මහින්ද ප්‍රභාකරන් වෙයි

yuniko

Banned
May 23, 2011
103
24
0
මහින්ද ප්‍රභාකරන් වෙයි

2078Sewwandi_Student_Harressed_J.jpg
 

yuniko

Banned
May 23, 2011
103
24
0
කොටි නායක ත්‍රස්ත්‍රවාදීයාගේ පාරේ යමින් මහින්ද සමාන්‍ය ජනතාවට හමුදා පුහුනුව දීමට පටන්ගෙන ඇත.ප්‍රභාකරන් සමාන්‍යය ජනතාවට බලයෙන් හමුදා පුහුනුව දෙන ලදී.මෙය කරේ ඔහුව සාමන්‍ය ජනතාව යුද්ධයට යොමු කර ආරක්ෂාවීමටය.අද මහින්දද ත්‍රස්තවාදියෙක් වෙමින් එක්සත් ජාතීන්ගේ හමුදාවට බියෙන් සාමන්‍යය ජනතාවට හමුදා පුහුනුව දීමට පටන් ගෙන ඇත.මෙය සරසවි සිසුන් හමුදා පුහුනුව ලබන අයුරුවේ.
.
 
Last edited:

yuniko

Banned
May 23, 2011
103
24
0
කඳවුරුවලදී සිසු ජීවිත මාරාන්තික අනතුරුවල - සංජීව බණ්ඩාර

2011 ජූනි 04 වෙනි සෙනසුරාදා, 22:52 Sri Lanka Mirror Editor



Sewwandi_290px_11-06-04.gif

ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සිසුන් මාරාන්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද (ජූනි 04) පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසීය.

මීට පෙර වාර්තා වූ සර්පයන් දෂ්ඨ කිරීම, වල් අලින් පහරදීම, ආහාර විෂවීම යනාදී සිදුවීම්වලට පසුව වාර්තා වන හදකම්පා කරවන සුඑ සිදුවීමක් වාර්තා වන්නේ මාදුරු ඔය හමුදා කඳවුරෙන් බව ඔහු කීය.

අභියෝගතා ජයග‍්‍රහණයට හුරු කරවීම යනුවෙන් ජූනි 01 වැනිදා ආරම්භ කළ නව පාඨමාලාවකදී ටයර් යටින් රිංගා යෑම, පලංචි උඩ නැගීම, කම්බි වැටවල් යටින් බඩ ගා යෑම, අඩි හයක් උස තාප්පයකින් පැනීම, අඩි හයක් ගැඹුරු වලකට උඩින් පැනීම එහිදී සිසු සිසුවියන්ට කිරීමට සිදුව තිබූ බව බණ්ඩාර මහතා පැවසීය.

එහිදී කේ.කේ. සෙව්වන්දි නම් ශිෂ්‍යාව තාප්පයකින් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූකර අසල ඇති වූ ආබාධයක් නිසා රෝගී වී ඇති අතර, මෙම හිරිහැර දරාගත නොහැකිව උණ සන්නිපාතය වැළදී සිටි තවත් ශිෂ්‍යාවක සමඟ ඇය අරලගන්විල රෝහලට ඇතුළත් කර ඇත.

සිසුන් දෙදෙනාගේ තත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරු විසින් ඔවුන් පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇතත්, ඔවුන්ගේ නිවෙස්වලට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ඔහු කීය.

වළලූකර අසල තුවාල ලැබූ ශිෂ්‍යාවගේ දෙමව්පියන් රෝහලට පැමිණ ඇත්තේ ඇය නිවසට කතා කිරීමෙන් අනතුරුවයි.

ඇය ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙන අතර, වෙද්‍යවරුන් පවසන්නේ ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට නම් මාස තුනක් පමණ ප‍්‍රතිකාර ලබා ගත යුතු බවයි.

තමන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් නොදුන්නේ ඇයි දැයි හමුදා නිලධාරීන්ගෙන් දෙමාපියන් ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙය ගණන් ගන්නට තරමි දෙයක් නොවූ නිසා දැනුම් නොදුන් බවයි.

ඇයට අමතරව ජුනි මස පළමු වැනි දින තවත් ශිෂ්‍යාවන් පස්දෙනෙකුද රෝහල්ගත කර තිබේ. ඉන් තිදෙනෙකුට බරපතල ලෙස මානසික ආතතිය ඇතිවීම නිසා සාමාන්‍ය ජීවිතයේ කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
එසේම පසුගිය සති දෙකක පමණ කාලය තුළ අරලගංවිල, පොළොන්නරුව හා ඒ අවට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 20 කට වඩා අධිකය.

මෙම සිදුවීම් තුළින් ඉතා හොඳින් පැහැදිලි වනුයේ හමුදා කඳවුරු අද වන විට සිසුන්ට වදකඳවුරු බවට පත්ව ඇති බව යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු කීය.

කොතරම් සිදුවීම් සිදුවුවද සිසුන් විශාල පීඩාවකින් පසුවුවද දෙමාපියන්වත්, සිසුන්වත් මේ කිසිවක් ජනමාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවෙකු වෙත වාර්තා නොකරන්නේ, එම කඳවුරුවලදී ඉහළ නිළධාරීන් සිසුන්ට තර්ජනය කර ඇති නිසාවෙනි.

වළලූකරෙහි ආබාධය ඇති ශිෂ්‍යාවට කුමන හෝ හානියක් සිදුවුවහොත් මෙසේ තර්ජන ගර්ජන කරන නිළධාරීන් සහ ආණ්ඩුව එහි වගකීම මුළුමනින්ම භාරගත යුතු බව බණ්ඩාර මහතා කීය

 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
:growl::growl: මන්නම් කියන්නෙ ලංකාවෙ හැම එකාටම අඩුම තරමෙ අවුරුද්දකවත් යුද පුහුනුවක් ලබා දෙන්න ඕනි. :growl::growl:
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අනේ මේ මචං උදේ පාන්දර මෝඩ කතා නොකර ඉන්නවද:dull:කරුණාකරල
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඉතින් මොකද යකො එහෙම පුහුණුවක් දුන්නාට ඇති වැරුද්ද? පුහුණුවෙනකොට වැටෙනවා කරඩෙනවා බිදෙනවා එන අසාමන්්‍යය නැ
 

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    LOL JVP propaganda,,, common guys get these out of the box make them bloody do something, make them usable and multi talented
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    machan mama aanduwata paksha kenek nam nemei.....oya deeshapaaluwo nam mata penna be.....eth ban me wage puhunuwak weddi oya wage dewal wenawa...eka normal deyak......umba iskole sports karapu ekek nam newei machan....yako iskoledi wenawa meeta wada amaru dewal......me wage deyak wath karaganna bari nam uni gihin wadak ne thamai.....mamath uni student kenek..ekai baya nathuwa kiyanne...anika machan England wala raja pawle unuth yanawa meeta wada godak amaru military training walata.....eka nisa nikan moda thread danna epa machan....aparade
     

    randula01

    Member
    Dec 2, 2006
    18,024
    30
    0
    44
    President House
    ඉතින් මොකද යකො එහෙම පුහුණුවක් දුන්නාට ඇති වැරුද්ද? පුහුණුවෙනකොට වැටෙනවා කරඩෙනවා බිදෙනවා එන අසාමන්්‍යය නැ

    100% true,
    pissoth ekkka kathakarala wedak nae................bro,
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    :growl::growl: මන්නම් කියන්නෙ ලංකාවෙ හැම එකාටම අඩුම තරමෙ අවුරුද්දකවත් යුද පුහුනුවක් ලබා දෙන්න ඕනි. :growl::growl:

    :yes::yes::yes::yes: ඇත්ත මමත් කැමතියි හමුදා කදවුරක යුධ හමුදා පුහුනුවට එකෙ ඇති කිසිම වැරද්දක් පෙන්නෙ නැ සුලු සුලු දෙවල් වෙනව ගනන් ගන්ඩ එපා