අනුර+මහින්ද

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    20ට සහාය ගන්න අනුර මහින්ද හමුවක් ලබන සතියේ

    collage.png


    විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සමබන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග නිල සාකච්ඡාවක් ලබන සතියේදී පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28) පෑවසීය.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන්
    දෙකක ඡන්දය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය තීරණාත්මක වන බව කී දිසානායක මහතා මෙම සංශෝධනය පිළිබඳව සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    මෙම සංශෝධනය පිළිබඳ යෝජනාවී මාර්තු පළමු සතියේ දී න්‍යාය පුස්තකයට ඇතුළත් කර විවාද කිරීමේ හැකියාව පවතින බවත් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයින් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඔහු කීය.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම මුස්ලිම් කොංග්‍රසය, සහ මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරුන්ගේ පක්ෂ සමගත් සාකච්ඡා පවත්වන බව ජ.වි.පෙ නායකයා ප්‍රකාශ කළේය.

    අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජ.වි.පෙ. පසුෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වඩා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව හඬනැගුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව කී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ සමුළු දෙකකදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා සම්මත කරගෙන ඇති බැවින් අගමැතිවරයාට එය මඟහැරිය නොහැකි බව ද කීවේය.

    මෙම සශෝධනය පාර්ලිමේන්තුවේ 225 දෙනාම තීන්දුවට යට නොකොට ජනතාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය තුනෙන් දෙකක ඡන්දය ලබාදෙන ලෙස තමා සියලුම මන්ත්‍රීවරුන් හා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළත්, සියලුම පක්ෂවල සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන ඒවා ඇතුළත් කිරීමට සූදානම් බව කී මන්ත්‍රීවරයා මේ සංශෝධනයන් රට බිලදෙන බවට ඇතැමුන් කරන චෝදනාවල සත්‍යතාවයක් නැතැයි ද කියා සිටියේය.

    මේ සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල්යාමක් ද සිදුනොවන බව කී අනුර කුමාර දිසානායක මහතා 20 වැනි සංශෝධනය සමත් වෙනවා නම් 2020 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙන බව කීවේය.

    (ඩයනා උදයංගනී)


    Source: Gossiplankanews
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    දැක්කේ නැහැ වගේ යන්න ඕන-හද්ද මෝඩ බයියෙක්
     
    • Like
    Reactions: skymicro

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Maha bayya jeppo ekkath deal yanawane
    Bai puthila paw :rofl:

    තෝ ගංජ ගහලද ඉන්නෙ ජෙප්පො?ලියලා තියෙන ඵක තව පැය දෙක,තුනකින් අැවිත් අායෙත් කියවපං...:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Anna anura ponnaya my3tai raniltai banala fb post ekakuth dala. Vipaksha nayaka ekka sakachcha karanawalu :angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    රනිල් කරූගෙනුයි-මහින්ද ගෝඨාගෙනුයි බේරෙන්න ගහන්න යන “Game” එක මෙන්න..!

    (සුජිත් මංගල ද සිල්වා)

    විස්සයි-විස්ස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ සහ එහි නායකයින් මේ වන විට මුහුණ දී සිටින උග්‍ර අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හමුවේ, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කෙරෙහි එම සියලු නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මීට අදාළව මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති අතර ඒ දෙදෙනා මීට සති තුනකට පමණ ඉහත දී හමුවී මේ කාරණය සම්බන්ධයෙන් මුහුණට-මුහුණ (One to One) දීර්ඝ සාකච්ඡාවක් සිදු කළ බව අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයෙක් “lankanewsweek” සමග පැවසීය.

    දෙදෙනා අතර මේ හමුව පැවතියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ මස 13 වැනි බදාදා රාත්‍රියේ කොළඹ 5 වැනි පටුමගේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ බාල සොහොයුරු නිරාජ් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිදු වූ හමුවට පෙරය.

    විස්සයි-විස්ස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයක් ප්‍රධාන දේශපාලන පක්ෂවල නිර්මාණය වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් රටත්-ජනතාවත් ඉල්ලන දෙවැනි පෙළ ජනප්‍රිය සහ අලුත් නායකයෙකුට ඒ අවස්ථාව ලබා දීමට සුදානම් නොමැති නිසා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් තිදෙනාම දේශපාලන වශයෙන් බරපතළ තුවාල සිදු කර ගෙන සිටින බව පෙන්වා දුන් එම දේශපාලන විචාරකයෝ, මේ තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ විශාල විරෝධයක් මතු වී තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දී සිටින ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරණයට තෙවැනි වරට තරඟ කිරීමට ඔහුට නීතිමය හැකියාවක් නොමැති තත්ත්වය හමුවේ ඒ අවස්ථාව ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඇතිවී තිබෙන බල අරගලය හේතුවෙන් සිය බලය ගිළිහී යාමේ අවදානම බව ද පෙන්වා දුන්හ.

    මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ අලුත්ම දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගනිමින් එම යෝජනාව සම්මත කර ගැනීමය.

    එවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුහුණ දී සිටින ප්‍රශ්නය අහෝසි වන අතර ඒ අනුව අගමැති අපේක්ෂකයා ලෙස මහා මැතිවරණයට තරඟ කරමින් සිය පක්ෂ ජයග්‍රහණය කරවා සිය බලයත් සිය පක්ෂ නායකත්වයත් තහවුරු කර ගැනීමට හැකි වන බවට එම නායකයින් දෙදෙනා දේශපාලන වශයෙන් ගණන් බලා තිබේ.

    මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණොත් පරාජයට පත්වීමට තිබෙන අවදානමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගැලවෙන අතර එමනිසා මේ “රනිල්-මහින්ද” හවුලේ අලුත්ම දේශපාලන උපක්‍රමයට ඔහුගේ ද සහය ලැබෙමින් පවතියි.

    ඊට සහය පළ කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සමීපතමයින් මාර්ගයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ තිරය පිටුපස නායකයින්ට දැනුම් දී තිබෙන්නේ මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව ඒ යටතේ පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන නාමමාත්‍ර ජනාධිපති ධූරයේ ඉදිරි අවුරුදු පහ රැදී සිටීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙසය.

    මේ ක්‍රියාදාමයට ජනතා විමුක්ති පෙරමුණේ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය මේ වන විටත් ලැබී තිබෙන බව “lankanewsweek” සමග පැවසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද අධිනීතීඥ ලාල් විජේනායක මහතා සිය දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වයන් හමුවේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ද ඊට නියත ලෙසම සහය පළ කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

    අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්මන් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා තමා ඇතුළු සිවිල් සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ක්‍රියාකාරීන්,සංවිධාන වගේම බලවේග ආණ්ඩුවට බල කර සිටින්නේ ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා ලෙසට යැයි ද සඳහන් කළේය.

    කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතාගේ නම ඉහළින්ම සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බව ද ඔහු තහවුරු කළේය.

    මේ අලුත්ම දේශපාලන උපක්‍රමයට අදාළව රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මේ දිනවල විටින් විට දුරකතනයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටින බව කවුරු නොදනිතත් “lankanewsweek” සහ මේ ලියුම්කරු දනී.

    ඊට හොඳම උදාහරණය ව්‍යවස්ථාදායක සභාවට සිය නියෝජිතයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මහතා පත් කිරීමට සියලු කටයුතු යොදා තිබුණු අවස්ථාව්දී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාව දුරකතනයෙන් අමතා ඔහුගේ නියෝජිතයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා එම සභාවට පත් කරන ලෙසට ඉල්ලා සිටීමය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් එම ඉල්ලීම කළේ විධායක ජනාධිපති ධූරය ඉකමනින්ම අහෝසි කිරීමේ මෙම මෙහෙයුමට ද්‍රවිඩ ජාතික සන්ධානය සිය සහය පළ කිරීමට එකඟ වී සිටින නිසා වන අතර ඔහු ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ද දුරකතනයෙන් පැහැදිළි කර දී තිබේ.

    කෙසේ නමුත් මුලින් සැලසුම් කර තිබූ පරිදි ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂනායකවරයා මාර්ගයෙන් කෙසේ හෝ තමාවම පත් කර ගැනීමට ඩග්ලස් දේවානන්ද මහතා තෙවැනි පාර්ශවයක් මාර්ගයෙන් උත්සහ කරමින් සිටින අතර ඔහු මේ කාරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ අවස්ථාව්දී ඔහු විමසා තිබෙන්නේ අලුතින් නිර්මාණය වෙමින් පවතින මේ දේශපාලන පසුබිම යටතේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම නොසලකා හැරීමට තමාට නොහැකි බව යැයි ඩග්ලස් දේවානන්ද මහතාගේ හිතවතෙක් “lankanewsweek” සමග පැවසීය.

    මේ දේශපාලන අරමුණ කූටප්‍රාප්තියට අපත් කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමට තිරය පිටිපස සිටිමින් කළ දේශපාලන සෙල්ලම අපි ඉදිරියේදී හෙළිදරව් කරන්නෙමු.

    ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු නායකයින් ගණනාවක් එක්සත් ජාතික පෙරමුණේ සිටියදී විධායකය අහෝසි කර මහින්ද රාජපක්ෂලාගේ සහ මෛත්‍රීපාල සිරිසේනලාගේ ප්‍රශ්න විසඳා දේශපාලන සතුරන් බලවත් කරන්නේ මන්ද යැයි එම පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු ප්‍රශ්න කර සිටිති. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නය තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෙක් ජනාධිපති අපේක්ෂයකයා ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හොත් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වය ද ඔහුට හිමිවීම නම් අගමැතිවරයා කළ යුත්තේ එම අපේක්ෂකයා සමග විවෘත්තව සාකච්ඡා කර පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම විනා මේ මොහොතේ විධායකය අහෝසි කර හතර ගාතයෙන් වැටී සිටින මහින්ද රාජපක්ෂගේ සහ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රශ්න විසඳීම නොවන බව ද ඔවුහූ අවධාරණය කළහ.


    - http://lankanewsweek.com/රනිල්-කරූගෙනුයි-මහින්ද-ග/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Me rate manthrikam labeta wikinenawa, amathikam labeta wikinenawa, rajya niladari labeta wikinenawa, janadipathi pattama witharai apita hitiye. Dan eekath nathi karanna yanawa
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Anna anura ponnaya my3tai raniltai banala fb post ekakuth dala. Vipaksha nayaka ekka sakachcha karanawalu :angry::angry:


    අම්මේ තව ටික දවසකින් මට මේකෙ දෙතුන්දෙනෙක්ගෙ මූනු බලන්න ආසාවෙ බෑ. එක සොන්නයෙක් නම් කිරියෙන් පන්නලම දැම්ම .ඌ ෆේක් වලින් විතරයි එන්නෙ දැන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    :lol:දැන්වත් වහල් ජෙප්පොන්ගෙ අැස් අැරුනොත් හොඳා..
    Jepponta oone me rate balaya allanna. Eeka waradak na e aya ehema hithana eka. Vidhayaka janadhipathi wena eka unta heenen wath nopenena heenayak nisai. Oona ekek ekka redi tika galoogena sakachcha karanne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113


    අම්මේ තව ටික දවසකින් මට මේකෙ දෙතුන්දෙනෙක්ගෙ මූනු බලන්න ආසාවෙ බෑ. එක සොන්නයෙක් නම් කිරියෙන් පන්නලම දැම්ම .ඌ ෆේක් වලින් විතරයි එන්නෙ දැන්
    :dull::dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුරට ජයවේවා :yes: අපි නං මුල ඉඳලම දැනගෙන හිටිය ජෙප්පො හොඳයි කියල :yes: :love:
    ආදරෙයි අනුර කුමාර :love:
     
    • Wow
    Reactions: Xi Jinping

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ


    අම්මේ තව ටික දවසකින් මට මේකෙ දෙතුන්දෙනෙක්ගෙ මූනු බලන්න ආසාවෙ බෑ. එක සොන්නයෙක් නම් කිරියෙන් පන්නලම දැම්ම .ඌ ෆේක් වලින් විතරයි එන්නෙ දැන්

    Ekek offline giya neda. Dan anith eken ei :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113


    අම්මේ තව ටික දවසකින් මට මේකෙ දෙතුන්දෙනෙක්ගෙ මූනු බලන්න ආසාවෙ බෑ. එක සොන්නයෙක් නම් කිරියෙන් පන්නලම දැම්ම .ඌ ෆේක් වලින් විතරයි එන්නෙ දැන්
    Pissuda machan. e-ponz aye ei chandeyak dinna gaman. mathakane sadun buwa. maasa ganak kale panala idala, dan dan aye enawa. :rofl::P