මහින්දගේ internet වාරණයට එරෙහි වෙමු
ආණ්ඩුව විවේචනය කරන වෙබ් අඩවිවලට තර්ජන - ‘අයිතීන් සඳහා එකමුතුව’
2011 ජනවාරි 18 වෙනි අඟහරුවාදා, 12:42 Sri Lanka Mirror Editor
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර ජනවාරි 13 වැනිදා පැවති හමුවකදී සිදුවූ බව කියන සංවාදයක් සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇතැයි ‘අයිතීන් සඳහා එකමුතුව’ කියා සිටී.
සිළුමිණ පත්‍රයේ සංස්කාරක කරුණාදාස සූරියආරච්චි කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරයන් ගෙනයනි වෙබ් අඩවි කිහිපයකට එරෙහිව කි‍්‍රයාත්මක වීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවයි.
ඉන්පසුව එම පුවත්පත විසින් පළ කළ පුවතක දැක්වෙන සමහර වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හා තමන් මුහුණපා සිටින විශාලතම අභියෝගය මාධ්‍යය බව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද ‘අයිතීන් සඳහා එකමුතුව’ අවධානය යොමු කොට ඇත.
නිදහස්, ප්රජාතන්ත්රවාදී රටක මාධ්‍යය යනු රැකගත යුතු සම්පතක් මිස ජය ගැනීමට තිබෙන අභියෝගයක් නොවන බව එම සංවිධානය පෙන්වා දෙයි.
දේශද්‍රෝහී ලේබලයට ලක්වූ මාධ්‍යවේදීන් මුහුණපෑ හිරිහැර දක්වා සිටින ‘අයිතීන් සඳහා එකමුතුව’ වැඩිදුරටත් පවසන්නේ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නොයෙකුත් මර්දනයන්ට ලක්ව තිබෙන ලංකාව වැනි රටක, අන්තර්ජාල වෙබ් අඩවි ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි.
චීනය හා ඉරානය වැනි මර්දනකාරී රටවල් හැරෙන්නට අනෙකුත් රටවල එම පිළිගැනීම තිබෙන අතර, ලංකාව ද එවැනි මර්දනකාරී තත්ත්වයක් දක්වා යමින් සිටින බවට එම සංවිධානය අනතුරු අඟවා සිටී.