ලංකාව කියන්නේ නිතිය,ආයතන රෙගුලාසි නිසි ලෙස ක්රියාත්මක වන රටක් නෙවි. පහල ඉදන් උඩට වෙනකම් දුෂණය තියෙන්නේ. ආණ්ඩුවේ ආයතනයකට වැඩකටයුතු, පොලිස් කාරයෙකුට කියක් හරි දීල බේරි යන්න, ඉස්කෝලේ ළමයෙක් ඇතුලත් කරන්න, හැමදේම දුෂණය.
මේක ඊයේ අද කියල වෙනසක් නැහැ. හැම දේම යටින් යන්නේ. දේශපාලකයා තමන්ගේ හිතවතුන්ට ඉඩ සලසන්න බලපෑම් කරනවා. ටෙන්ඩර් වෙනස් කරනවා. (පේනවා නේද ගල් අගුරු ටෙන්ඩර්). හිතවතුන් ඒ වෙනුවෙන් දේශපාලකයට උදව් කරනවා.
තව දෙයක් ලංකාවේ ආයතන රෙගුලාසි අනුව හැම විටම වැඩ කරන්න අමාරුයි. උදාහරනෙකට, සුළි කුණාටුව අපු වේලාවකදී ඇමතිවරයෙක් ජනතාවට හදිසි ආධාර කරන්න රෙගුලාසි අමතක කරලා කොටි 100 ක සල්ලි වෙන කරනවා. වෙන ආණ්ඩුවක් අවහම ඇමතිය හිරේ දානවා ආණ්ඩුවට කොටි 100 ක සල්ලි වංචා කර කියල. මේ ආණ්ඩුව එක වේලාවකදී කිව්වා රෙගුලාසි අමතක කරලා වැඩ කරන්න කියල. මේ විදියට ලංකාවේ හැම දේශපාලකයම ඕනේ නම් හිරේ දන්නා පුළුවන්.
ලංකාවේ හිරේ ගිහිපු දේශපාලකයන් හැමෝම හිරේ ගියේ ආයතන රෙගුලාසි උල්ලංගනය කරපු නිසා . ආණ්ඩුවක් කරන්නේ තමුන්ගේ තෝරාගත් පිරිසක් මොකක් හරි හොයාගෙන චෝදනා කරලා හිරේ දමන එක.
නමුත් රාජපක්ෂලාට චෝදනා කරේ මහජනතාවගේ සල්ලි බිලියන ගනම් හොරකම් කර කියල. බැසිල් 10% හොරා කෑවා කිව්වා. අපි හිතමු ඩොලර් බිලියන 100 project එකකින් බැසිල් 10 බිලියන් ගත්ත වෙන්න ඕනේ එහෙමනම්. මෙහෙම නම් ආණ්ඩුව කරන්න ඕනේ අර file ටික අරගෙන විශේෂ අදිකරණයක් දමල මේ ගැන විමර්ශනය කරලා ජනතාව දැනුවත් කරන්න. දඩුවම් කරන්න. නමුත් ආණ්ඩුව මේ වෙනකම්, හොර කෑවා තියා, මේ ගැන කිසිම සාක්ෂියක් පෙන්නලා දීල නැහැ උසාවියෙන් දීර්ග විමර්ශනයක් කරලා වරදකරුවක් කරොත් විතරයි හොරෙක් වෙන්නේ .එතෙක් නිවරදිකරුවන්.
එතකොට රාජපක්ෂලා හිරේ දමන්න බැරිද? අපෝ පුළුවන්. මොකක් හරි දෙයක් පටලවල හිරේ දමන්න පුළුවන්. උදාහරනෙකට වහනයක් ආනයනය කරන කොට රෙගුලාසි උල්ලංගනය කරපු නිසා රජයට කොටි ගානක් පාඩු උන කියල. එහෙම නැතිනම් මොකක් හරි ගිණුමක්, ඉඩමක් අල්ලල දමන්න පුළුවන්.
ඔය හොරු හොරු කියන එකයි, අල්ලන එක ජෝක් එකක් කියල අපිට තේරුනේ චන්ද්රිකා මැඩම් ගේ කාලේ. බලය ගන්න UNP එවුන් හොරු කියල කිව්වා. ගෝල් face එකට ගෙනල්ල දඩුවම් කරනවා කිව්වා. මෝඩ අපි එදා අහු උන.
තව දෙයක්. ලංකාවේ වත්කම් කියන දේවල් මෑතක් වෙනකම් declare කරේ නැහැ.