මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී

අද (05) උදෑසන චන්ද්‍රිකා හා මෛත්‍රී අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ එකඟතාවය අකුළාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ස්ථිර ලෙස පොරොන්දු වී තිබේ.
අද උදෑසන දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී දේශපාලන බුද්ධිඅංශ වාර්තා පිළිබඳව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇතත් ඇය ඔහුට පවසා ඇත්තේ මහින්දවාදී බුද්ධිඅංශ නිළධාරීන් සකස් කරන වාර්තා සාවද්‍ය ඒවා බවයි. පසුව ඇය තම තර්කය සනාථ කිරීම සඳහා ස්වාධීන මූලාශ්‍ර මගින් ලබාගත් සංඛ්‍යා ලේඛන පෙන්වාදෙමින් තත්වය ජනාධිපතිවරයාට පහදා දී ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තිබේ.
දිගින් දිගටම ජනාධිපතිවරයා තම මතයේ පිහිටා කටයුතු කළහොත් ඔහුට එරෙහිව රටතුළ විශාල කැරැල්ලක් පැනනගිනු ඇති බවත් ඉදිරි මහමැතිවරණය ඉතා ප්‍රචණ්ඩකාරී එකක් වියහැකි බවත් හිටපු ජනාධිපතිවරිය ඉතා තීක්ෂණ ආකාරයට ජනාධිපතිවරයාට පහදා දී තිබේ. මැතිවරණයේදී රට ලේ විලක් වුවහොත් එහි වගකීම දැරියයුතු වන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්රමසිංහවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා බව චන්ද්‍රිකා මහත්මිය අවධාරණය කර ඇත. එම කරුණු පිළිබඳව බැරෑරුම් ලෙස සලකාබැලීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා සඳහා තම කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළකොට තිබේ.
අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ජනවාරි 08 ජයග්‍රහණයේ මූලික පාර්ශ්වකරුවන් කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන් අනතුරුව අද සවස පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දින දේශනය සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අමුත්තෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගි වී ඇත.
අද දින චන්ද්‍රිකා - මෛත්‍රී හමුවේදී තීරණය වූ කරුණු පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළදී හිටපු ජනාධිපතිවරිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.
- http://sinhala.lankanewsweb.net/index.php/news/17622-2015-07-05-20-21-01

Last edited: