මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී

monson

Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී

    :rolleyes:

    අද (05) උදෑසන චන්ද්‍රිකා හා මෛත්‍රී අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ එකඟතාවය අකුළාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ස්ථිර ලෙස පොරොන්දු වී තිබේ.

    අද උදෑසන දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී දේශපාලන බුද්ධිඅංශ වාර්තා පිළිබඳව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇතත් ඇය ඔහුට පවසා ඇත්තේ මහින්දවාදී බුද්ධිඅංශ නිළධාරීන් සකස් කරන වාර්තා සාවද්‍ය ඒවා බවයි. පසුව ඇය තම තර්කය සනාථ කිරීම සඳහා ස්වාධීන මූලාශ්‍ර මගින් ලබාගත් සංඛ්‍යා ලේඛන පෙන්වාදෙමින් තත්වය ජනාධිපතිවරයාට පහදා දී ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තිබේ.

    දිගින් දිගටම ජනාධිපතිවරයා තම මතයේ පිහිටා කටයුතු කළහොත් ඔහුට එරෙහිව රටතුළ විශාල කැරැල්ලක් පැනනගිනු ඇති බවත් ඉදිරි මහමැතිවරණය ඉතා ප්‍රචණ්ඩකාරී එකක් වියහැකි බවත් හිටපු ජනාධිපතිවරිය ඉතා තීක්ෂණ ආකාරයට ජනාධිපතිවරයාට පහදා දී තිබේ. මැතිවරණයේදී රට ලේ විලක් වුවහොත් එහි වගකීම දැරියයුතු වන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්‍රමසිංහවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා බව චන්ද්‍රිකා මහත්මිය අවධාරණය කර ඇත. එම කරුණු පිළිබඳව බැරෑරුම් ලෙස සලකාබැලීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා සඳහා තම කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළකොට තිබේ.

    අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ජනවාරි 08 ජයග්‍රහණයේ මූලික පාර්ශ්වකරුවන් කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන් අනතුරුව අද සවස පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දින දේශනය සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අමුත්තෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගි වී ඇත.
    අද දින චන්ද්‍රිකා - මෛත්‍රී හමුවේදී තීරණය වූ කරුණු පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළදී හිටපු ජනාධිපතිවරිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.

    - http://sinhala.lankanewsweb.net/index.php/news/17622-2015-07-05-20-21-01
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    සන්ධාන මාධ්‍ය හමුව අවලංගු කරලා

    2015 ජූලි මස 06 07:05:38 | .

    සඳුදා (06) උදේ දහයට විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සන්ධාන නායකයන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

    දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මහත්වරු ඊට සහභාගී වීමට නියමිතව සිටියහ.

    - http://www.lankadeepa.lk/index.php/articles/329992
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    මහින්දගේ අනුරාධපුර රැස්‌වීම නාමයෝජනා භාර දීමෙන් පසු :rofl:

    අනුර බාලසූරිය, චමින්ද සිල්වා

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම නාමයෝජනා භාරදීමෙන් පසු පැවැත්වීමට කටයුතු කරන බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සංවිධායක එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (5 වැනිදා) පැවැසීය.

    - http://www.divaina.com/2015/07/06/news02.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    මහින්ද විකල්පයකුත් හදයි :P

    2015 ජූලි මස 05 17:19:31 | තරිඳු ජයවර්ධන

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් වෙනම පක්ෂයකින් තරඟ වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දක්වන පිරිස විජේරාම පාරේ කාර්යාලයයක් විවෘත කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

    අවශ්‍ය වුවහොත් වෙනම තරග කිරීමට නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් පවතින බව ද එම ආරංචි සඳහන් කරයි.

    - http://www.lankadeepa.lk/index.php/articles/329947
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    මෛත්‍රීගෙන් බුරුලක් නැති බව දැනගත් මහින්ද පස්ස ගහයි..! මංගල රැලියත් අවලංගුයි..!! වහලුන් අනාථයි..!!! :rolleyes:

    (ලංකා ඊ නිව්ස් - 2015.ජූලි.05, ප.ව.11.30) මහින්ද රාජපක්ෂ හට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාන්‍ය අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදෙන බවට සුසිල් ප්‍රේමජයන්ත් විසින් ලිපියකින් ඉකුත් සිකුරාදා(03) කරන ලද දැනුම් දීම අනුව අගමැති අපේක්ෂකත්වය, දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය හෝ දිස්ත්‍රික් මැතිවරණ කළමණාකාරිත්වයක් හෝ නොමැතිව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    එපමණක් නොව සිය වහලා වූ සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද එකී දැනුම් දීම තමා රැවටීමට හා කොටුකිරීමට මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියට දැමූ උපායක් බව මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන්ට පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

    මේ අනුව කිසිදු තත්ත්වයක් නොමැති පහළ මට්ටමක සිට මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තමා කෙරෙහි ජනතා ප්‍රතිරූපය නංවා ගැනීම එතරම් පහසු කටයුත්තක් විය නොහැකි බව පෙන්වා දී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් නොවීම වඩාත් ගුණදායක බවය.

    වහලුන් මහින්ද රාජපක්ෂව පොළඹවා ලන්නේ එජනිසය නොමැති නම් වෙනත් පෙරමුණකින් මැතිවරණ සටනට එන ලෙසයි. එම පෙරමුණ ලෙස ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ‘ නමින් පෙරමුණක් රැගෙන ඇති අතර එහි ලකුණ වන්නේ ‘මල් පොහොට්ටුව‘ ය. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය හෝ එජනිසය හෝ දෙකින් එකකින් තොරව මැතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් දක්වන අතර එසේ වෙනත් පෙරමුණකින් තරඟ කිරීමට යන්නේ නම් තමන් නමින් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවී පැත්තක සිට සහයෝගයක් දෙනවා මිස ඍජුව ඉදිරිපත් වීම අසීරු යැයි පවසා තිබේ.

    මේ තත්ත්වයන් මත මහින්ද රාජපක්ෂගේ මංගල රැලිය ලබන 9 වෙනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනු නමුත් හදිසියේම එය අවලංගු කර තිබේ.

    මහින්ද රාජපක්ෂගේ එම අලුත්ම තීරණයත් සමගම ඔහුගේ කරමතින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමේ සුන්දර සිහිනයක පසු වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණි ලොකුගේ යන පිරිස් සිය දේශපාලන ගමන් මගට තිත තැබීමට සිදුවේ දෝ බියෙන් සිටින බවද වාර්තා වේ.

    මේ අතර මොවුන්ගෙන් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ද නාම යෝජනා ඉල්ලා සිටින තත්ත්වයකට ඇද වැටී සිටින බව ද අලුත්ම ආරංචි මාර්ග අනාවරණය කරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මංගල රැලිය නෙවි ඕකගේ අවමංගල රැලියට ලෑස්ති වෙන්න වෙයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි :rofl:

    මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ.

    ඒ අනුව ලබන 08 වන දින මෙම ගුරුකමෙහි තීන්දු කැපීම සිදුවන අතර ඒ මහවැලි ගඟ අසබඩ විහාරස්ථානයක්දී සිදු කිරීමට නියමිතය. 'මහින්ද සමඟ නැගිටිමු' ‍රැළි මාලාවේ මීලඟ ‍රැළිය ලබන 09 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඊට රාජපක්ෂ මහතා සහභාගීවන බව සඳහන්ය. ( ජෝතිෂ්‍ය උපදෙස් මත'මහින්ද සමඟ නැගිටිමු"පාඨය මෙහිදී වෙන්ස කර තිබේ. ඒ බව අප මීට පෙර පුවතකින් හෙළි කළෙමු)

    මෙම ගුරු කම විශෙෂයෙන්ම සිදු කරනු ලැබුවේ මෙම ‍රැළිය වෙනුවෙන් වන අතර මෙහිදී රාජපක්ෂ මහතා ‍රැළියට එක්වනු ඇත්තේ විශේෂ ආකරයකට. මන්ද ඔහු වේදිකාවේ සිටින විට පාප ග්‍රහචාරයන් ඇති කිසිවකු එම වේදිකාවේ නොසිටිය යුතු බවටද ලැබී තිබෙන බැවින් ඇතැම් මහින්ද වාදී නායකයන් රාජපක්ෂ මහතා වේදීකාව මත සිටින විට ඔවුන් වේදීකාව යට සිටිනු ඇත ඔවුන් උඩට යන විට රාජපක්ෂ මහතා වේදිකාව යටට යනු ඇත.

    - http://lankadaily.com/latestnews/item/7961-3
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    menna news. niyamay machan. maara ja(na)da maadya mewa.
    lankadaily, enews, lankanewsweb
    tawa tiyenawada? :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    සන්ධානයෙන් නාමයෝජනා භාර ගන්නේ කණ්ඩායමටම දුන්නොත් විතරයි – මහින්ද කියයි.

    ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන් නාම යෝජනා දෙනු ලබන්නේ තමන් සමග සිටින තම කණ්ඩායමටම නාමයෝජනා ලබා දුන්හොත් පමණක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් හට පවසා තිබෙනවා.ඊයෙ රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇති බවයි ‘අපේ රට’ වෙබ් අඩවියට වාර්තා වන්නේ.

    එහිදී දිගින් දිගටම ඉතා දැඩි ස්වරයෙන් හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ කුමන චෝදනා එල්ල වී තිබුනත් ඔවුන් තමන් සමග නොසැලී තමන් වෙනුවෙන් සහ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි බවත් තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔවුනටද එම අවස්ථාව ලබා දියයුතු බවයි හිටපු ජනපතිවරයා මහලේකම්වරයාට පවසා තිබෙන්නේ.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට පසුගිය ආණ්ඩු සමයෙහි විනය විරෝධී චෝදනාවලට ලක්වූ, මත්ද්‍රව්‍යය සහ දූෂණ චෝදනා එල්ලවී ඇති කිසිම අපේක්ෂකයෙකුට නාමයෝජනා ලබා නොදීමටයි තීරණය කර සිටින්නේ.

    - http://aperata.net/සන්ධානයෙන්-නාමයෝජනා-භාර/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හහ් හහ් බලපෙරෙතයගේ ඇටදෙක කපල දැම්මට පස්සේ දැන් දෙහි එල්ලං ඉන්නව ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    11695731_10153421761869643_2581471262988927450_n.jpg

    https://www.facebook.com/Official.A...64825574642/10153421761869643/?type=1&theater
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    Sirisena To Team Up With Chandrika, Ranil For An Anti-Rajapaksa Alliance: Report

    Following the granting of the United Peoples’ Freedom Alliance (UPFA) parliamentary election ticket to former Sri Lankan President Mahinda Rajapaksa, his rival and serving President Maithripala Sirisena is set to form an anti-Rajapaksa alliance with UNP leader Ranil Wickremesinghe and former President Chandrika Kumaratunga, The New Indian Express said.

    This was evident on Sunday when Sirisena and Wickremesinghe attended Kumaratunga’s 70th birthday celebrations and spoke about Kumaratunga’s contribution to Sri Lanka in glowing terms. While the function was attended by key supporters of Sirisena and Wickremesinghe, supporters of Rajapaksa were conspicuously absent, TNIE report pointed out.

    Speaking on the occasion, Sirisena praised Kumaratunga for not being corrupt and for promoting ethnic reconciliation when she was Lankan President from 1995 to 2005. He was indirectly contrasting her with Rajapaksa, who had become known for being corrupt and being against ethnic reconciliation. Sirisena also praised her for the respect she enjoyed internationally.

    Sirisena openly acknowledged that it was due to the recommendation of Kumaratunga that he had become the common opposition candidate backed by the UNP in the January 2015 Presidential election.

    Sirisena had made it quite obvious that he gave the UPFA ticket to Rajapaksa against his will when he spoke at a function in Matara recently, the Express argued. He said he was still committed to ridding the country of family rule and corruption by which he meant the “Rajapaksa Raj,” the report recalled.

    According to 'informed sources', the Sirisena-Ranil-Chandrika group will fight the August 17 parliamentary polls as an alliance with the “Swan” as the symbol- their symbol for the Presidential election, The New Indian Express said. This means that Sirisena will be breaking away from the Sri Lanka Freedom Party (SLFP) and the UPFA along with other anti-Rajapaksa elements. His continuation in the two outfits had become untenable after the General Secretaries of the two outfits opted to side with Rajapaksa along with the majority of its leaders and members.

    The Jathika Hela Urumaya (JHU ), an anti-Rajapaksa party, announced on Sunday that it has quit the UPFA.
    (With inputs from The New Indian Express)

    - http://www.asianmirror.lk/news/item...a-ranil-for-an-anti-rajapaksa-alliance-report
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බලපෙරේත නාකි බල්ලට හොඳම වැඩේ

    මහින්ද 18 ගෙනාවේ බල පෙරේත කමටය..
    මහින්ද නැවත ඡන්දයට එන්නේ බල පෙරේත කමටය..
    29 වතාවක් පැරදුන නාකි රනිල් පස්සා දොරින් හෝ අගමැති වූයේ බල පෙරේත කමටය..
    නාකි චෞර රැජින තවත් වටේ කැරකෙන්නේ බල පෙරේත කමටය..
    යුධ ජයග්‍රහණ ගෞරවය පසෙක දා ෆොනී දේශපාලනයට ආවේ බල පෙරේත කමටය..
    සිරිසේන පොදු අපේක්ෂකයා වූයේ අගමැති කම නොලැබුණ වෛරයෙන් බල පෙරේත කමටය..
    සිරිසේන නිදහස් පක්ෂ සභාපති කම බදා ගත්තේ බල පෙරේත කමටය...

    ඒකී මෙකී කොකී සියල්ලන්ම පාහේ දේශපාලනයේ එල්ලී සිටින්නේ බල පෙරේත කමටය..
    මේ සරළ යථාර්තය තේරුම් ගැනීමට තරම්වත් කුඩා හෝ මොළයක් නැති නුඔවන් අධබාලයෝ ම්‍ුව හමකට තඩිබාති.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    ශ්‍රීලනිපය සන්ධානයෙන් ඉවතට !
    06 July 2015

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත්වීමට තීරණාත්මක සාකච්ජා ආරම්භවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් තහවුරු කරගෙන තිබීමත්, මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දෙන බවට එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිල නිවේදනයක් නිකුත්කර තිබීමත් ඊට හේතුවී ඇත.

    සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් අත්පත් කරගෙන තිබෙන අතරම, ඔහුට පක්ෂව සිටින සන්ධානයේ ප්‍රබලයන්ට අයත් දේශපාලන කාර්යාල වැඩි ගණනක් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත්ව තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

    එජාපය අලියා ගෙන් : ශ්‍රීලනිපය හංසයා ගෙන් !

    ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් එල්ලවී ඇති අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් අලුත් සන්ධානයක් ගොඩනැගීමටත් එම සන්ධානය ඉදිරි මහ මැතිවරණයට 'හංසයා' ලකුණින් තරඟ කිරීමටත් තීරණය කර ඇත.

    මේ අතර නිල ශ්‍රීලනිපයත් සමග ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සන්ධානයේ පක්ෂ කිහිපයක් ම දැනටමත් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර තිබේ.

    කෙසේවුවද 'අලියා' ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති එක්සත් ජාතික පක්ෂය, මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රීලනිපය සමග එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පළකර ඇත.

    මෛත්‍රී- චන්ද්‍රිකා- රනිල් එක වේදිකාවක !

    මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) එකට අසුන් ගෙන සිටියේය.

    ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේ දී පැවැති අවස්ථාවේදීය.

    මෙහිදී නවදිල්ලියේ සංවර්ධන සමාජයක් පිළිබඳ අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය රජිව්භාර්ගාවා මහත්මා විසින් විශේෂ දේශනය කරන ලදී.

    - http://www.sinhala.srilankamirror.com/news/item/6221-slfp-leave-upfa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සන්ධානයෙන් නාමයෝජනා භාර ගන්නේ කණ්ඩායමටම දුන්නොත් විතරයි – මහින්ද කියයි.

    ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන් නාම යෝජනා දෙනු ලබන්නේ තමන් සමග සිටින තම කණ්ඩායමටම නාමයෝජනා ලබා දුන්හොත් පමණක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් හට පවසා තිබෙනවා.ඊයෙ රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇති බවයි ‘අපේ රට’ වෙබ් අඩවියට වාර්තා වන්නේ.

    එහිදී දිගින් දිගටම ඉතා දැඩි ස්වරයෙන් හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ කුමන චෝදනා එල්ල වී තිබුනත් ඔවුන් තමන් සමග නොසැලී තමන් වෙනුවෙන් සහ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි බවත් තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔවුනටද එම අවස්ථාව ලබා දියයුතු බවයි හිටපු ජනපතිවරයා මහලේකම්වරයාට පවසා තිබෙන්නේ.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට පසුගිය ආණ්ඩු සමයෙහි විනය විරෝධී චෝදනාවලට ලක්වූ, මත්ද්‍රව්‍යය සහ දූෂණ චෝදනා එල්ලවී ඇති කිසිම අපේක්ෂකයෙකුට නාමයෝජනා ලබා නොදීමටයි තීරණය කර සිටින්නේ.

    - http://aperata.net/සන්ධානයෙන්-නාමයෝජනා-භාර/

    මේක තමා මෛත්‍රීෙග අන්තිම තුරුම්පුව. දැං තමා මහින්දට මොලේ පෑදිලා තියෙන්නෙ :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහින්ද 18 ගෙනාවේ බල පෙරේත කමටය..
    මහින්ද නැවත ඡන්දයට එන්නේ බල පෙරේත කමටය..
    29 වතාවක් පැරදුන නාකි රනිල් පස්සා දොරින් හෝ අගමැති වූයේ බල පෙරේත කමටය..
    නාකි චෞර රැජින තවත් වටේ කැරකෙන්නේ බල පෙරේත කමටය..
    යුධ ජයග්‍රහණ ගෞරවය පසෙක දා ෆොනී දේශපාලනයට ආවේ බල පෙරේත කමටය..
    සිරිසේන පොදු අපේක්ෂකයා වූයේ අගමැති කම නොලැබුණ වෛරයෙන් බල පෙරේත කමටය..
    සිරිසේන නිදහස් පක්ෂ සභාපති කම බදා ගත්තේ බල පෙරේත කමටය...

    ඒකී මෙකී කොකී සියල්ලන්ම පාහේ දේශපාලනයේ එල්ලී සිටින්නේ බල පෙරේත කමටය..
    මේ සරළ යථාර්තය තේරුම් ගැනීමට තරම්වත් කුඩා හෝ මොළයක් නැති නුඔවන් අධබාලයෝ ම්‍ුව හමකට තඩිබාති.

    පොනිලගේ හුට්ටක් ගැන නෙවි පකෝ මම කියන්නේ මහින්ද වේස බල්ලා ගැන
    තොපිට මහින්ද කැරියා ගැන කිව්වම තියෙන එකම උත්තරේ පොනිල