මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල යක්ගහපිටිය පිටවීමේ පර්යන්තයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ගමන්ගත් වාහනය මතට ප්‍රවේශපත්‍ර කවුළුවේ බැරියරය පහත් කරවීමෙන් ඊට හානි සිදුවී තිබේ.
පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඔවුන් දෙදෙනා අනුරාධපුර බලා යමින් සිටියදී මෙම සිදුවීම ඊයේ පෙරවරුවේ සිදුව ඇත.
පොලිස් යතුරුපැදි හා ආරක්ෂකයන් ගමන් ගත් වාහන පිටවීමේ දොරටුව පසුකර කළ පසු සේවකයා විසින් බැරියරය පහතට දැමීම නිසා එය මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගත් වාහනයේ ගැටී ඇත.
@2osama hoyala balala kiyapan, wesa maina marilanam kiribath kamu