මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචන නඩුවේ අද තීන්දුව කුමක් වුවත් අද සවස ඔහු දැනටමත් අවලංගු වී ඇති අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකකින්ම පරාජය වී පසුව අභියාචනාධිකරණය විසින්ද තහනම් කර ඇති අගමැති ධූරය තවදුරටත් ව්‍යාජ හේතු දක්වමින් තබා ගැනීමට නොහැකි වී තිබේ. අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතය. එහි විනිසුරු මඩුල්ලේ සිටින ඊවා වනසුන්දරට එරෙහිව අගවිනිසුරුවරයා වෙත මෝසම් දෙකක් ඊයේ සවස් වන විට ඉදිරිපත් වී තිබිණ. කෙසේ වුවද අද විභාගයට ගැනෙන්නේ අතුරු තහනම ගැන පමණක් වන අතර එකී නඩුව විභාග වන්නේ ජනවාරි 12 වෙනිදා අභියාචනාධිකරණයේ දී ය.
ඊයේ ජනාධිපති ගමරාළ සමග හමුවේ දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිට කියා සිටියේ බහුතරය තිබෙන කණ්ඩායමට ආණ්ඩු කරන්නට බාර දෙන ලෙසයි.
මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුවහොත් ඔක්තෝම්බර් 26 වෙනිදා සිරා - මරා එක්ව හඳපානේ හැදූ ජුන්ටාව අද සවස් වන විට නිමා වීමට නියමිතය.