මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී!

    මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී!



    අද(16) කොළඹ අරලියගහ මන්දිරයේ තම නිල කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) අරලියගහ මන්දිරයේ පවතින තත්වය පරීක්ෂා කිරීම සඳහා සහ බඩු භාණ්ඩ ලැයිස්තුවක් (Inventory) ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් තිබේ.



    එසේ එම ස්ථානයට ගොස් කාමරයෙන් කාමරයට පරීක්ෂා කරමින් යද්දී එක් කාමරයක් විවෘත කරත්ම එහි සිටි සුනඛයින් පිරිසක් අගමැතිවරයාට කඩා පැන තිබේ. එසැණින් එහි පැමිණි අරලියගහ මන්දිරයේ සේවකයන් එම සුනඛයන් මෙල්ල කර නැවතත් කාමරයට දමා වසා ඇත. අගමැතිවරයා සේවකයන්ගෙන් අසා ඇත්තේ මෙම සැපට හැදුණු සුනඛයන් කාගේද යන්නයි.
    එහිදී අගමැතිවරයාට තත්වය පැහැදිලි කර දී ඇති අරලියගහ මන්දිර සේවකයන් පවසා ඇත්තේ පසුගිය සිකුරාදා අළුයම හිටපු ජනාධිපතිවරයා හදිස්සියේ පිටවී ගිය නිසා ඔහුට වෙනත් වැදගත් වටිනා භාණ්ඩ අරගෙන යාමට තිබුණ නිසා සුරතල් බල්ලන් පිළිබඳව අමතක වූ බවයි. එම පුවත දැන ගැනීමෙන් පසු අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ උදවිය අමතා මෙම සුරතල් බල්ලන් භාර ගැනීමට කැමතිද යන්න විමසන ලෙසයි.


    නමුත් දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ ඔවුන් මෙම සුනඛයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හොත් සුනඛයන්ව දිගටම අරලියගහ මන්දිරයේ තබා ගන්නා ලෙස අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත.


    ‘‘ මම මෙහේ පදිංචියට එන්නෑ. මම නිල කටයුතු විතරයි අරලියගහ මන්දිරයෙ කරන්නෙ. ඒක නිසා මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න'' යනුවෙන් අගමැතිවරයා මදසිනහවකින් යුතුව පවසා තිබේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol: එහෙනම් දැන් අරලියගහ මන්දිරය බල්ලට ගිහින්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    Mahindata kakul 4 re balloth hitiyada?mama hithuwe kakul 2 un witharayi kiyala.:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක තමයි එහෙනම් එරෝසන් පෙන්න නැත්තේ මේ ටිකේ :lol: