මහින්ද ප්‍රභාකරන්ව මරා දැමු හැටි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    balapan,karunage malliwa marala,uwa maranna bomba thiyala,uge team eke unwa maruwath,kochchara balukam kupadi kam karath,kochchara podi ewunwa LTTE ekata gaththath,u anthima mohotheth duk wenawa e unge leader kiyala,e demalunge leader kiyala...

    ekata sinhalu...
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    balapan,karunage malliwa marala,uwa maranna bomba thiyala,uge team eke unwa maruwath,kochchara balukam kupadi kam karath,kochchara podi ewunwa LTTE ekata gaththath,u anthima mohotheth duk wenawa e unge leader kiyala,e demalunge leader kiyala...

    ekata sinhalu...

    මෙන්න ටෝක් එක ..මේක අපේ එවුන්ට ත්රුම් ගන්න පුළුවන් නම් හොදටම ඇති බන්
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මරා දැමු බවට ආන්දෝලනාත්මක හෙළිදරව්ව.

    10996275_949119435146136_3403783419809714195_n.jpg


    මමත් දැක්කේ බන් fb එකේ ,,මේ කතාව ඇත්තක්ද ? :shocked:


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මරා දැමු බවට ආන්දෝලනාත්මක හෙළිදරව්ව. (උපුටා ගැනීමකි)

    කරුණා අම්මාන් සමග ටැමිල්වොයිස් වෙබ් අඩවියේ ලේඛක සුබ්‍රමනියම් කන්දරාසා විසින් සිදුකරන ලද සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව. (පරිවර්තනය: සමන් සිල්වා)

    ප්‍රශ්නය: ඔබගේ වර්තමාන දේශපාලන ගමන මොන වගේද?
    පිළිතුර: මම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් මා හට නාමයෝජනා ලැබුණේ නෑ. මට විරුද්ධව ගිය බොරු චෝදනා නිසා මට නාමයෝජනා නොලැබුණා විය හැකියි. මා හට එක්සත් ජාතික පක්ෂයෙනුත් ආරාධනා ලැබී තිබෙනවා.

    ප්‍රශ්නය: ඔබ දෙමළ ජාතිකයෙක්. ඉතින් දෙමළ ජාතික සංධානය සමග ඔබගේ සම්බන්ධතාවය මොන වගේද?
    පිළිතුර: මා දන්නා තරමින් දෙමළ ජාතික සන්ධානයේ සිටින පුද්ගලයින් අතරින් ආර්.සම්බන්ධන් අවංක දේශපාලඥයෙක්. ඔහු යථාර්තවාදීව කටයුතු කරන පුද්ගලයෙක්. සුමන්දිරන් මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට කුමක් හෝ යහපතක් සිදුකල යුතුය යන අරමුණින් කටයුතු කරමින් සිටිනවා. නමුත්, විමුක්ති කොටි සංවිධානය විසින් දේශපාලනයට යොමුකල ඇතැම් පුද්ගලයින් ඒ සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරමින් සිටිනවා. ඔවුන් කව්රුන්ද? යන්න ඔබ සියළුදෙනා දන්නවා. මේ සම්බන්ධයෙන් කතා කිරීම හේතුවෙන්, මා දෙමළ ජාතික සන්ධානයට සහයෝගිව කතා කරන පුද්ගලයෙක් බව ඔබලා හිතන්න එපා. මහින්ද රාජපක්‍ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පිළිබඳව විශාල ‍ගරුත්වයක් තබා තිබූ බව මා දන්නවා. සම්බන්ධන්ට කොටි සංවිධානය පිළිබඳව කැමැත්තක් තිබුණේ නෑ. නමුත්, කොටි සංවිධානය විසින් තමන්ට සහ අනෙකුත් දේශපාලඥයින්ට කුමක් හෝ අනතුරක් සිදුකරනු ඇතැයි යන බියෙන් ඔහු විමුක්ති කොටි සංවිධානයේ නියෝග වලට අනුව කටයුතු කල බව මා ඒ අවස්ථාවේදීම දන්නවා. විමුක්ති කොටි සංවිධානය විනාශ කල හේතුවෙන්, දෙමළ ජනතාවට මේ වනවිට නිදහසේ ජීවත්වීමට හැකිවී තිබෙනවා.

    වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටනේදී ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් ඇල්ලුවා කියන කතාව ඇත්තක්ද?
    අවසන් සටනේදී, හමුදාව විසින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත් බවට කරන ප්‍රකාශය 100% ක් ඇත්ත. නමුත්, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත්තේ කෙසේද යන්න මා දන්නේ නෑ.

    ප්‍රභාකරන්ව අත් අඩංගුවට ගත් පසුව මොකද වුණේ?
    ප්‍රභාකරන්ගේ දෑතට මාංචු දාලා ගුවන් හමුදාවට අයත් බෙල් වර්ගයේ හෙලිකොප්ටරයකින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් යාපනයේ ජනාධිපති මන්දිරයේ විශේෂ කුටියක් වෙත ගෙන ආවා. යුධ හමුදා ඩිෆෙන්ඩර් රියකින් මාවත් එහි ගෙන්නවුවා. එහිදී ප්‍රභාකරන් සහ මහින්ද අතර භාෂා පරිවර්තනය සඳහායි මාව යොදවා ගත්තේ. සිවිල් පුද්ගලයෙක් වෙනුවට මාවම ඒ සඳහා යොදවා ගත්තේ ඇයි කියලයි මට වැටහුනේ පසුවයි.

    ප්‍රශ්නය: ඇයි ඔබවම යොදා ගත්තේ?
    පිළිතුර: ඒ ඇයි කියල කීමට කලින් සිද්ධිය මම නවත්වපු තැන ඉඳන් පැහැදිළි කරන්නම්. ජනාධිපති මහින්ද විසින් යාපනයේ ජනාධිපති මන්දිරය යට විශේෂ බංකර් එකක් හැදුවා. ඒක හදල තියෙනේ විමුක්ති කොටි සංවිධානය විසින් ඉන්දීය රේඩාර් පද්ධතියට හසු නොවන ආකාරයට පොළොවට ආසන්නයෙන් ඇවිත් යාපනයේ ජනාධිපති මන්දිරය තුළට බෝම්බයක් දමාවි කියල බුද්ධි වාර්තා තිබුණ නිසයි. දහවල් කාලයේ ස්ටින්ගර් මිසයිල් සහිත නිලධාරීන් යාපනයේ ජනාධිපති මන්දිරය හතර කොනේ හිටියත් රාත්‍රියට ඔවුන්ට අහස නොපෙනෙන නිසා රාත්‍රී කාලයේ යම් විදිහකින් යපනේ ඉන්න වුණොත් කරුවල වැටුණ පසුව ජනාධිපති මහින්ද හිටියේ ඒ බංකර් එක ඇතුළේ. ඉතින් ඔය බංකර් එක ඇතුළටයි ප්‍රභාකරන්ව ගෙන ආවේ. මමත් ඒ වෙලාවෙම එතනට අවා.

    එතන අපට අමතරව තවත් නිලධාරීන් 2 නෙක් හිටියා. ඔවුන් යුධ හමුදා යුනිෆෝම් එකෙන් සහ සන්නාහ සන්නද්ධව හිටියෙ. සියල්ලන්ම හමුදාවේ ඉහල නිලධාරීන්. ජනාධිපති මහින්ද ඇවිත් බංකර් එක තුළ මේසයක වාඩි වුණා. ඊට පස්සේ ප්‍රභාකරන්ව වාඩි කරවන ලෙස මෙසේ අනිත් පැත්තේ පුටුව පෙන්වමින් අතින් සඤ්ඤා කළා. එකෙනෙහිම අර යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රභාකරන්ව මහින්දගෙ මේසෙ අනිත් පැත්තේ ඉන්දවුවා. ප්‍රභාකරන් ඒ වෙලාවේ හොඳටම තෙහෙට්ටුවට පත් වෙලයි හිටියෙ. ප්‍රභාකරන් බිම බලාගෙන ඉඳිද්දී ජනාධිපති මහින්ද ප්‍රභාකරන්ව විනිවිද යන බැල්මක් හෙළමින් බලන් සිටියා.

    ජනාධිපති මහින්ද ප්‍රභාකරන්ගෙන් මුලින්ම අහපු ප්‍රශ්නෙ තමයි "කෑම කාලද?" කියල. අනපේක්ෂිත ප්‍රශ්නය නිසා මම බීරාන්තව බලන් ඉන්දැද්දී මට පැත්තෙන් හිටපු හමුදා නිලධාරියා "ට්‍රාන්ස්ලේට් දැට්" කියල මහ හයියෙන් මට කිව්වා. මම ඒක දෙමළෙන් ප්‍රභාකරන්ට කිව්වා. එවිට ප්‍රභාකරන් මම දිහා බැලුවා මිසක් උත්තරයක් දුන්නේ නෑ. ජනාධිපති මහින්ද ඒ වෙලාවේ පුටුවෙන් නැගිටලා කාමරයෙන් පිට වුණා. කාමරයේ හිටි එක නිලධාරියෙකුගේ කනේ තිබුණ පනිවිඩ යන්ත්‍රයට ආපු මැසේජ් එකක් රීඩ් කරලා ඔහු වහාම එලියට ගොස් මොහොතකින් බත් පිඟන් 2 ක් අරගෙන ආවා. මට බඩගින්නක් තිබුණේ නෑ. ඒත් ප්‍රභාකරන් මාංචු පිටින්ම අර බත් එක කාගෙන කාගෙන ගියා. මට ඒ වෙලවේ ප්‍රභාකරන් එක්ක ටිකක් දෙමළෙන් කතා කරන්න ලැබුණා.

    ප්‍රශ්නය: ඔබ මොනවද ප්‍රභාකරන් සමග කතා කළේ?
    පිළිතුර: යුද්ධය ගැන කතා කළේ නෑ. ඔහුගේ පවුලේ අය ගැන කතා කළා. ඔවුන් ආරක්ෂිතයි කියල ප්‍රභාකරන් මට කිව්වා. ඒත් ඔවුන් ඉන්න තැන කිව්වේ නෑ. එදා තලිවර් වගේ හිටපු (තලිවර් යනු දෙමළ ජාතිය ගලවා ගැනීමට යම් දිනක පහළ වෙන රජු යන අරුතයි) ප්‍රභාකරන් අද පොලිසියට අහු වුණ පික්පොකැට් කාරයෙක් වගේ බයෙන් ඉන්න හැටි දැක්කාම මට ප්‍රභාකරන් ගැන තිබුණ ප්‍රතිරූපයත් නැතිව ගියා. හමුදාවේ අය රෙකෝඩ් කරන බව දන්න නිසා අවසරයක් නොමැතිව කිසිදු අනවශ්‍ය දෙයක් කතා නොකිරීමට මම කල්පනාකාරී වුණා.

    ප්‍රශ්නය: ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආවේ නැද්ද?
    පිළිතුර: ප්‍රභාකරන් කෑම කාලා, හමුදා නිලධාරියාම ගෙනාපු වතුර බෝල් එකෙක්න් අත හෝදගෙන මම හිතන්නේ පැය බාගයකට විතර පස්සේ ජනාධිපති මහින්ද ආයිත් බංකර් එක ඇතුළට ආවා. ඔහු ඇඳන් හිටියේ සුදු සරමක් සහ අත් කොට සුදු කමිසයක්. කරේ රතු රෙදි පටියක් දාගෙනයි හිටියේ. ඔහු ආපු ගමන් තමන් ඇඳන් හිටපු කමිසය ගලවල රැක් එකට දැම්මා. සරම යටින් උස්සල නවල ඇඳ ගත්තා. රෙදි පටිය අරන් ඉනේ ඔතා ගත්තා. ඊට පස්සේ ආයිත් පුටුවේ වාඩි වුණා. ඔහුගේ ඇස් දෙක රතු පාටින් ගිණියම් වෙලයි තිබුණෙ. මහා භයානක දෙයක් වෙන්න යන බව මට ඉවෙන් වගේ දැනුනා. ඔහු ප්‍රභාකරන්ගෙන් ඇහුවා "අපි සාමයට කැමති වෙලත් උඹ දිගටම යුද්ධ කළේ ඇයි?" කියල. මම ඒක දමිළ බසින් ප්‍රභාකරන්ගෙන් ඇහුවා. ඔහු උත්තරයක් දුන්නෙ නෑ , බිම බැලුවා.

    ප්‍රභාකරන් ජනාධිපති මහින්දට උත්තර දෙන්නේ නැති බව ජනාධිපති මහින්දට විතරක් නෙමෙයි එතන හිටපු අපි කාටත් තේරුණා. ඊට පස්සේ ජනාධිපති මහින්ද පුටුවෙන් නැගිටලා මේසයේ ප්‍රභාකරන් ඉන්න පැත්තට ආවා. "මේකව දණ ගස්සපිය" කියල කිව්වා. හමුදා නිලධාරියෙක් ප්‍රභාකරන්ව මහින්ද ඉස්සරහ දණ ගැස්සුවා. "මුගෙ මාංචු ගලවපිය" කියල ඊළඟට කිව්වා. හමුදා නිලධාරියා ඒකට කැමති වුණේ නැතිව "සර්?" කියල ප්‍රශ්නාර්තයෙන් ඇහුවා. "ඒක ඕඩර් එකක්". එසැනින්ම ප්‍රභාකරන්ගේ මාංචු ගැලවුවා. මට පොඩි බයක් ආවා දෑතම නිදහස් නිසා ප්‍රභාකරන් ජනාධිපති මහින්දට අනතුරක් කරාවිද කියල. ප්‍රභාකරන් නැගිටින්න හදනකොටම ජනාධිපති මහින්ද ප්‍රභාකරන්ට පයින් ගැහුවා. ගහල ඇහුවා "මගේ මිනිස්සු මෙච්චර කල් මැරුවෙ මොකද බල්ලො" කියල. මම ඒක බල්ලො හෙවත් නායි කියල කියන්නේ නැතිව විනීත ලෙස පරිවර්තනය කරලයි ඇහුවේ. ඒකටත් ප්‍රභාකරන් උත්තර දුන්නේ නෑ. තොල පැලිලා වැක්කෙරෙන ලේ බින්දු පිහිදමින් බිම බලාගෙන හිටියේ. මහින්ද කිව්වා "මම හිතුව හරි. අහිංසක දරුවන්ව ගෑණුන්ව බෝම්බ බන්දලා සයනයිඩ් කරල් උන්ගේ ඇඟේ එල්ලලා කොළඹට එවද්දී උඹ මුලතිව් මහ කැලේ හැංගිලා සැප විඳිමින් හිටියෙ උඹ පොන්නයෙක් හින්දයි"... ඊට පස්සේ "නැගිටපිය බල්ලො" කියමින් දිගින් දිගටම අතින් පයින් ප්‍රභාකරන්ට පහර දුන්නා. ඒ පහර දෙන විලාශය අනුව ජනාධිපති මහින්ද, අපේ දෙමළ සටන් කලාවන්ට ටිකක් සමාන අද්භූත සටන් කලාවක් පුහුණුව සිටින බව මට තේරුණා. ප්‍රභාකරන්ට පෙරලා පහර දෙන්න තියා නැගිටගන්නවත් පන නෑ කියල තේරුණාම ජනාධිපති මහින්ද යන්න හැරුණා. යන්න හදමින් කමිසය අඳින ගමන් කිව්වා "මෙහෙන් නේටෝ එකෙන් අහනවා. අරෙහෙන් ඉන්දියන් එම්බසියත් කෝල් කරනවා. මම ෆෝන් ඕෆ් කරගෙන ඉන්නෙ. 89 දි වගේ ආයිත් මේ වදේ ඉතිරි කරන්න බෑ හරි?" හමුදා නිලධාරියා සීරුවෙන් සිටිමින් "යස් සර්" කිව්වා. ඊට පස්සේ ජනාධිපති මහින්ද ආයිත් කිව්වා "මූ පොන්නයෙක් වුනත් අපි එහෙම නෑ. කර උඩින් ගේන්න ඕන. හරි". ඒකටත් හමුදා නිලධාරිඅය "ඕකේ සර්" කිව්වා.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා මෙලෙස පාතාල චණ්ඩියෙක් විදිහට හැසිරෙන හැටි දැක්කාම මට හිතාගන්න බැරි වුණා. ජනාධිපති රාජපක්ෂ ගැන මට තිබුණ ගෞරවය බියක් බවට පරිවර්තනය වුනේ එදා ඉඳලයි. පසු කාලයදී "ශ්‍රිලනිපය නැගෙනහිර දිනවන්න ඔබට පුලුවන්ද" කියල මගෙන් ඇහුවාම මම දෙපාරක් නොහිතා ශ්‍රිලනිප යට ගියෙත් ඒ නිසයි. ඔබ කලින් මගෙන් ඇහුවා ඇයි මාවම මේ පරිවර්තන වැඩේට යොදා ගත්තෙ කියල. ඊට හේතුව වුණේ ප්‍රභාකරන් අඩුම තරමින් කට අරින්නේ මම ඇහුවොත් විතරයි කියල ජනාධිපති මහින්ද හිතපු නිසයි.

    ප්‍රශ්නය:ප්‍රභාකරන්ව දණ ගස්සවලා පයින් ගහන්න තරම් ශ්‍රී ලංකා රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝත්‍රික සහ ම්ලේච්ඡ වුණේ ඇයි?
    පිළිතුර: ඒ ගැන මම හරියටම දන්නෙ නෑ. සමහරු කියනවා "යුද්ධ නවත්වනවා ද?" කියල අහපු වෙඩි වැදිලා පණ අදින හමුදා සෙබලෙකුට ජනාධිපති මහින්ද පොරොන්දු වෙල තියෙනවාලු "ප්‍රභාකරන්ව ළඟට ගෙනල්ලා දණ ගස්සලා තමයි යුද්ධෙ නවත්වන්නේ" කියල. ඒකේ වීඩියෝ එකක් මමත් දැකල තියෙනවා. කොහොම නමුත් සිවිල් ජනාධිපතිවරයෙක් යුධ සිරකරුවෙක්ව ගෙනවිත් පහර දිම නීති විරෝධීයි.

    ප්‍රශ්නය: ප්‍රභාකරන්ගේ ඒ සිද්ධිය එතනින් ඉවරද?
    පිළිතුර: නෑ. පසුදා මාවත් යාපනයේ සිට බෙල් හෙලිකොප්ටරයකින් වෙල්ලමුල්ලිවෛක්කාල් වෙත රැගෙන ගියා. එතනදී මම දැක්කා ප්‍රභාකරන්ගේ මිනිය බිම දාපු මැස්සක් උඩ දිගා කරල තියෙනවා.ඔහුව මැරුවේ කවුරු විසින්ද කියල මම දන්නේ නෑ. සමහරු කිව්වා හමුදවෙන් වෙඩි තියල මැරුව කියල. ටැමිල් ඩයස්පෝරා එකෙන් කිව්වා මහින්දම පිස්තෝලෙන් වෙඩි තියල මැරුවා කියල.

    ද්‍රෝහී වුණා කියල ප්‍රභාකරන් මගේ මල්ලිවත් මරල තියෙනවා. මම ඔහුට වෛර කළා. ඒත් මැරිල ඉන්න මගේ හිටපු නායකාය දැක්කාම මට කණගාටුවක් ඇතිවුණා. දෙමළ අපි තනි වුනා කියල දැනුනා. ඒක වචනයෙන් කියන්න බැරි හැඟීමක්. වර්තමානයේදී මහින්ද රාජපක්ෂට වෛර කරන සිංහල අයට වුනත් මහින්දව යම් විදිහකින් සදාම් හුසේන්ට කළ විදිහට ජිනීවා වලදී එල්ලල මැරුවොත් ඒ හැඟීම දැනේවි.

    උසස් හමුදා නිලධාරියෙක් එතනට ඇවිත් "මේ කවුද කියල අඳුන ගත්තද?" කියල මගෙන් ඇහුවා. මම කිව්වා "ඔව් ඒ ප්‍රභාකරන්" කියල. මිලිටරි පොලිස් නිලධාරියෙක් ඒක සටහන් කරගත්තා. ප්‍රභාකරන්ව හමුදාවේ අය කරට උඩින් තියාගෙන එතනට ගෙනාපු බව මට ඒ වෙලාවේ දැනගන්නට ලැබුණා.
    Ko Ban Thola Palila Nahane??????:confused::confused::confused:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම මහින්දයට කොහොමත් කැමති නෑ... මේ කතාව ඇත්ත නම් මහින්ද කරලා තියෙන්නේ හොද වැඩක් ඕකට ඔහොම පයින් ගහලා මදි..අපේ කොල්ලන්ට කරලා තියන දේවල් වල හැටියට..ඕකට සලකලා තියනවා හොද වැඩි.. කරුණ කියන්නේ රෙන ටික ආයත් පිගනකට ගෙන කන වේ#ගේ පුතෙක්..ලංකාවේ ගොඩක් දේශපාලකයෝ වගේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මහින්ද ඔය ටික කළා නම් ඇත්තටම හොඳයි, ඔය පරයව ගාලු කොටුවේ එල්ලන්න තිබ්බේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හීනියට ගංකබරයාට ලකුණු දානවා කරුණා අම්මාන්. :lol:
    ප්‍රභාකරන්ව අල්ලගත්තට පස්සෙ යාපනේ ජනාධිපති මන්දිරේට නෙවෙයි ගෙනාවෙ :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඕව හැබයි යුද අධිකරණ වලට යන ප්‍රශ්න
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    balapan,karunage malliwa marala,uwa maranna bomba thiyala,uge team eke unwa maruwath,kochchara balukam kupadi kam karath,kochchara podi ewunwa LTTE ekata gaththath,u anthima mohotheth duk wenawa e unge leader kiyala,e demalunge leader kiyala...

    ekata sinhalu...

    :(:(
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගයාන් ලක්මාල්;18710920 said:
    යකෝ ඔතන මහිනද නෙමෙයි මම හිටියත් කරන්නෙ ඕකමයි

    මම මහින්දයට කොහොමත් කැමති නෑ... මේ කතාව ඇත්ත නම් මහින්ද කරලා තියෙන්නේ හොද වැඩක් ඕකට ඔහොම පයින් ගහලා මදි..අපේ කොල්ලන්ට කරලා තියන දේවල් වල හැටියට..ඕකට සලකලා තියනවා හොද වැඩි.. කරුණ කියන්නේ රෙන ටික ආයත් පිගනකට ගෙන කන වේ#ගේ පුතෙක්..ලංකාවේ ගොඩක් දේශපාලකයෝ වගේ

    මහින්ද ඔය ටික කළා නම් ඇත්තටම හොඳයි, ඔය පරයව ගාලු කොටුවේ එල්ලන්න තිබ්බේ

    ඔව් බන් මිනිහා මෙතන ටිකක් මානුෂිය විදිහට හැසිරිලා තියෙන්නේ ..මැරුවත් කන්න දීල මරල තියෙනේ ..මම උන්නනම් ඔතන ඕකගේ හැම ගහලවනවා පණපිටින්
    පැටියා;18710985 said:
    හීනියට ගංකබරයාට ලකුණු දානවා කරුණා අම්මාන්. :lol:
    ප්‍රභාකරන්ව අල්ලගත්තට පස්සෙ යාපනේ ජනාධිපති මන්දිරේට නෙවෙයි ගෙනාවෙ :lol:

    එහෙනම් ?? අයි බන් උබල හැම දේම දේශපාලනයත් එක්ක ගාව ගන්නේ ..උබලට වටින්නකමක් නැද්ද බන් යුද්දේ දිනපු එක ගැන ..උබ යුද්දේ කලේ ලංකාවේ නෙමෙයි ද හිටියේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් ?? අයි බන් උබල හැම දේම දේශපාලනයත් එක්ක ගාව ගන්නේ ..උබලට වටින්නකමක් නැද්ද බන් යුද්දේ දිනපු එක ගැන ..උබ යුද්දේ කලේ ලංකාවේ නෙමෙයි ද හිටියේ

    මම 2007 ඉඳං 2009 වෙනකං ලංකාවෙ නම් නෙවෙයි හිටියෙ :dull:
    පොඩ්ඩක් හිතපං ඇයි මේ වෙලාවේ මේ කතන්දර එලියට දාන්නෙ කියලා? දේශපාලන වාසි ගන්නනෙ බං. තොත්ත බබාල වගේ කතා කරන්න එපා. යද්ධෙ දිනපු එකට සේනාධිනායකයට හිමි ගෞරවය මහින්දට දෙන්න ඕනෙ ඒ ගැන විවාදයක් නෑ. හිඟන්නගෙ තුවාලෙ වගේ අවුරුදු 6කට පස්සෙත් මේවා මාකට් කරන එකයි අවුල :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කියන්න තියෙන්නේ එක ම දෙයයි.....
    අවස්ථාවාදී පරයා පරය ම තමා.......
    කිලෝ නොවැම්බර් ඉවරයක් කරන්න අවස්ථාවක් නොලැබීම ගැන කණගාටු වෙමි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එළාරව මැරැවෙත් දුටුගැමුණු රජතුමා විසින්මයි.ඉතිහාසය පුනරාගමනය වූ වගයි.මෙය මෙසේම වූවානම් මහින්ද සැබෑම වීරයෙක්.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එළාරව මැරැවෙත් දුටුගැමුණු රජතුමා විසින්මයි.ඉතිහාසය පුනරාගමනය වූ වගයි.මෙය මෙසේම වූවානම් මහින්ද සැබෑම වීරයෙක්.

    ha ha ha pixu hadenawa ban ubalage manasikathwe dakkama
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පැටියා;18711007 said:
    ම 2007 ඉඳං 2009 වෙනකං ලංකාවෙ නම් නෙවෙයි හිටියෙ :dull:
    පොඩ්ඩක් හිතපං ඇයි මේ වෙලාවේ මේ කතන්දර එලියට දාන්නෙ කියලා? දේශපාලන වාසි ගන්නනෙ බං. තොත්ත බබාල වගේ කතා කරන්න එපා. යද්ධෙ දිනපු එකට සේනාධිනායකයට හිමි ගෞරවය මහින්දට දෙන්න ඕනෙ ඒ ගැන විවාදයක් නෑ. හිඟන්නගෙ තුවාලෙ වගේ අවුරුදු 6කට පස්සෙත් මේවා මාකට් කරන එකයි අවුල :)

    එහෙනම් කට වහන් ඉදින් ..! මෙතන උබ කතා කරන මඩ දේශපාලනේ ට වඩා දෙයක් තියනවා
    මේක මහින්ද යුධ අඩුකරනෙට ගෙනියන්න දරන උත්සාහයක් වෙන්නත් පුළුවන් නේ