මහින්දට ජම්පරේ අන්දවා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දට ජම්පරේ අන්දවා

    rajitha.gif


    මැතිවරණයට පෙර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යොදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ හෝ ජම්පරයක් අන්දවා ඇතුලට දමන බව ඇමති රාජ්ත සේනාරත්න මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.
    ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හමුවේදී මෙසේ ඒ මහතා අදහස් පල කර තිබේ.
    මෙම හමුව සඳහා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිවරුන් වන ගාමිණි තිලකසිරි මල්ෂා කුමාරතුංග බුද්දදාස ඉසුරු දේවප‍්‍රිය හෙක්ටර් බෙත්මගේ රංජිත් සෝමවංශ කීර්ති කාරියවසම් ලලිත් වනිගරත්න සුමිත්ලාල් මෙන්ඩිස් නිරෝෂා අතුකෝරාල යන මන්ත‍්‍රීවරුන් සහභාගී වී ඇත. හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද මෙම හමුවට සහභාගී වී තිබේ.
    ඇමති රාජිත සේනාරත්න මෙම හමුවේදී මූලික වශයෙන් සාකච්චා කර තිබුණේ බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා විශ්වාස භංග යෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමයි.
    ඊයේ පස්වරු හතරට පැවති මෙම හමුවේදී ඇමතිවරයා විසින් බැසිල් රාජපක්‍ෂ මහතා අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද පවසා ඇති අතර මේ සතිය ඇතුලත ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් ඊළග සතියේදී නාමල් රාජපක්‍ෂත් අත්අඩංගුවට ගන්නා බවත් සඳහන් කර ඇත.
    තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා ඇත්තේ නාම යෝජනා දෙන්න දවසක් තිබියදී හෝ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යොදවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලට දමා ජම්පරේ අන්දවන බවයි.
    මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා හිටියත් නැතත් ප‍්‍රශ්ණයක් නැතැයිද පවසා ඇති සේනාරත්න මහතා ඔහු අනිවාර්යෙන් පන්නා දමන බවත් ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනවිත් රංජිත් සෝමවංශ ඒම සඳහා මහ ඇමති ලෙස පත් කිරීම සඳහා උදවු කරන ලෙසද එහි සිටි මන්ත‍්‍රිවරුන්ගෙන් ඉල්ලා තිබේ.
    මැතිවරණයට කලින් ප‍්‍රසන්න රණතුංග මහතා අනිවාර්යෙන්ම මහ ඇමති තනතුරින් ඉවත් කරන බවද ඇමතිවරයා පැය එකහමාක් පැවති සාකච්චාව ඇතුලතදී පවසද්දී එහි සිටි මන්ත‍්‍රීවරයෙකුගේ දුරකතනයක් මගින් ප‍්‍රසන්න රණතුංග මහ ඇමතිවරයා මෙම සංවාදය සම්පුර්නයෙන්ම අසා පටිගත කර ඇතැයිද දැනගන්නට ඇත
     
    • Like
    Reactions: adflavion