මහින්ද නම් වෘත්තීමය අලෙවිකරුවා පැරදුනේ ක
මහින්ද නම් වෘත්තීමය අලෙවිකරුවා පැරදුනේ කෙසේද?
මහින්ද යනු වෘත්තීමය අලෙවි කරුවෙකි. වරලත් අලෙවිකරණ ආයතන වලින් සුදුසුකම් ලබා නොතිබුනත් ඔහු කලෙක අති සාර්ථක අලෙවි කරුවෙක් වූවේය. කුමක්, කුමන අවස්ථාවේ, කුමන ක්‍රමයෙන් අලෙවි කළ යුතුද යන්න ඔහු මැනෙවින් දැන සිටියේය. ඔහු මෙලෙස අසාර්ථක වන්නට හේතු වූයේ කොතනක සිටදැයි කියා අප විමසිය යුතුය.
මේ අසාර්ථකත්වයට බලපෑ ප්‍රමුඛතම සාධකය වූයේ නපුංසක න්‍යායක් වැළද ගනිමින් දේශපාලනය දික් විජය කළ හැකි යයි මිත්‍යාවට මහින්දව තල්ලු කළ විමල් වීරවංශ වේ.
ජාතිකවාදී චින්තනය පෙර දැරි කරගත් ජාතික හෙළ උරුමයට සුළු ජාතික ඡන්ද පදනම දිනාගැනීමේ වුවමනාවක්වත්, වැඩ පිළිවෙලක්වත් කිසිදා තිබුනේ නැත. ඉන්දියානු දමිළ ඡන්ද රැක ගැනීම හැර වෙනත් ජාතීන්ගේ ඡන්ද දිනාගැනීමේ වුවමනාවක්වත්, වැඩ පිළිවෙලක්වත් තොණ්ඩමන්ට හෝ දිගම්බරන්ට කිසිදා තිබුනේ නැත. මුස්ලිම් ඡන්ද දිනාගැනීමේ වුවමනාව හැර වෙනත් ජාතීන්ගේ ඡන්ද දිනාගැනීමේ වුවමනාවක්වත්, වැඩ පිළිවෙලක්වත් හකීම්ට හෝ බදුර්දීන්ට කිසිදා තිබුනේ නැත. ඔවුන් සියළු දෙනා නිශ්චිත ක්‍රමෝපාය ඔස්සේ තම ඡන්ද සටන මෙහෙයවූහ.
විමල් වීරවංශ ජවිපෙ දේශපාලන භාවිතාව තුළින්, තම ප්‍රතිරූපය නංවා ගත්තේය. නමුත් එම දේශපාලන භාවිතාවෙන් පරිභාහිරව එම ප්‍රතිරූපය හෝ දීර්ඝ කාලීන දේශපාලනයක් තමන්ට ලබා ගත හැකි බව මුග්ධ විශ්වාසයකට ඔහු එළඹීය. ජාතිවාදය වැපිරීමෙන් 70%ට ආසන්න සිංහල ඡන්ද ඔහුට දිනාගත හැකි වේ යැයි විමල් උපකල්පනය කලේය. එසේම එම මුග්ධ උපකල්පන මැටි බෝලය මහින්දටද ගිල්ලීය.
70%ක් ජනතාව සිංහල බව සැබෑය. ඉනුත් බහුතරය සතුව හැංගී සිටින ජාතිකත්වවාදියෙක් ඉන්නා බවද සැබෑය. නමුත් ඒ ජාතිකත්වය මත පදනම්ව ඕනෑම තකතීරු වැඩකට සහය දක්වන්න තරම් මැටි මෝලුන් 70% නොසිටින බව මහින්දට හෝ විමල්ට නොතේරුනේ, ඔවුන්ගේ අඩු පාඩුවක් නිසාද, නැත්නම් ඡන්ද දායක බහුතරය මැටි මෝල්ලු යැයි ඔවුන් සතුව තිබූ කියවීම ගැන ඔවුන් පමණට වඩා විශ්වාස තැබූ නිසාදැයි නොදනිමි.
මේ වැරදි කියවීම මත පදනම්ව නොගැලපෙන පාරිභෝගිකයින් පිරිසකට වැරදි භාණ්ඩය අලෙවි කිරීමට බොදු බල සේනාව මහින්ද විසින්ද, රාවණ බලකාය විමල් විසින්ද ගොඩ නැගීම ඔවුන්ගේ අලෙවිකරණ අසාර්ථකත්වයේ කූඨ ප්රාප්තියදැයි මට සිතේ.
මහින්ද ඔබට සුබ ගමන්!
මංජුල සමරසේකර ගේ ලියමනකි