේ මට. මේකේ තියෙන්නේ මම කරපු වැඩටිකනේ. මම කොරලා ඉවරායි[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහින්ද රාපක්ෂ වව්නියාවේ පැවැති ජනහමුවකදී පැවසීය. එම ප‍්‍රතිපත්ති පිළිබඳව අනුර ප‍්‍රියදර්ශන යාපා අපූරු කතාවක් කීවේය. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]සිරිසේන මහතාගේ ආර්ථික ක‍්‍රමවේදය සහ ප‍්‍රතිපත්ති එකිනෙකට පරස්පරයි. වර්තමාන ආර්ථිකය පිළිබඳව අංශුමාත‍්‍රයක දැනුමක් තියෙන කෙනෙක් ලියපු එකක් නෙවෙයි. මේක ආ[/FONT][FONT=&quot]`[/FONT][FONT=&quot]ඩි හත්දෙනාගේ කැඳහැලිය වගේ.[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යැයි ඔහු කීවේ ජනාධිපතිවරයා කී දේට පරස්පර වෙමිනි. එය ගොඩනැංවූයේ අපූරු සූත‍්‍රයකි. මෛත‍්‍රීපාලගේ ප‍්‍රතිපත්ති මහින්දගේ අයවැයේ කොපියකි. ඒ වගේම මෛත‍්‍රීපාලගේ ප‍්‍රතිපත්ති එකිනෙකට පරස්පරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැඳ හැලියකි. ඒ අනුව මහින්දගේ අයවැය
[/FONT]
[FONT=&quot], [/FONT][FONT=&quot]එකිනෙකට පරස්පරය[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ආඩි හත්දෙනාගේ කැඳහැලියකි.

:lol:

[/FONT]