මහින්ද ජිනීවා යාමට සැරසෙයි
යහපාලන ආණ්ඩුව යටතේ අපරාධ වැඩිවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඝාතනයට ලක් වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
එසේ ම ලංකාවේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හමුවේ කරුණු දැක්වීමට ජිනීවා යාමට මහින්ද රාජපක්ෂ සූදානම් වන බව ද වාර්තා වේ.
ඔහු මීට පෙර ද ලංකාවේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ජිනීවා ගොස් මානව හිමිකම් සංවිධානවලට පැමිණිලි කළේය. ඒ මීට වසර 25 කට පමණ පෙර 1987 - 1989 කාලයේදීය. ඒ සමයෙහි සිදුවූ තරුණ ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කරන්නට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.
ඒ බව ලංකාවේ ජනතාවට හොඳින් මතක තිබේ. එහෙත් පසුගිය වසර දහයකට වඩා වැඩි කාලය තුළ ඒ බව ජිනීවා ගිය මහින්දට අමතක විය. නැතහොත් අමතකවූවා සේ කටයුතු කළේය. එසේ අමතක නොවූයේ නම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහු ජිනීවා යා යුතුය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජිනීවා යා යුතුය, ලලිත් - කුගන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් ජිනීවා ගොස් පැමිණිලි කළ යුතුය. සුදුවෑන් භීෂණය, අධිකරණය සිදුවූ අතපෙවීම්, අගවිනිසුරු බලයෙන් පහකිරීම ආදී දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැනුවත් කළ යුතුය. පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් ජිනීවා ගියා නම් හිටපු ජනාධිපතිවරයාට සිදුවන්නේ අවම වශයෙන් දිනකට දෙතුන් වරක්වත් ජිනීවා යන්නටයි.
එකළ ඔහු කටයුතු කළේ ජිනීවා නම් නගරයක් තිබෙන බව හෝ නොදැනය. නැතහොත් 87-89 කාලයේ එවැනි පැමිණිලි නොකළ අයෙකු පරිද්දෙනි. දැන් නැවතත් බලය අහිමිවීමෙන් පසු ජිනීවා නම් නගරයක් පිළිබඳව ඔහුට මතක් වී ඇත.
මේ සැරසෙන්නේ අහිමි වූ බලය සහ ජනතා ආකර්ශනය ලබාගැනීම සඳහා අතීතයේ මෙන් මානව හිමිකම් වීරයාගේ භූමිකාවට නැවත ආරූඪ වීමටයි. එහෙත් මෙරට ජනතාව යකාගේ හැටි වසර ගණනක් තිස්සේ හොඳින් හඳුණාගෙන සිටින හෙයින් කුමන ආරූඪයෙන් පැමිණියද නොරැවටෙනවා සිකුරුය.
- http://sinhala.lankanewsweb.net/news/16366-2015-03-28-12-44-40
ලංකාවේ අපරාධ වැඩිවෙලා ! මහින්දගේ අලුත් විහිළුව
රට පුරා අපරාධවල වැඩි වීමක් සිදුවී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ අභාවප්‍රාප්ත රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ඊයේ පස්වරුවේ මාධ්‍යවේදීන් අමතමිනි.
මනෝජ් මෙන්ඩිස් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය හමුවට පමුණුවන්නැයි තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේ යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මනෝජ් මෙන්ඩිස් යනු රත්ගම හික්කඩුව ප්රදෙශවල්ලට කුඩු ගෙන්වා බෙදාහරිනලද ප්‍රමුඛයා බවත් ස්ත්‍රී දූෂණ ගනනාවක් හා මිනීමැරුම් චෝදනා 13ක් එල්ල වී ඇති අපරාධකාරයකු බවත් එම ප්‍රදේශයේ ජනතාවගෙන් හා පොලීසියෙන් ලැබෙන තොරතුරු අනුව හෙළිවේ. මේ අපරාධකරුවාට සිය හදපත්ලෙන් නැගෙන ගෞරවය දක්වන්න ගිය මහින්ද රාජපක්ෂ මේ රටේ අපරාධ වැඩිවී ඇතැයි පැවැසුවේ කටින්ද අනෙක් පැත්තෙන්දැයි යන්න දන්නේ ඔහුම වුවත් මේ රටේ අද ඊයේ උපන් කෙනෙකු හැර අන් කිසිවකුට මේ කතාව ගැනසිය පශ්චාත් භාගයෙන් සිනා නොවී සිටිය හැකි කරුණකි.
මේ රටේ මෑත ඉතිහාසය තුල මීනී මැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හොරකම් වංචා කුඩු ජාවාරම් ආදී සියළු අපරධයන් ගේ වැඩිම වර්ධනය සිදුව තිබුණේ රාජපක්ෂලාගේ නරුම පාලන සමය තුලදීය. ඒ බව පොලිස් වාර්තාවලින් ම තහවුරුව තිබේ. ඊට අනුග්‍රහ දැක්වූ ජඩ පාලකයකු ලෙස මහින්ද රාජපක්ෂ මේවන විට ඉතිහාස ගතවීද තිබේ. වත්මන් පාලනය තුල මේ අපරාධවලට අපරාධකරුවන්ට ලැබී තිබූ රාජ්‍ය අනුග්‍රහය අහෝසී වීම මහින්දලාට දරා ගැනීමට අමාරුවී ඇති බවත් මේ විසුළුකාරී ප්‍රකාශයෙන් පැහැදිලිය.
- lankadaily