මහින්දට වැදුන හූව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්දට වැදුන හූව

මහින්දටත් හූ පෝරියල්..! ගෝටාගේ රෝස් සහ අලව්වේදී මහින්දට නිමොලර් හමු වූ හැටි...!

mahindata-Hooo.jpg

ටයිටැනික් සිනමා පටයේ ජැක් සහ රෝස් ගේ අවසන් වෙන්වීම පිලිබඳ බොහෝ විචාරක මත තියෙනවා. එයින් බොහෝ දෙනෙක් කියන්නේ රෝස් ජැක් සමඟ ලිංගික එක්වීමෙන් පස්සේ ඇයට ජැක් පිළිබඳව තිබූ ආශාව, බලාපොරොත්තුව එතනින් හමාර වුනා කියලා. එහෙම නැතිනම් ජැක් මුහුදු පතුල බලා යද්දී ඇය ජීවිතය බේරාගෙන ගොඩ බිමට යන්නේ නැහැ. ඇයත් ජැක් සමගම මුහුදු පතුලට යන්න ඕන කියලා. මේ තර්කය බොහෝ දුරට පිළිගන්න පුළුවන් කියලයි මටත් හිතෙන්නේ.
මේ හා සමානම සිද්ධියක් පහුගිය 01 දා අලව්වේදීත් සිද්ධ වුනා. අලව්වේ තිබුණු පොහොට්ටු රැස්වීමකදී මහින්ද රාජපක්ෂගේ කතාවකටත් රැලියේ සිටිය පිරිස් දිගින් දිගටම බධා කළා; හූ කිව්වා. "කෑකෝ ගහන්න එපා, නිෂ්ශබ්දව කතාව අහගෙන ඉන්න" කියලා මහින්ද කීප විටක්ම ඇවිටිලි කළත් පොහොට්ටුවේ කට්ටිය ඒවා කණකට ගත්තේ නෑ. අන්තිමේදී අසරණ වුනු මහින්ද කතාව නවත්වලා පහුබැස්සා. කතාව නවත්වලා යන ගමන් ඔළුවට අත තියලා රැස්වීම දිහාවට අත දිග් කරළා අභිනයක් කළේ ලන්ඩනයේ තානාපති කාර්යාලයේ හිටපු හමුදා නිලධාරියා බෙල්ල කපන අභිනය ‌පෙන්නුවා වගේ. නමුත් 2015 දී උතුරේ තිබුණු රැස්වීමකදී කතාවට බාධා කළා කියලා මහින්ද කිව්වේ "පර දෙමළා පුලුවන්නම් අහගෙන හිටපන්, බැරිනම් මෙතනින් පලයන්" කියලා. දකුණේ තිබුණු රැස්වීමකට ගිය වෙලාවේ අතින් ඇද්ද එකාට සෙනග මැද්දෙදිම අත මිට මොලවලා තමයි සැලකුවේ. එහෙම හිටපු මහින්දට මෙහෙම වුනේ ඇයි?. මේ වුනෙත් ජැක්ට වෙච්චි ඇබැද්දදියම ද?
මගේ දේශය, මගේ ජාතිය..
2015 පරාජයෙන් පස්සේ බැසිල් කඳ මළු බැඳ ගෙන තමන් ගේ රටට ගියේ පොළේ බඩු විකුණන්න ඇවිත් යන මුදලාලි කෙනෙක් වගේ. මහින්දත් මැද මුලනේ වලව්වේ ජනේලයෙන් බැහැල හාන්සි පුටුවකට වෙලා හිටියේ. නමුත් විමල්ලා, ගම්මන්පිලලා එලියට බැහැලා දවස ගානේ බස් පුරවලා "කාල්ටන්" එකට මිනිස්සු යැව්වා. කාලයක් මෙහෙම කරළා නුගේගොඩින් "මහින්ද සුළඟ" පටන් අරන් රට වටේ ගියා. එහෙන් මෙහෙන් ඔළුව දමමින් බල බලා ඉඳලා වැඩේ නැගලා යනකොට තමයි මහින්දත් වේදිකාවට නැග්ගේ. ඉන් කාලෙකට පස්සේ තමයි බැසිල් ආයෙත් මේ රටට ඇවිත් "පොදු ජන පෙරමුණ" නමින් තමන්ගේ නමට "මහින්ද සුලඟ" ලියා ගත්තේ. උප්පැන්නේ බැසිල්ල ගේ නමට ලියාගත්තාට පොහොට්ටුවේ ඇත්ත පියවරු විරවංශ සහ ගම්මන්පිලලා. ඒ නිසා තමයි බැසිල්ලා, මහින්දලා බිත්තියටම හේත්තු කරළා පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාට අරගෙන දෙන්න විරවංශට සහ ගම්මන්පිලට පුළුවන් වුනේ. එස්බීට, ඩිලාන්ට එකෙන්ම නොකවුට් වෙන්න දුන්නේ.
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාබය වුනාට පස්සේ දෙමළ ජන ඝාතක යුද්දයෙන් මහින්දට ලැබිල තිබුණු තරු, පටි එකිනෙක ගලවලා ගෝඨාබයට පළඳවන්න බල කැරුනා. මොකද එහෙම නොවුනානම් ජාතිවාදී, යුදවාදී, සිංහල බෞද්ධ චන්ද ටික ගෝඨාබයට නැතිවෙනවා. මේ විදියට විමල්ලා ඉතාමත් සුක්ෂම ලෙසින් සර්කස් කණ්ඩායමක ඉන්න දත්, නිය ගලවපු සිංහයෙක් බවට මහින්දව අද පත් කරළා තියෙන්නේ. නමුත් එදා බයිසිකලේට චන්දය දෙන්න කියලා මහින්ද කිව්වම මීගමුවේ ඉඳලා ආපු මිනිස්සුන්ට මහරගම මිනිස්සු චන්දය දුන්නා. මිහින්තලේදී නාගයාට දෙන්න කිව්වාම දුන්නා. "පොල්ලෙල්ලකට චන්දය දෙන්න කියලා මහින්ද කිව්වොත් ඒත් දෙනවා" කියලා තමයි බන්දුල ගුණවර්ධන මේ ගැන පුරසාරම් දෙඩෙව්වේ.
මහින්දට නිමොලර් හමුවීම..
එහෙම "මහරජානෝ" කියලා රැස් විහිදුවාගෙන ගෙන හිටපු මහින්ද අද කිව්වාම මට කතා කරන්න ඉඩ දීපල්ලා කියලා, විමල්ලාගේ මිනිස්සු කෑ ගහනවා. හූ කියනවා. නවත්වන්නේ නෑ. මේකෙන් පෙනෙන්නේ චන්දය ළං වෙන්න, ළංවෙන්න, විමල්ලා, ගම්මන්පිලලා, බැසිල් සහ මහින්දගෙන් නැවත "මහින්ද සුලඟ" උදුරා ගන්න තියෙන සම්භාවිතාව බොහොම වැඩියි කියලයි. දැන් ඉතින් අවශ්‍ය වැඩ බොහොමයක් අරගෙන තිබෙන නිසා ජැක්ගේ වගේ අත අත්හැරලාම දමන්නත් පුළුවනි. බැසිල්ට 'ආර්ථික ඝාතකයා' කියලා තමයි ඒ දවස්වල විමල් කිව්වේ. ශ්‍රීලනිප ශාන්ත බණ්ඩාර පසුගිය 02 දා හෙට්ටිපොළදී මේ හූව ගැන කියලා තිබුනේ "සාමාන්‍ය ජනතාව හූ කියනවා නම් අපි කලබල වෙන්න ඕනෙ මහජනයාගෙ විරෝධයක් කියලා. ඒත් ‌මේ කණ්ඩායමක් දාලා හූ කියවනවා" යි කියලා.
මෙහෙම බැලුවාම මහින්දට අද කියන්න ඉතුරු වෙලා තියෙන්නේ හිට්ලර් ගේ වධක හමුදාව විසින් මරන්න අරගෙන යනකොට ජර්මනියේ නිමොලර් පූජක තුමා කරපු ප්‍රකාශය. "ඔවුන් පළමුව හූ කිව්වේ ශ්‍රීලනිප දුමින්ද දිසානායකට ය. මම ශ්‍රීලනිප යෙන් ඉවත් වූ නිසා සිනා සී ඒ දෙස බලා උන්නෙමි. ඉන්පසු උන් රත්නපුර දී, ඇහැලියගොඩ දී හා කන්තලේදී ද ශ්‍රීලනිපකාරයන්ට හූ කීහ. ඒත් මම පොහොට්ටුවේ නිසා එය ‌‌නොනැවැත්වුයෙමි. උන් අද මට ද හූ කියති. එහෙත් අද එය නවත්වන්නට කිසිවෙකු නැත" යි කියලා.

ඒ නිසා ශ්‍රීලනිප කාරයන්ට හූ කිව්වොත් පොල්ල ගන්නවා කිව්වට, මේ යන විදියට නම් දයාසිරි ජයසේකර මහලේකම්තුමාගේ පොල්ලෙන් නම් මේ නැගී එන ෆැසිස්ට් පන්නයේ බලවේගය මට්ටු කරන්න බැරිවෙන පෙරමග ලකුණු තමයි පහළ වෙමින් තිබෙන්නේ. 2015 දී මේ අනතුරෙන් රට මුදවා ගත්තත් ඒ අඳුරු බලවේග එක්ක ආයෙත් හැංගිමුත්තං කෙළපු සිරිසේන ජනාධිපතිවරයාත් දැන්නම් බිය වැදිලා ඉන්න බවයි පෙනෙන්නේ. පහුගිය 01 වෙනිදා ඔහු පොළොන්නරුවේදී කියලා තිබුනා "රටක් ජයග්‍රහණය කරා ඉදිරියට යනවා මිසක ආපස්සට නොයා යුතුයි" යි කියලා. ඒත් විමල්ලාට 2015 ට රට ආපස්සට ගෙනියන්න පරිසරය නිර්මාණය වුනේ කොහොමද කියන කාරණාවත් සොයා බැලිය යුතුයි.
ලෝකෙට ලොක්කන්ටත් ගෝටා..
ලෝක බලවතුන් පහුගිය යහපාලන රජය ගොඩනගන්න උපකාරී වුනා. ඒ තුලින් ඔවුන් බැලුවේ පාර්ලිමේන්තුවේ සිටින බහුතර චන්ද බලය තිබෙන ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු කරළා අර්බුදයට යමින් තිබෙන ලෝක ආර්ථිකයට අලුත් අත්හදා බැලීමක් කරන්න. යහපාලනය කිව්වාම ඒකට අඩංගු ගුණාංග තියෙනවා. සහභාගීත්වය, ඒකමතිකභාවය, වගවීම, විනිවිදභාවය, ප්‍රතිචාරාත්මකභාවය, ඵලදායිවීම හා කාර්‍යක්‍ෂමතාවය, සාධාරණ බව හා ඇතුළත් කරගැනීම, නීතියේ ආධිපත්‍ය, දූෂිතභාවය අවම කිරීම යන මෙන්න මේ කාරනා. මහින්ද පාලනයට සාපේක්ෂව බැලුවාම යහපාලනය සාධනීය තත්වයක් වුවත් ලෝක බලවතුන් බලාපොරොත්තු තැබූ ඉලක්කයට එන්නට එය අසමත් වුනා කියලයි පෙනෙන්න තියෙන්නේ. එනිසා ඔවුන් ලංකාව තුළ විකල්පයක් සොයමින් ඉන්නේ. ඒ විකල්පය තමයි ගෝඨාබය. ගෝඨා ගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසිවූවා යැයි කියන ආකාරය ප්‍රශ්නයක් විදියට සමාජයේ කතාබහ වෙන්නේත් ඒ නිසයි.
මේ විකල්පය සඳහා රටතුළ විශාල ව්‍යුහාත්මක වෙනසක් කරන්න සිද්ධ වෙනවා. අපට මතකයි විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කරන්නට පෙර ජේ ආර් ගොඩනැගුවේ ලුම්පන් පාදඩ මැර කල්ලි. සොත්ති උපාලි කියන්නේ එහි සංකේතය. ඡන්දය දිනලා විරුද්ධ පාක්ෂිකයන්ගෙන් පළිගන්න පොලිසියට හමුදාවට සතියක නිවාඩුවක් දුන්නා. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය තහනම් කළා. තමන්ට අභියෝගයක් වුනු නසසප, ජවිපෙ සහ කොප යන පක්ෂ තහනම් කළා. 83 කළු ජූලිය හරහා මුදා හැරිය පාදඩ ලුම්පන් මැර කල්ලිවල ආධාර අනුබලයෙන් තමයි ජේ ආර් නව ආර්ථික,දේශපාලන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියේ.

අද විමල්ලා, ගෝඨාබයලා මේ පුහුණු කරන්නෙත් විකල්ප ආර්ථික, දේශපාලන, ගමනකට අවශ්‍ය එවැනි ජාතිවාදී, පාදඩ ලුම්පන් මැර කල්ලි තමයි. ඊට අමතරව "බොදු බල සේනා" "සිංහ ලේ" "රාවණා බලය" වගේ ගිහි, සඟ ලුම්පන් ජාතිවාදී, ආගම්වාදී මිනීමරු කල්ලි මේ වන විටත් ඔවුන් නඩත්තු කරමින් ඉන්නේ.
ආරක්ෂක ලේකම් විදියට කටයුතු කරපු කාලේ ගෝඨා කැබිනෙට් එකෙන් පවා නොවිමසා ඇමෙරිකාව එක්ක යුද ගිවිසුම් ගැහුවා කියල කිව්වේ ඒ ආණ්ඩුවේම හිටපු වාසුදේව. රතුපස්වලදී කර්මාන්ත හිමියා වෙනුවෙන් නිරායුද සිවිල් ජනයාට වෙඩි තියලා මරුවා. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වුනු අගවිනිසුරුවරිය එලෙව්වා. කටුනායක කම්කරුවන්ට, හලාවත ධීවරයන්ට වෙඩි තිබ්බා. උතුරේ ලක්ෂ ගණනක් නිරායුද දෙමළ වැසියන් මරාදාල, අතුරුදහන් කරළා දකුණේ "සිංහල බෞද්ධ වීරයා" වෙලා ඉන්නවා. දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, රෙනෝ සිල්වා වැනි කළු සල්ලි ජාවාරාම්කාරයෝ කියන චෝදනා තියෙන ඔක්කොම ඉන්නේත් ගෝඨා එක්ක. දස වද දීලා දෙමළු මරපු, 88 - 89 දකුණේ මිනී මරපු හමුදාවේ තරු පටි කාරයෝ තමයි අමාත්‍යංශ ලේකම්ලා, ආණ්ඩුකාරයෝ වෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් කොයි පැත්තෙන් බැලුවත් රුසියාවේ ස්ටාලින් වගේ ඒකාධිපතියෙකුට අවශ්‍ය සුදුසුකම් ගෝඨාට සහ ඔහුගේ සහචරයන්ට වුවමනාවටත් වඩා තියෙනවා. චීන්නුන්ගෙත් යැංකින්ගෙන් හුරතලා වූ ‌ගෝඨාගේ ඒ ගමනට මහින්ද වගේ ජනතා අරගල තුලින් මතුවුනු නායකයෙක් බාධකයක් විදියට ඔවුන් සලකන බවයි පෙනෙන්නේ.
කියන තරම් කළු නැති යකා..
මේ අතරේ සමහරු කියනවා යකා ආපුදෙන්, ආවට පස්සේ බලාගමු. ඔය කියන තරම්ම යකා කළු නෑ කියලා. අහස පොළොව ගුගුරුවාගෙන වරෙන්, මහ මුහුද කළම්ඹවාගෙන වරෙන් කියලා කැඳවන යකාට කට්ටඩියා අන්තිමට දෙන්නේ හාල් මැස්සෙකුයි, රබන් හම් කෑල්ලකුයි, රා අවුන්සයකුයි වගේ සිල්ලර කෑමක් බීමක්. හැබැයි ස්ටාලින් කියන යකා ඇවිත් ගත්තේ ඔක්කොම නරබිලි. අන්තිමට යනකොට නරබිලි හැට දාහකට වඩා අරගෙන තමයි ගියේ. එතනින් පස්සේ අද දක්වා රුසියාවේවත්, ලොව කොතැනකවත් සමාජවාදී රාජ්‍යයක් නම් බිහිවුනේ නැහැ.
1848 දී කාල් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශණය ලියමින් සඳහන් කළේ "ධනේශ්වරයේ උච්චතම අර්බුද අවස්ථාවේදී ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේ ය" කියලා. 'ශුද්ධ වූ සියල්ල' යනුවෙන් මාක්ස් අදහස් කලේ මානව සමාජයේ ද්‍රව්‍යමය හෝ භෞතික අවශ්‍යතා විතරක් නෙමේ කලාව, දර්ශනය, ආගම, ප්‍රේමය වැනි ආධ්‍යාත්මික අවශ්‍යතාද ඊට ඇතුලත් කියලයි මාක්ස්වාදී ගුරුවරු අපට උගන්වලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාශනයත් එක්ක ගෝඨාගේත්, ඔහුගේ අනුගාමිකයන්ගේ හැසිරීමත්, ලෝක ධනපතියන් ගේ උවමනාවත් එකට තියලා බැලුවාම පෙනෙන චිත්‍රය මොකක්ද?. මෙයට වසර හතරකට පමණ පෙර නුගේගොඩින් ඇරඹි "මහින්ද සුලඟ" අද මහා චන්ඩ මාරුතයක් වෙලා මුරුගසන් වැස්සක් සමඟින් එන බව නොවේද?. නන්දා මාලනිය කිව්වා සේ මේ එන්නේ 'ප්‍රේමයේ සුලඟ නම් නොවේ'.

ඥානසිරි කොත්තිගොඩ

මහින්දත් හූව කෑ හැටි වීඩියෝව
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඔව් අර විඩියෝ එකේ හූව කාලා කතා කොරගන්න බැරුව පල්ලං බහින්නෙත් මහින්ද නෙවෙයි මහින්ද වගේ ඩමියක්, දැන් සැපද??:rofl::rofl::rofl:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් අර විඩියෝ එකේ හූව කාලා කතා කොරගන්න බැරුව පල්ලං බහින්නෙත් මහින්ද නෙවෙයි මහින්ද වගේ ඩමියක්, දැන් සැපද??:rofl::rofl::rofl:

    හුවක් ඇහුනොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    උතුරේ තිබුණු රැස්වීමකදී කතාවට බාධා කළා කියලා මහින්ද කිව්වේ "පර දෙමළා පුලුවන්නම් අහගෙන හිටපන්, බැරිනම් මෙතනින් පලයන්" කියලා.

    පර දෙමළා කතාව අහගෙන ඉන්න බැරිනම් පලයන් කිව්ව කියන්නෙ මේ වීඩියෝ එකට.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් අර විඩියෝ එකේ හූව කාලා කතා කොරගන්න බැරුව පල්ලං බහින්නෙත් මහින්ද නෙවෙයි මහින්ද වගේ ඩමියක්, දැන් සැපද??:rofl::rofl::rofl:
    මහරජාටත් හූ කිව්වා....හූ කිව්වා උන් ට මාලබේ කොල්ලට වගේ ගැහුවේ නෑ නේ.......
    UNP පොන්ස්ලා ගේ පකේ පොරජාතාන්තරේ.....:rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහරජාටත් හූ කිව්වා....හූ කිව්වා උන් ට මාලබේ කොල්ලට වගේ ගැහුවේ නෑ නේ.......
    UNP පොන්ස්ලා ගේ පකේ පොරජාතාන්තරේ.....:rofl::rofl::rofl:

    මේකේ හුවක් කොහෙද...මට නම් ඇහෙන්නේ නෑ....මූට පිස්සු :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ හුවක් කොහෙද...මට නම් ඇහෙන්නේ නෑ....මූට පිස්සු :lol::lol::lol:
    ගලියා කොහොමත් මේ දවස් වල පිස්සු තද වෙලා ඉන්නේ...
    මු විතරක් නෙවෙයි මන්න පොංගල මිඩියා යුනිට් එකේ උන් ඔක්කොම මේ දවස් වල සෙන්න බර වෙලා වගේ ඉන්නේ.
    ඊයේ පෙරේද පොංගල ඇවිත් අමු කුණුහරුපෙන් දෙසුවලු යන මඩ ඉෆෙක්ටිව් නෑ කියල සහ අර ISIS කාරයාගේ වීඩියෝ කෙස් එක ලීක වෙච්චි එකට.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහරජාටත් හූ කිව්වා....හූ කිව්වා උන් ට මාලබේ කොල්ලට වගේ ගැහුවේ නෑ නේ.......
    UNP පොන්ස්ලා ගේ පකේ පොරජාතාන්තරේ.....:rofl::rofl::rofl:

    ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදය කියලා බොරුවට තමනුත් ඇඳගෙන, අනිත් උන්වත් අන්දවන්න එපා! මේ හූ කියන්න පුරුදු කරල, පොවලා එවපු විමලයගේ, ගොම්මන්පිලගේ කශ්ටිය, උන්ට ගහන්න බැහැනේ.. අනේ උඹ දන්න ප්‍රජාතන්ත්‍රවාදේ.. ප්ලේන්ටියක් බීල වැඩක් බලාගනින්, නොදන්න මගුල් ගැන ලොරි ටෝක් දෙන්නේ නැතුව! :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදය කියලා බොරුවට තමනුත් ඇඳගෙන, අනිත් උන්වත් අන්දවන්න එපා! මේ හූ කියන්න පුරුදු කරල, පොවලා එවපු විමලයගේ, ගොම්මන්පිලගේ කශ්ටිය, උන්ට ගහන්න බැහැනේ.. අනේ උඹ දන්න ප්‍රජාතන්ත්‍රවාදේ.. ප්ලේන්ටියක් බීල වැඩක් බලාගනින්, නොදන්න මගුල් ගැන ලොරි ටෝක් දෙන්නේ නැතුව! :lol::lol::lol:
    හා......!!!:rofl::rofl:අර කොල්ලට ගහන වෙලාවට උබලගේ හැක්කේ බුදුරැස් නෑ නෙහ්...දැන් තමා ඒවා......
    මහා එකාට හූ කිව්වම හරිම චුඋන් නෙහ්......

    අනේ උබ වගේ 1600/- වහලෙක් ගේ *කේ ප්‍රජාතන්ත්රවාදේ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේකේ හුවක් කොහෙද...මට නම් ඇහෙන්නේ නෑ....මූට පිස්සු :lol::lol::lol:

    ඕක ලෙඩක්, ඕකට කියන්නේ selective auditory impairment (SAI) ඕක කනේ අමාරුවක් නෙවෙයි, මානසික රෝගයක මුල් අවස්තාව. බෙහෙතක් ගනින්, පස්සේ පස්සේ එක එක විකාර ඇහෙන්න ගන්නවා, ගෝටා බුදු වෙලා කියලා පේන්න ගන්නවා.. දැන්ම බෙහෙත් ගනින්. :yes::yes::yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ඔව් අර විඩියෝ එකේ හූව කාලා කතා කොරගන්න බැරුව පල්ලං බහින්නෙත් මහින්ද නෙවෙයි මහින්ද වගේ ඩමියක්, දැන් සැපද??:rofl::rofl::rofl:

    ඔල්මාද බඩුවක් පා... කයා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක ලෙඩක්, ඕකට කියන්නේ selective auditory impairment (SAI) ඕක කනේ අමාරුවක් නෙවෙයි, මානසික රෝගයක මුල් අවස්තාව. බෙහෙතක් ගනින්, පස්සේ පස්සේ එක එක විකාර ඇහෙන්න ගන්නවා, ගෝටා බුදු වෙලා කියලා පේන්න ගන්නවා.. දැන්ම බෙහෙත් ගනින්. :yes::yes::yes:

    මෙම ප්‍රකාශය lankaenews හි පලවන ලිපි විශ්වාස කරන්නකු විසින් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ලෙඩක්, ඕකට කියන්නේ selective auditory impairment (SAI) ඕක කනේ අමාරුවක් නෙවෙයි, මානසික රෝගයක මුල් අවස්තාව. බෙහෙතක් ගනින්, පස්සේ පස්සේ එක එක විකාර ඇහෙන්න ගන්නවා, ගෝටා බුදු වෙලා කියලා පේන්න ගන්නවා.. දැන්ම බෙහෙත් ගනින්. :yes::yes::yes:
    උබට ඕක දැනටම තියනවා නෙහ්.....
    එකනේ මාලබේ කොල්ලට තඩි බාපු වෙලාවේ කටයි *කයි වහගෙන හිටියේ දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, ඇහුනෙත් නෑ වගේ......

    උබ ඉස්සෙල්ලම බෙහෙත් ගනින්....

    පොන්ගලය ගාවට ගියා නම් බෙහෙත් දෙයි "හක පුරෝලා":rofl::rofl::rofl::rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ඕක ලෙඩක්, ඕකට කියන්නේ selective auditory impairment (SAI) ඕක කනේ අමාරුවක් නෙවෙයි, මානසික රෝගයක මුල් අවස්තාව. බෙහෙතක් ගනින්, පස්සේ පස්සේ එක එක විකාර ඇහෙන්න ගන්නවා, ගෝටා බුදු වෙලා කියලා පේන්න ගන්නවා.. දැන්ම බෙහෙත් ගනින්. :yes::yes::yes:

    මේකේ හුවක් කොහෙද...මට නම් ඇහෙන්නේ නෑ....මූට පිස්සු :lol::lol::lol:

    කටවහං ඉඳපන් මචං... මී හරක් එක්ක මොන තර්කද..? නටලා නටලා ආතතිය අඩුකරගන්න දීපන් මේ කැරියට...
    ගෑණිගෙ පුක ලොකුයි ඒ නිසා රට භාරදෙන්න සුදුසුයි කියපු ගූ කන පොන්නයෙක්නේ බන් මේ...
    මුන් එක්ක හැප්පෙන්න ගියොත් උඹේ ඇඟෙත් ගූ ගෑවෙනවා...
    අනේ ප්ලීස් පැත්තකට වෙයන් මචන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටවහං ඉඳපන් මචං... මී හරක් එක්ක මොන තර්කද..? නටලා නටලා ආතතිය අඩුකරගන්න දීපන් මේ කැරියට...
    ගෑණිගෙ පුක ලොකුයි ඒ නිසා රට භාරදෙන්න සුදුසුයි කියපු ගූ කන පොන්නයෙක්නේ බන් මේ...
    මුන් එක්ක හැප්පෙන්න ගියොත් උඹේ ඇඟෙත් ගූ ගෑවෙනවා...
    අනේ ප්ලීස් පැත්තකට වෙයන් මචන්..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකේ හුවක් කොහෙද...මට නම් ඇහෙන්නේ නෑ....මූට පිස්සු :lol::lol::lol:
    මටත් ඇහෙන්නෙ නෑ මචං. අන්තිමේදි පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිව්වම හොඳට Cheer කරනවත් එක්ක. :confused::confused::confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කටවහං ඉඳපන් මචං... මී හරක් එක්ක මොන තර්කද..? නටලා නටලා ආතතිය අඩුකරගන්න දීපන් මේ කැරියට...
    ගෑණිගෙ පුක ලොකුයි ඒ නිසා රට භාරදෙන්න සුදුසුයි කියපු ගූ කන පොන්නයෙක්නේ බන් මේ...
    මුන් එක්ක හැප්පෙන්න ගියොත් උඹේ ඇඟෙත් ගූ ගෑවෙනවා...
    අනේ ප්ලීස් පැත්තකට වෙයන් මචන්..
    සහතික ඇත්ත! :yes::yes::yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මටත් ඇහෙන්නෙ නෑ මචං. අන්තිමේදි පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිව්වම හොඳට Cheer කරනවත් එක්ක. :confused::confused::confused:

    හුටා... හූව ඇහෙන්නෙ නැද්ද මට විනාඩි 5ක් දෙන්න ආයෙම එඩිට් කරලා දාන්නම්.. මුන්ට වැඩක් බාර දුන්නම හරියට කරන්නෙ නෑ නේ,:rofl::rofl::rofl::rofl:
    මීට
    toi01.jpg

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    රාජපක්ෂලාගේ ප්‍රචාචන්තවාදේ! හෙහ්..හෙහ්. හොදි ඔන්නෑ!