ලංකාවේ මිනිස්සු හරි මෝඩයි. හැමෝම හිතන්නෙ තමන් සහය දෙන පක්ෂය බලයට ආවම කුට්ටියක් ලැබෙයි කියල.ඇත්තට ඒක හිතට අවංකව ගන්න තීරනයක් නෙමෙයි. බොහෝ විට දෙමාපිය ආභාෂයෙන් එන එකක්.නැත්තන් කැම්පස් එකෙන්, යාලුවන්ගෙන් ඔලුවට වැටෙන දෙයක්.
මේ ආන්ඩුවේ ඉන්නෙ මැරයෝ කියල කෑගහන අය බොහෝ විට සහය දෙන්නෙ 83/89 කාලෙ මිනුස්සු ගිනි තියපු තිරිසනුන්ට. විපක්ෂයේ ඉන්නේ මිණීමරුවෝ කියන අය අමතක කරල ඒ මිණීමරුවන්ගෙන් කොටසක් දැන් ඉන්නේ ආන්ඩුවේ කියලා.
යකෝ මොන පක්ෂය බලයට ආවත් එන්නෙ තමන්ට කීයක් හරි හම්බ කරගන්න. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. මොකද ඔය මොන පක්ෂෙ ඉන්නෙත් අපි කන බත්ම කාල හැදිච්ච මේ රටේ මිනිස්සු. කවුරු ඔතනට ගියත් ගහන එක ගහනවාමයි.
අපි කෑ ගහන්න ඕනෙ පක්ෂය මාරු කරගන්න නෙමෙයි. මේ විකෘති දේශපාලන ක්‍රමය වෙනස් කරන්නයි.
දැන් බලයෙ ඉන්න හැම එකෙක්ම හා විපක්ෂෙ හැම එකෙක්ම බලන් ඉන්නේ තමන්ගේ විරුද්ධ වාදීන්ට විරුද්ධව ජනතාව නැගී සිටිනකන්. හරි එහෙම උනා කියමුකෝ. හිතට අවංකව කල්පනා කරල බලපියවු කවුද දිනන්නෙ / කවුද පරදින්නේ කියල.