මහින්ද පොහොට්ටුවන් ගමට පන්නයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජ පක්ෂ සහ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    ‘නිකම් බොරුවට අපේක්ෂකයන් පස්සේ දුවන්නේ නැතුව වැඩ කරන්න’ යැයිද දෙදෙනා එහිදී පවසා ඇත.

    දෙදෙනා මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේදී තමන් හමු වූ අවස්ථාවේදීය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසුණේය.

    එම දෙදෙනා හමු වී ඇති මන්ත්‍රී කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය සහාය දෙන්නේ කාටදැයි විමසා ඇති බව දැනගන්නට ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය පක්ෂයේ සියලු දෙනා සාමූහිකව රැස්වී ගත යුතු තීරණයක් බවයි.

    පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී කාටත් එකඟ විය හැකි පොදු තීරණයක් ගනු ඇතැයි ද දෙදෙනා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    @N A K A M U R A
    @2osama
    @asanka+++
    @hirashgeff
    @netudara podi hujja kolla
    @John Dutton AKA @nicjosh83

    methana idan nikan gu nala nondi wenne nathuwa ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී weda karapalla
     

    Similar threads