මහින්ද නෑ , පාර්ලිමේන්තු පාර වහයි.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මහින්ද නෑ , පාර්ලිමේන්තු පාර වහයි.





    12:58 PM විශ්වාස භංගය අත්සන් කළ ඇතැමුන් තවමත් පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි ඇමැති නවීන් දිසානායක කියයි.
    ‘නඩු හබවලට මුහුණ දීලා තියෙන පිරිසක් තමයි මේකට මුල් වෙලා ඉන්නේ. ඒ චෝදනා වලට විසඳුමක් හැටියටයි විශ්වාස භංගය ඔවුන් බලන්නේ. යටින් තිබෙන්නේ වෙනම ගේම් එකක්.‘

    12:55 PM ඇමැති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතයි.

    12:54 PM හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සභාවට පැමිණ නැතැයි ආරංචි මාර්ග කියයි.


    12:39 PM පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි. පාර්ලිමේන්තු පාරත් තාවකාලිකව වහයි.





    ඔන්න ඔහොම ලු වුණා කියන්නේ :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113




    12:26 PM දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සභාව අමතයි.


    12:25 PM විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්දයේදී විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබෙනු ඇති බවත්, වැඩි ඡන්ද 40කින් විශ්වාස භංග යෝජනාව පරාජය වනු ඇති බවත් ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

    12:22 PM විමල් වීරවංශ මහතාගේ කතාවෙන් පසු ඇමැති ජෝන් අමරතුංග මහතා කතාව අරඹයි.


    12:12 PM එක්සත් ජාතික පක්ෂය දැන් වුවත් විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමකට සූදානම් බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් රැස්වීමේදී කීවේය.


    12:07 PM විශ්වාස භංගයට විරුද්ධ වෙන්න ඡන්දය ගන්න මන්ත්‍රීවරුන්ට සල්ලි දුන් බවට වීරවංශ මහතා කරන ප්‍රකාශ අසත්‍ය බව ඇමැති මරික්කාර් කියයි.

    12:05 PM විශ්වාස භංගයත් සමඟ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැතිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.


    12:03 PM ‘මුදල් කතා කරද්දී සත්‍ය නිහඬ වන බවට කියමනක් තියෙනවා. සල්ලි කතා කරන සද්දෙ මට ඇහුණා. අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි.‘ - විමල් වීරවංශ


    12:02 PM වීරවංශ මහතාට කතාව කරගෙන යෑමට අවස්ථාව දෙන්නැයි කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි.


    12:01 PM පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කතාව අරඹයි. පාර්ලිමේන්තුවේ ඝෝෂා.

    11:55 AM රනිල් වික්‍රමසිංහ සංකේතාත්මක ඉලක්කයක් විතරයි. මෙය ආණ්ඩුව ඉලක්ක කරගත් එකක්. මහින්ද රාජපක්ෂ මහතා මේකට අත්සන් කරලා නෑ. විමල් වීරවංශ කියනවා ඒක කියලා ආතල් එකක් ගන්න කියලා. ආතල් එකට එයා ගිය දෙයක් තියෙනවා. ශ්‍රීලනිපය තුළ කල්ලි තුනක් තිබෙන බව පේනවා. රාජපක්ෂවරුන් දුරදිග බලලා කටයුතු කරන බව මෙයින් පේනවා. - ඇමැති හකීම්


    11:47 AM මගේ පාර්ලිමේන්තු දිවියේ විශ්වාස භංග කිහිපයක් දැකලා තියෙනවා. පටන් ගන්නකොටම හුළං බැස්ස විශ්වාස භංගයක් දැක්කේ මෙවරයි. - ඇමැති හකීම්

    11:43 AM බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේ කතාවෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ඇමැති රාහුෆ් හකීම් මහතා කතාව අරඹයි.


    11:40 AM ‘විශ්වාස භංගය ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන සහ ගොඨාභය රාජපක්ෂ කල්ලියයි. විශ්වාස භංගයට වැඩ කළේ ගෝඨාභය කල්ලියයි. මහින්ද රාජපක්ෂ මහතා ලොකුවට වැඩ කළේ නෑ. ‘- ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක

    11:38 AM ‘‘මේ රටේ ලොකුම ජනවරම පාවා දීලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. රනිල් වික්‍රමසිංහ වගේම ඔහු හොරු රැක්කා. රනිල් වික්‍රමසිංහ මහතා දූෂිතයන් 50ක් ආරක්ෂා කළා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා 50ක් හෝ 51ක් ආරක්ෂා කළා. දූෂණයට එරෙහිව ජනවරම ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. එතුමා තමයි දෙවැනි ජුදාස්. තුන්වැනි පාවාදීම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.‘‘ - බිමල් රත්නායක



    11:36 AM විශ්වාස භංගයේ අත්සන් 56ක් තිබෙනවා. ඔබතුමාලා දීලා තියෙන එකේ තියෙන්නේ අත්සන් 55යි. පළමු වැනි අත්සන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. මේ විශ්වාස භංගය ජනාධිපතිවරයාගේ. මහින්ද රාජපක්ෂ මහතාවත් කවුරුවත් විශ්වාස භංගයට ගෙනාවේ නෑ. මේ විශ්වාස භංගය ගෙනාවේ පෙබරවාරි මස ඡන්දයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා. මුලින් කිව්වා අගමැතිට ඉල්ලා අස්වෙන්න කියන්න. වෙනම 113ක් හදාගන්න පුළුවන්ද කියලා බැලුවා. දූෂිතයො එකතු වෙලා 113ක හදාගන්න හැදුවා. ඒක බැරිවුණා. එතැනින් පස්සේ තමයි විශ්වාස භංගය ආවේ. - බිමල් රත්නායක

    11:28 AM මහින්ද රාජපක්ෂ රජයේ සිටි දූෂිතයන් ආරක්ෂා කිරීමට අගමැති කටයුතු කිරීමෙන් ඔහු ජනවරම පාවා දුන් බව බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියයි. විශ්වාස භංගයට තව එකතු විය යුතු කරුණු ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.


    11:22 AM විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියයි.


    11:21 AM ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව ඇමැතීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කතාව අරඹයි.


    :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    dan jeppo wishwasabangaya wenuwen chande denawada?
    mama hituwe un rathu ali pataw kiyalane :(

    උදේ news වලට කිව්වේ උන් 6 ම රනිල් ට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරනවා කියලා :nerd:
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    කොහොමද බදුම්කරේට වෙච්ච දේ? ජනතාව හැමදාම රැවටෙනවා!! දෙනවා කියපු ඔක්කොම එක එක කථා කියනවා පුජ්‍ය අතුරලියේ රත්න හාමුදුරුවොත් චන්දෙ දෙන්නේ නැ වගේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොහොමද බදුම්කරේට වෙච්ච දේ? ජනතාව හැමදාම රැවටෙනවා!! දෙනවා කියපු ඔක්කොම එක එක කථා කියනවා පුජ්‍ය අතුරලියේ රත්න හාමුදුරුවොත් චන්දෙ දෙන්නේ නැ වගේ.

    :P:P