මහින්දගේ බලු කුනට තමිල්නාඩු විරෝධය
සොහොනට බලු කුණු දැම්මාට තමිල්නාඩුවේ විරෝධතාවක්
2011 පෙබරවාරි 27 වෙනි ඉරිදා, 20:02
0 Comments
වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මව වන පාර්වතී අම්මාන් පිල්ලෙයිගේ සිරුර ආදාහනය කළ සොහොනට වෙඩි තබා මරණ ලද සුනඛයින් තිදෙනෙකුගේ මළ කුණු දැමීමට විරෝධය පළ කරන විරෝධතාවක් හෙට (28) දින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ අනුව චෙන්නායි හි මයිලපූර්හි තාගේෂ්වර උද්‍යානයෙන් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට නියමිත බවත් ද්‍රවිඩ ජාතික ව්‍යාපාරයේ නායක පී නැදුමාරන්, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ (MDMK) මහලේකම් වයිකෝ මෙම විරෝධතාවට සහභාගි වීමට නියමිත බවත් නක්කීරන් වෙබ් අඩවියේ සඳහන් වේ.
තවද චෙන්නායි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉවත් කරගත යුතු බවට මෙම විරෝධතාවේදී ඉන්දීය රජයට බල කිරීමට නියමිත බවද පැවසේ.
පසුගිය 22 දින පස්වරුවේ වැල්වැටිතුරෙයි පොදු සුසානභූමියේදී ආදාහන කටයුතු සිදු කර හින්දු ආගමානුකූලව අවසන් චාරිත්‍ර ඉටු කිරීම සඳහා ඥාතීන් පසු දින එම ස්ථානයට ගිය අවස්ථාවේ දැවුණු සිරුරේ අළු මත මරා දැමූ බල්ලන් තිදෙනා දමා ගොස් තිබෙනු දැක ඇත.
මෙම සිදුවීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවද මෘත දේහය දහනය කළ සොහොන මතින් වාහනයක් එහා මෙහා පදවාගෙන ගොස් තිබීම නිසා මිනී අළු විසිරී තිබුණු බැවින් චාරිත්‍රානුකූලව අවසන් කටයුතු පවා සිදු කිරීමට නොලැබුණු බවද TNA පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කර තිබුණි.