මහින්ද අදහස අත් හරී

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහින්ද අදහස අත් හරී

    Prison_Rules_Read_MR.jpg


    අගමැතිධුරයට මහින්ද රාජපක්ෂව නම් කළ නොහැකි යැයි ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තම දැඩි ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සමග යළි මැතිවරණයකට තරඟ කිරීමේ අදහස අත්හළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය සමීප හිතවතුන් සමග ප්‍රකාශ කර ඇතැයි ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති.

    මහින්ද රාජපක්ෂගේ මෙම තීරණයත් සමග මහින්ද රාජපක්ෂව නැවත බලයට ගෙන ඒමට දැඩි ප්‍රයත්නයක නිරතව සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ පිරිස් ඔවුන් වැටී සිටි දේශපාලන අගුපිලෙන් දේශපාලන සොහොන් ගැබට වැටී ඇතැයි ද දැනගන්නට ඇත.

    මහින්ද රාජපක්ෂ සිය දේශපාලන සමීපතමයින්ට පවසා ඇත්තේ තමාට දේශපාලන වශයෙන් නැවත ඉස්මතුවීමට නොහැකි වුවත් තම දරුවා වන නාමල් රාජපක්ෂ සහ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂව කෙසේ හෝ ගොඩදමා දෙන වැඩ පිළිවෙලක් ගැන කල්පනා කරන ලෙස ය.

    මේ පිළිබඳව යහපත් ප්‍රතිචාර පළවීමක් මහින්ද රාජපක්ෂ සමීපතමයින් වෙතින් සිදුවී නොමැති අතර ඔවුන් මහින්ද රාජපක්ෂට උපදෙස් දී ඇත්තේ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර මෛත්‍රීපාල සිරිසේනට සටනක් දී ඔහු පලවා හැරිය යුතු බවයි.

    මහින්ද රාජපක්ෂව යළි දේශපාලන වශයෙන් ඔසවා තැබිය නොහැකි යථාර්තය අවබෝධ කරගත් දේශපාලන අනාථයන් පිරිස තමන්ගේ දේශපාලන කුමන්ත්‍රණ සහ සටකපටකම් සහ උත්සාහයන් වැළැක්වී තිබියදී හදිසි පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් තරඟ වැදීමට පක්ෂයක් සොයා ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින බවත් වාර්තාවේ.

    දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ යටතේ තරඟ වැදීමට අපේක්ෂා කළද ඒ සඳහා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ පියසේන දිසානායක මහතාගෙන් සහායක් පළ නොවීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබෙන හිටපු මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරු 40 කගෙන් පමණ යුත් පිරිස දේශපාලන වශයෙන් නන්නත්තාරවී සිටින බව එම කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අහ් එහෙනම් බය නොවී හොරු ටික අල්ලමු නේද? තව දවස් 3යි ඉතුරු. හොරු ටික නැකතට ඇතුලට දාවි නේද?
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේකත් ඊ නිව්ස්. ඒ නිසා ඇථ්ත වෙන්න ඇති නේද? නැත්නම් මේක විතරක් බොරුද? :rofl:

    14ccz1t.jpg