මහින්දව අපි ගනන්ගන්නේ නෑ-වාසුදේව

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දව අපි ගනන්ගන්නේ නෑ-වාසුදේව


3 වෙනුවෙන් දිගටම ඉන්නවා…. ජනපතිගේ තහංචි මට අදාළ නෑ


June 29, 2013 at 1:05 am | lanka C news

13 වෙනුවෙන් දිගටම ඉන්නවා…. ජනපතිගේ තහංචි මට අදාළ නෑ
ජනාධිපතිවරයා විසින් ඉකුත් දා ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන්ට පළාත් සභා බලතල සංශෝධනය කිරීම සම්බන්ධව පනවන තහංචි තමන්ට අදාළ නැතැයි රාජ්‍ය භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියයි.

පළාත් සභා ඇතුළු 13 වැනි සංශෝධනය පිළිබඳ තමන් දරන ස්ථාවරයෙන් බැහැරවීමට තමන්ගේ කිසිදු අදහසක් නැතැයි හෙතෙම පැවැසීය.

එලෙස තමන් දැරූ ස්ථාවරයෙහි දිගටම රැඳී සිටීමට හැකිවී ඇත්තේ තමන් ශ්‍රී ල.නි.ප.යට සම්බන්ධ නොවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණට අයත් මන්ත‍්‍රීවරයෙක් වීම නිසා යැයි කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ආණ්ඩුවේ තීරණයට මොනම හේතුවක් නිසාවත් යටත් නොවන අතර, ආණ්ඩුව අවුලකට පත් කිරීම සම්බන්ධ නොවන බවයි.

පළාත් සභා බලතල සහ 13 වැනි සංශෝධනයට අදාළව ඉදිරි කාලය තුළ පැවැත්වෙන ඡුන්ද විමසීමකදී තමන් ආණ්ඩුවට පක්ෂව ඡුන්ද නොදී සිටීමට ඉඩ ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේ වුවද එම හේතුව නිසා සන්ධාන ආණ්ඩුව පරාජය වීමට තමන් ඉඩ නොහරින බව ඔහු සඳහන් කළේ තමන්ගේ එම ක‍්‍රියාව රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ ක‍්‍රමවේදයකට සමාන කරනි.
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    3 වෙනුවෙන් දිගටම ඉන්නවා…. ජනපතිගේ තහංචි මට අදාළ නෑ
    කොපි පේස්ට් කරද්දි හරියට කරපං බුරු පැටියෝ.... දැන් එක ටක් ගාලා එඩිට් කරපිය 1
     

    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    ඡුන්ද විමසීමකදී

    අනුන්ට මඩ ගහනකොට තමුන්ට නොවදින විදියට ගහපන්.
    :rofl::rofl::rofl:;);););):yes::yes::yes::yes: