මහින්දට නාම යෝජනා දීලා කර ගත්තේ ගොං කමක්

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    මහින්දට නාම යෝජනා දීලා කර ගත්තේ ගොං කමක්

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දැනටමත් බිඳ වැටී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබාගෙන මෙම මැතිවරණයේදි සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කරගත හැකි බවට සන්ධාන නායකයන් තැබු බලාපොරොත්තු සුන්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂට තිබු ජනතා ආකර්ෂණය බලාපොරොත්තු නොවු ලෙස බිඳවැටී තිබීමය.

    cartoon1.gif


    ඔහු සහභාගී වන ‍රැස්වීම සඳහා පිටතින් ‍රැගෙන එන පිරිස් හැරුණු කොට එම ප්‍රදේශවල පාරම්පරික ශ්‍රී ලනීප පාක්ෂිකයන්වත් සහභාගී නොවන බව මේවන විට පෙනී ගොස් ඇත. අනුරාධපුර ‍රැස්වීමෙහිද මෙම තත්වය කැපී පෙනුන බව ශ්‍රී ලනීපයේ ජෙෂඨයන්ගේ මතය වී තිබේ. එමෙන්ම රාජපක්ෂ මහතා විසින් ‍තෝරා ගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුට පමණක් සහය දීම නිසා සන්ධාන අපේක්ෂකයන් කැළඹීමට පත්ව ඇති අතර රාජපක්ෂ මහතාව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ කර ගැනිමට ඔවුන් දැඩි උත්සහයක්ද ගනිමින් තිබේ.

    හිටපු ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 58 ගැන විශ්වාසය තබා මෙවර මහ මැතිවරණයේදී සන්ධානයට තනිව ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට මහින්දවාදි කොටස් කල්පනා කළහ. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකකම ලබා ගැනීමද ප්‍රමුඛ විය. සන්ධානයේ මහින්දවාදීන් ගනන් බැලුවේ මෛත්‍රීපාල සිරිසේන ට ලැබුණු ලක්ෂ 62 මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට ලක්ෂ 6 ක් 7ක් ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 4 ක් 5 ක් හා සෙසු කණ්ඩායම් වලට බෙදී යන තවත් ඡන්ද ලක්ෂ 5 ක් පමණ කැඩී වෙන්ව යාමත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව ඡන්දය දුන් ලක්ෂ 7 ක් 8 ක් වූ ශ්‍රී ලනීප පාක්ෂිකයන්ගේ ඡන්දයත් ඉවත් වූ විට විට එජාපයට ලැබෙන ලක්ෂ 35 - 40 ක පමණ උපරීම ඡන්ද සංඛ්‍යාවෙන් ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම අසීරු වනු ඇති බවය.

    පසුගිය මැතිවරණ ප්‍රතිපල අනුව එජාපයේ ස්ථිර පදනම ඡන්ද ලක්ෂ 25 කට පමණ සීමා වී තිබිණි.

    එහෙත් දැන් තත්වයන් වෙනස් වෙමින් තිබේ.

    පළමු කරුණ මහමැතිවරණයකදී ජනතාව ඡන්ද පාවිච්චි කරන නිර්නායකයන් අනුව ජනාධිපතිවරණයකදී තිබෙන උණුසම නොමැති වීමය. බොහො විට ඡන්දය ප්‍රකාශ වීම අඩුවෙයි. පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵල පිරික්සීමේදී ඒ බව පෙනී යයි.

    දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත්වන අපේක්ෂකය්ගේ ආකර්ෂණය මහ මැතිවරණයේදී දිස්ත්‍රික් ප්‍රතිපලය කෙරෙහි බලපාන අතර මෙවර මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම සෙසු දිස්ත්‍රික්කයන්හී මැතිවරණ ප්‍රතිපලය කෙරෙහි තීරණාත්මක වන්නේ නැත. ඔහු මේවන විට මන්ත්‍රීවරයකු හො එම පක්ෂ නායකයා හෝ නොවීමත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අගමැතිධුරය හෝ ඔහුට නොලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්වයක් තුල ඔහු ජනතාව තුල බලවත් සාධකයක් ලෙස සැලකෙන්නේ නැත. එමෙන්ම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තුල තවමත් මහින්ද රාජපක්ෂ ආකර්ෂණීය නායකත්වයක් ලෙස මතුව නොමැත. සිංහල ජාතිවාදය හැර, වෙනත් සරුසාර සටන් පාඨයක්ද මෙවර ඇත්තේ නැත. එමෙන්ම දූෂණ වංචා චෝදනා ලැබූවන් රාජපක්ෂ මහතා විසින් නැවත තම සමීපයට ගැනීමද සිහි බුද්ධියක් ඇති ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ කලකිරීමට හේතුවී ඇත.


    එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට ශ්‍රී ලනීපයට ඔබින සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයට නායකත්වය දෙන සාධාරණ පාලකයකු ලෙස ශ්‍රී ලනිප පාක්ෂිකයා කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතී. තම පක්ෂය ත්‍රාඩ පාලකයෙකුගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබෙන බව සාම්ප්‍රදායික ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ මතය වෙ තිබේ. මේ අනුව මෙවර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවාට වඩා නිහඬ සිටීමට හෝ වෙනතක් බලා ගැනීමට බොහෝ පාක්ෂිකයන් තීරණය කරනු ඇත.

    මේ තත්වය හමුවේ ශ්‍රී ලනීපයට මීට පෙර පාවිච්චි වූ පාවෙන ඡන්ද අනුව බහුතරයක්ද මෙවර එජාපයටත් ජවිපෙටත් ඇදී යා හැකිය. මේ සියලු සාධකයන් මත මහින්ද රාජපක්ෂව සන්ධානයට නැවත කැඳවා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිපල නොලැබී යාමේ අවදානමට මේ වන විට සන්ධානය මුහුණ පා සිටී.


    - http://lankadaily.com/latestnews/item/8299-2015-07-21-08-46-58
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18697741 said:
    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    හොඳ වෙලාවට කිව්වේ තව පොඩ්ඩෙන් චන්දෙ දෙනවා :rofl:
     
    • Like
    Reactions: markhaloce

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    හෙළයෙක්;18697741 said:
    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    eka thama amathaka karanne kohomada me ikkamanata RAJAPAKSHA FAMILLY eka:growl::growl::growl::growl: karapu wa.................... .......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;18697741 said:
    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    Machn chandeta issela dawaseth oya post eka dapan. E wenakota apita amathaka wela thiyeida dannane. :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    හෙළයෙක්;18697741 said:
    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    තව පොඩ්ඩෙන් දෙනවා.....හොඳ වෙලාවට උඹ කිව්වේ